
ඉකුත් මහ මැතිවරණයෙදී සමගි ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අමිල ප්‍රසාද් සිරිවර්ධන සමග කළ සාකච්ඡාවකි.
ඔබ පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුද්දකට කිට්ටුයි. හිතෙන්නේ නැද්ද ‘ටියුෂන්’ කරගෙනම හිටියානම් හොඳයි කියලා
පිළිතුර:- පෞද්ගලිකව මං ගැන හිතන හැම මොහොතකම ඔය සිතිවිල්ල මට එනවා. ඕනෑම කෙනෙක් පොදු දේවල් හිතන අවස්ථා තියෙනවා. පෞද්ගලික දේවල් හිතන අවස්ථා තියෙනවා. මගේ පවුල මගේ පෞද්ගලිකත්වය ගැන හිතද්දී වරින් වර හිතෙනවා. ඇයි මේ වගේ දේකට යන්නේ? මම කරගෙන හිටපු වැඩේටම මුළු කාලයම යෙදෙව්වානම් හොඳයි කියලා පොදු ජීවිතය ගැන හිතද්දී අරක අමතක කරලා යන්නේ. එහෙම නැත්නම් ටියුෂන් කරන එක ආර්ථිකයට වාසියක්. නිදහසට වාසියක්.
ටියුෂන් ගුරුවරයා මෙන්ම දේශපාලනඥයාත් කාර්ය බහුලයි. මෙතැනදී ශිෂ්‍යයන් ප්‍රධානයි. ඔබට පුළුවන්ද ඔබෙන් ඉගෙන ගන්න දරුවන්ට සාධාරණය ඉෂ්ට කරන්න?
පිළිතුර:- මම අද වෙනකොටත් සිලබස් එක ඉවර කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම වැඩේ හරියට කරලා කියන එකනේ. මේ ගෙවුණු අවුරුද්ද තුළ මම එක දවසක්වත් පංති නොගිහින් ඉඳලත් නෑ. කලින් පංති ඉවර කරලත් නෑ. ටියුෂන් ගුරුවරු ප්‍රධාන වශයෙන් අධික ධාරිතාවෙන් වැඩ කරනවා. සාමාන්‍ය කෙනෙක් වැඩ කරන පැය ගාණට වඩා වැඩි පැය ගාණක් වැඩ කරලා තමයි ලොකු මුදලක් උපයන්නේ හොඳ වාහනයක් පාවිච්චි කරන්නේ. හොඳ ගෙයක් හදාගන්නේ. මම ඒ වැඩි කාලයක් වැඩ කරන්න පුරුදු වෙච්ච කෙනෙක් නිසා මට කාලය බැලන්ස් කර ගැනීමේ ප්‍රශ්නයක් නෑ.
ඔබ දේශපාලනයට එන්නේ මොන අරමුණෙන් ද?
පිළිතුර:- දේශපාලනයේ අවසන් අරමුණ ගැන කියනවානම් මිනිස්සු කියන්නේ ‘‘අපි හම්බ කළොත් අපි කනවා’’ කියලා. මිනිස්සු දන්නේ නෑ. ඒක මිනිස්සු මත රඳා පවතින්නක් නොවෙයි දේශපාලනය මත රඳා පවතින එකක් කියලා. ජනතාව කන්නේත් ජීවත් වෙන්නෙත් මේ රටේ දේශපාලනඥයන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට අනුවයි. එහෙමනම් ජනතාවට මීට වඩා සැපවත් ජීවිතයක් අවශ්‍යනම් ඒ සඳහා දේශපාලන මැදිහත්වීමක් අවශ්‍යමයි. ඒ අදහස හැර වෙනත් කිසිම අදහසකින් මම දේශපාලනයට සම්බන්ධ වුණේ නෑ. රටේ ආර්ථිකය මීට වඩා පහසු තැනකට ගෙන යා යුතුයි. හැබැයි, මේ රට ධනවත් රටක් බවට පත්වනතුරු දේශපාලනයේ ඉන්නවා කියලා අදහසක් මට නෑ.
ඔබේ පිළිතුර අපැහැදිලියි ?
පිළිතුර:- නෑ මගේ ඉලක්කයෙ මැලේසියාව වගේ මැදි ආර්ථිකයක් තියෙන රටක් බවට මේ රට පත් කිරීමයි. සරලව කිව්වොත් ඒක පුද්ගල ආදායම ඩොලර් දොළොස්දාහ ඉක්මවා ගිය ආර්ථිකයක්. දළ දේශීය නිෂ්පාදනය ඩොලර් මිලියන 400ක වගේ ඉලක්කමකට ගිය ආර්ථිකයක් කියන තැනට යනකම් විතරයි මම දේශපාලනයේ රැඳී සිටින්නේ.
