
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත මාධ්‍ය දඩයමක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුව පත්වී වසරක් තුල සිදුවන මේ බරපතල ප්‍රහාරය හෙලා දකින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටියේ පක්ෂ නායක කාර්යාලයේ දී අද(18) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.
"මේ ආණ්ඩුව පත්වෙලා වසරක් සම්පූර්ණ වෙලා තිබෙනවා. ආණ්ඩුවේ අසමත්කම හැම තත්පරයක් ගානෙම දැන් ඔප්පු කරමින් ඉන්නවා.
තමන්ව විවේචනය කරන මාධ්‍ය ඉලක්ක කරගෙන දැඩි මර්ධනයක් දැන් ආණ්ඩුව ආරම්භ කරල තියෙනවා. මාධ්‍යවේදීන් සිරගෙදරට ගෙනයන මාධ්‍ය දඩයමක් ආණ්ඩුව කරගෙන යනවා. කිසිසේත්ම ඒ දඩයමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඊට එරෙහිව අපි සටන් කරනවා.
කරුණාකරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. කොයිම ආකාරයක හෝ මාධ්‍යට එරෙහිව දියත් වෙන මර්ධනයට සහ බලපෑමට අපි විරුද්ධයි. මින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කරනවා.
පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ආණ්ඩුවේ මර්ධනය උග්‍ර වෙලා තිබෙනවා.
මේ අත්අඩංගුවට ගැනීම් තුළින් අදහස් ප්‍රකාශ කරන පරිශිලිකයන් බියවැද්දීමට උත්සහ කරන්නේ නම්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට එල්ලකරන ප්‍රභල පහරක් විදියට අපි දකිනවා.
මට නිර්දය ලෙස මාධ්‍ය ප්‍රහාර එල්ල කරලා තියෙනවා. එහෙත් අපි කවදාවත් මාධ්‍යට එරෙහි වෙලා නෑ. අපිට විවේචන දරා ගැනීමේ සංවරය සහ ශක්තිය තිබිය යුතුයි.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වෙත ආණ්ඩුවේ දැඩි මර්ධනය යොමුවෙලා තියෙනවා.
මේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිත කොට පෝෂණය කරන බව ඉතා පැහැදිලිව සදහන් කොට තිබෙනවා. සියලු වාරණ ඉවත් කරනවා කියලා තිබෙනවා. නමුත් වසරක් යන්නත් පෙර ඒ සියල්ල බොරු වෙලා ඉවරයි.
අපි ආණ්ඩුවට කියනවා විවේචන වලට සවන් දෙන්න.ඒවාට ඉඩ දෙන්න. ඔවුන්ගේ නිදහස අහුරන්න එපා. සමාජ මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ ත්‍රස්තවාදය නවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා ඇති. එය ක්‍රියාවෙන් ඔප්පු කරන්න."යැයිද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියා රට පාලනය කළ යුගයේ මෙන් මාධ්‍ය නිදහස ලබාදෙන්න.
රිචඩ් සොයිසා දෙකොනින්ම හිනාවෙනවා ඇති මේවා අහලා. පව් එයාගේ අම්මා මොන තරම් දුක් වුණාද ඒ ගැන...?
රජයේ වෛද්‍යවරුන් මලු හොඳින් පිස ආහාරයට ගන්නා මෙන් පුනපුනා මාධ්‍ය වලින් ජනතාව දැනුවත් කරද්දී සජිත්ගේ දුරකථන පක්ෂයේ සමාජිකයකු හම්බන්තොට සමාජිකයා රටේ ජනතාවට මාළුකෑම පිළිබඳව ජනමාධ්‍යය ඉදිරියේ අපූරු රඟපෑමක් කළේය. ඔහු අමුවෙන් මාලු කෑවේය. මේ ආකාරයට මාලු කන්නේ සතුන් වුවත් ඔහුගේ තර්කය වූයේ ඔහුගේ මෙම ක්‍රියව නිසා මාලු නිකන් ජනතාව මාළුකෑමට වැඩියෙන් නැඹුරු වූ බවකි. ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් පවා මාධ්‍ය ඉදිරියේ පුන පුනා කියා සිටිනුයේ මන්ත්‍රීවරයාගේ අමු මාලු කෑමේ ක්‍රියාව සජිත් ඇතුළු පිරිස ඉහළින් අගය කළ බවකි. කවුරු මොනවා කෙසේ කිව්වත් රටේ ජනතාව මේ පිළිබඳව දරන අදහස ඔවුන්ගේ මුවින්ම ලබාගැනීමට ජනමාධ්‍යයට හැකිනම් මාලු කෑම පිළිබඳවත් මාලු වෙළඳාම ඉහළයාම පිළිබඳවත් සත්‍ය සොයා ගැනීමට හැකියාව පවතී...
ටෙනිස් ගහන පින්තූරයක් ගත්ත කෙනාව මතක් වුණා.