මේ ආණ්ඩුවට පුළුවන්නම් 2029 දී ඒක කරන්න ඒ එන මැතිවරණයට මම ඉදිරිපත් වෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුවට ඒක කරන්න බැරිනම් ඒක කරන්න පුළුවන් කණ්ඩායමක් එක්ක එකතු වෙනවා. මේ ආණ්ඩුව ඒ ඉලක්කයට යනවා කියලා පේනවානම් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා. මම ඇවිත් ඉන්නෙට නම් රටේ ආර්ථිකය ගොඩ නැගීම කියන ව්‍යාපෘතිය සඳහා ජනතාවගේ මතය වෙනස් කිරීම සඳන්නයි.
මම ජවිපෙ කට්ටිය වගේ අනුන්ගෙන් ඉල්ලගෙන කන්නේ බොන්නේ නෑ. මේ සියලුම වැඩ අස්සෙත් මම මගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන යන කෙනෙක්. අද ජවිපෙට වෙලා තියෙන්නෙ. ඒ ගොල්ලන්ට දක්ෂ මිනිස්සු නෑ. දක්ෂ මිනිස්සු එන්නේ නෑ. දක්ෂ මිනිසුන්ට ඒ වැඩේ කරන්න අවශ්‍ය පහසුකම් දිය යුතුයි.
ඔබ ඔබේ අරමුණ වෙනුවෙන් සමගි ජනබලවේගය තෝරා ගත්තේ කුමන පදනමකින් ද?
පිළිතුර:- මේ රටේ ප්‍රශ්නය ආර්ථිකය නම් ඒ ප්‍රශ්නයට විසඳුම් තියෙන්නේ එකයි. ඒ තමයි වෙළෙඳ පොළ ක්‍රමය ඒ හරහා යමින් පමණයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නේ. ආර්ථිකය තව තවත් ලෝකයට විවෘත කරන්න ඕනෑ. ඒ විවෘත කිරීම අතරතුර යම් රාජ්‍යමය මැදිහත් වීමක් කරන්න ඕනෑ. පෞද්ගලික අංශයට’ මුදල් උපයන්න අවස්ථාව දෙන්න ඕනෑ. මේ ආර්ථිකය විවෘත කිරීමේ දී ජනතාවට ඇතිවන ප්‍රශ්නවලට රජය අවම මැදිහත් වීමක් කළ යුතුයි.
ආර්ථිකය විවෘත කරන්න. විවෘත ආර්ථිකය පිළිගන්න ලංකාවේ සියලුම දේ නිෂ්පාදනය කරන්න බෑ කියලා පිළිගත්ත ලෝකයට මේක විවෘත කරනකම් ආර්ථිකයට විසඳුම් නෑ කියලා පිළිගන්න එකම දේශපාලන පක්ෂය සමගි ජනබලවේගයයි. අසම්වාදි නොවන ජනතාවාදි නොවන ජනතාවගෙන් තෝරාගත් පිරිසකට වෛරය වපුරලා එමගින් බලය ගන්න උත්සාහ නොකළ එකම දේශපාලන පක්ෂය සමගි ජනබලවේගයයි.
මේ කියන නිර්ණායක තියෙනවනම් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරයි. නමුත් දැන් ඒක දුර්වල තත්ත්වයක්. ඒ නිසා ඒ දුර්වල පක්ෂය හරහා මගේ මතය රටට ගෙනියන්න බෑ. ඒ නිසා තමයි මම සමගි ජනබලවේගය තෝරා ගත්තේ.
ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙනකොට බිමේ බලය තිබුණේ මාලිමාවට. රට තුළ තිබුණේ මාලිමා රැල්ලක්. ඡන්දෙට එන්න බයක් ඇති වුණේ නැද්ද?
පිළිතුර:- භය කියන එක දැනෙනවා ඇති කලින් මේ තරගයට මුහුණ දුන්න කෙනෙකුට මම මීට කලින් මේ තරගයට මුහුණ දීලා නෑ. ඒ නිසා එය පිළිබඳ ප්‍රශ්නයක් ආවේ නෑ. මට නැති වෙන්න තිබුණේ නෑ. දිනාගන්න ජයග්‍රහණයක් විතරයි තිබුණේ. මගේ ජීවිත කාලය තුළ මම අහිතකර පිට්ටනිවල සෙල්ලම් කරලා තමයි මම මේ තැනට ආවේ. නමුත් මට මේක හිතකර ද අහිතකර ද කියන ප්‍රශ්නය තියාගෙනයි මං ආවේ. වැඩේ හරියට කළොත් දිනන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. දිනුවෙ නැත්නම් වැඩේ හරියට කරලා නෑ.
කුමන අභියෝග පිරි භූමියක වුණත් ඒ භූමියට ගැළපෙන පරිදි සැලසුම් ටික හරියට හදාගෙන වැඩේට බැස්සා.
ටියුෂන් එකේ සන්නාමයක් වෙච්ච සන්නස්ගලට බැරි වෙනවා 2015 මහ මැතිවරණයෙන් දිනන්න. පළමු වරට මැතිවරණයකට ආපු ඔබ දිනනවා. මොකක් ද අදහස ?
පිළිතුර:- ඒක පිටියේ ස්වරූපය නේද? ඒ මොහොතේ පිටියේ තත්ත්වය හා මේ මොහොතේ තත්ත්වය මේකට බලපානවා. සන්නස්ගල සර් ඉල්ලන්නේ 2015 මහ මැතිවරණයට. ඒ වෙනකොට රටේ ජයග්‍රාහී පක්ෂය වෙලා තිබුණේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහි පක්ෂයකින් ඉදිරිපත් වෙනකොට ජනතාව හිතුවා වෙන්න පුළුවන් ඒ මොහොතේ දේශපාලන පරිසරය අනුව ඇමැතිකම් නියෝජ්‍ය ඇමතිකම් වෙන්න පුළුවන්. ඒ දිහා ඒ කාලයේ ජනතාව බලනවා. එහෙම බලනකොට සන්නස්ගල සර් වගේ අලුතෙන් ඇසු කෙනෙකුට උදව් කරලා හෝ ඡන්දය දීලා හෝ ඒ දෙනකෙනාට පෞද්ගලිකව යමක් ලැබෙන්නේ නෑ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා ජයග්‍රාහි පරිසරයක අත්වූ පරාජයක් හැටියට තමයි මම ඒක දකින්නේ. එහෙම නැතිව සන්නස්ගල සර්ගේ ප්‍රශ්නයක් නොවෙයි.
මගේ ජයග්‍රහණයට ජනතා විමුක්ති පෙරමුණ බෙහෙවින් ඉවහල් වුණා. එහෙම නැත්නම් මට දිනන්න බෑ කියලා මම දැනුත් විශ්වාස කරනවා.
ඒ ටිකක් හතර බිරි කතාවක්.
පිළිතුර:- නෑ ඒක වෙන්නේ මෙහෙමයි. මම ඔයාලව පාවිච්චි කළා. මගේ ජයග්‍රහණයට. ඔයා මේ ඉන්ටර්විව් එකට මාව ගන්න මගේ ජනප්‍රියත්වය හේතු වෙනවා. නැත්නම් ගන්නේ නෑනේ. ජවිපෙ කට්ටිය දිගටම මට බණිනවා. කමෙන්ට්ස් දානවා වීඩියෝ කෑලි කප කපා දාලා මට ගහනවා. එහෙම වුණාම මට ආමන්ත්‍රණය නොවන ජනතාවක් මට ආමන්ත්‍රණය වෙනවා. දැන් මේ ඉන්ටර්විව් එකත් එහෙමයි. මේක ඇතුළේ තියෙන කෑලි අරගෙන මට ගහනවා. එතකොට නොබලන්න හිටපු අයත් මේක බලනවා. මම ජනතාව අතරට යන මාවතක් හැටියට මේක යොදා ගන්නවා.
අරගලය පැන නැගුණෙත් ජනාධිපති-වරණයේ දී හා මහ මැතිවරණයේ දී ජනතාව පරාජය කළේත් මජර දේශපාලනය. ඔබ තාමත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.
පිළිතුර:- නෑ මම එහෙම පෙනී ඉන්නේ නෑ. ජවිපෙ විසින් මේ ඇති කළ වෙනස් තත්ත්වයයි මම පාවිච්චි කළේ කියලයි මම කිව්වේ. . අරගලයට පස්සේ තමයි මං ජයග්‍රහණය කරන්නේ. අරගලයට මේ රටේ සමස්ත ජනතාවම දායක වුණා. ඒ වෙනස්කම තමයි මම නියෝජනය කරන්නේ.
මම ජවිපෙ කට්ටිය වගේ අනුන්ගෙන් ඉල්ලගෙන කන්නේ බොන්නේ නෑ. මේ සියලුම වැඩ අස්සෙත් මම මගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන යන කෙනෙක්. අද ජවිපෙට වෙලා තියෙන්නෙ. ඒ ගොල්ලන්ට දක්ෂ මිනිස්සු නෑ. දක්ෂ මිනිස්සු එන්නේ නෑ. දක්ෂ මිනිසුන්ට ඒ වැඩේ කරන්න අවශ්‍ය පහසුකම් දිය යුතුයි.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මම දිනුවේ ජවිපෙ නිසයි