
(අංජුල මහික වීරරත්න)
තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ ගාල්ලේ අවසන් ජනරැලි අමතමින් අද (18) පැවසීය.
ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුම හෙට (19) අත්සන් කරන බව කී ජනාධිපතිවරයා ලංකාව බංකොලොත් බවින් මිදීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ඡන්දය අවසන් වී සති දෙකක් ඇතුළත මූල්‍ය අරමුදල ලංකාවට පැමිණෙන බවද සඳහන් කළේය.
අවසන් ජනරැළි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මම වසර දෙකකට පෙර මේ රටේ වගකීම බාර ගත්තේ රටේ තිබෙන ආර්ථික අර්බුදය විසඳන්නයි.2022 මැයි මාසයේ කවුරුත් රටේ වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කළා.අගමැතිකම භාරගන්න කියන කොට දිව්වා.
ජුනි මාසයේ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූ විට මම ජනාධිපතිකම බාරගත්තා.එදා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණා. අප රට බංකොලොත් යැයි ප්‍රකාශ කළා.
අපට විදේශ විනිමය තිබුණේ නැහැ. ඒ යුගය ගැන අලුතෙන් කිව යුතු නැහැ.මෙතන සිටින අනෙක් අය මට වඩා හොඳින් ඒ ගැන කියාවි.පෝලිමේ හිටපු නැති ගෙයක් හොයන එක කිසා ගෝතමිය අබ මිටක් හෙව්වාට වඩා අමාරු වේවි.
බංකොලොත් බවින් මිදීමේ පළමු අදියර මම අවසන් කර තිබෙනවා.මම මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කොට අපගේ ණය තිරසර බවකට පත් කර ලංකාව මධ්‍යම ආදායම් රටකට සුදුසු පියවරකට පැමිණියා.
එමෙන්ම අපට ණය දුන් රටවල් දාහතක් සමගත් චීනය සමගත් වැඩසටහනක් ඇරඹුවා. අදාල කණ්ඩායම් තුනෙන් දෙකක් සමඟ වැඩසටහන ඇරඹුවා.ණය බංකොලොත් බව නැති කරන්න තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමගත් ගිවිසුමකට එන්න තිබෙනවා.ඒ ගිවිසුමත් හෙට වන විට අවසන් කරන බව කිව යුතුයි.
මම මේ චන්දෙට එන්නේ මූලික යුතුකම් ඉටුකර මේ රටේ බංකොලොත් බව නිල වශයෙන් නැතිකර තිබෙන තත්ත්වයක් යටතේයි.
මම ආර්ථිකය ස්ථාවර කළත් එය තහවුරු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා තව වසර දෙක තුනක් අවශ්‍යයි .නැතිනම් ආර්ථිකය නාය යනවා. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළේ නැතිනම් ණය ගෙන නැවත රට වැටෙනවා. සැප්තැම්බර් 21 වැනිදා මා ඔබෙන් ඉල්ලන්නේ ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා වරමක්.
අපි මේ ගිවිසුම් පිළිගන්නවාද? නැතිනම් ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය කියන අයුරින් නැවත ගිවිසුම වෙනස් කරනවාද? ගිවිසුම අලුත් කරනවා නම් අපට ලැබෙන මුදල් නතර වෙනවා .එවිට අප බංකොලොත් භාවයෙන් මුදා ගත්තා කියා ප්‍රකාශ කෙරෙන්නේ නැහැ. අප සති දෙකකින් මූල්‍ය අරමුදලට පිළිතුරු දිය යුතුයි. ඒ පිළිතුර ලබා දෙනවාද?නැද්ද? යන කාරණය ලබන විසි එක් වෙනිදා ලබාදිය යුතුයි.
වසර දෙකකට පෙර අප බාර ගත්තේ අලුත් අත්දැකීමක්.ජනතාව ඡන්දය දී පත්කර ගත් නායකයන්ට ,ජන වරම තිබූ අයට ප්‍රශ්නය විසඳගන්න බැරි වුණා. සජබෙ දිව්වා.ජාතික ජන බලවේගය හොයා ගන්න බැරි වුණා.එහෙම අවස්ථාවක මට රට බාරගන්න සිදුවුණා.මම මේ ගැන ගොඩක් සිතුවා.
දේශපාලන ජීවිතයක් යනු අභියෝග පිරුණු ජීවිතයක්.සතුට මෙන්ම දුක තියෙනවා. හොඳ මෙන්ම නරක තිබෙනවා.
ප්‍රසිද්ධිය ලබනවා. මේ සියල්ල දේශපාලනයේ කොටසක්. ඒ ගැන මට හිතන්න තිබුණා.නමුත් ජනතාව වෙනුවෙන් මා රට බාර ගත්තා.
ජනතාව මා කෙරෙහි විශ්වාසය නොතැබුවත් මා ජනතාව කෙරෙහි විශ්වාසය තබා මේ අභියෝගය භාර ගත්තා. ලංකාව තිබුණේ ටයිටැනික් නැව වගේ ගිලෙන්න යන අවස්ථාවක. හැමතැනම හිල්. විදුලි බලය නැහැ. කපිතාල්ලා නැහැ.කොහොම හරි මම රට භාර ගත්තා .නැවේ හිටපු කීපදෙනෙක් සමග මා ඉදිරියට ගියා. දැන් කෙසේ හෝ අප හොඳ තැනකට ගෙනවිත් තිබෙනවා.නමුත් නැව තාම වරායට ගිහින් නැහැ.
නැව වරායට ගෙන යෑම සඳහා අප මේ වරම ඉල්ලනවා.වසර දෙකක් මේ වැඩකටයුතු අමාරුවෙන් කළා. රට වෙනුවෙන් තීරණ ගන්න සිදුවුණා. ඒ තීරණ අර ගත්තේ අනාගතයේ දෙස බලලා .මා ගත්ත තීරණ එකක්වත් ජනප්‍රිය තීරණ නොවේ . බදු වැඩි කරන්නට සිදුවුණා.
ණය ගන්න බැරි නම් ,මුදල් අච්චු ගහන්න බැරි නම්, බැංකුවෙන් මුදල් ගන්න බැරි නම් රට ගෙනියන්නේ කොහොමද? රුපියල ශක්තිමත් කරන්න ආදායම හොයාගත යුතුයි. සැමට ප්‍රශ්න තිබුණා .බඩු මිල දෙගුණයක් වූ අවස්ථාවේදී බදු ගහන්න සිදුවුණා .ගෙවල්වල එක වේලක් කන අය හිටියා. දරුවන්ගේ ටියුෂන් මුදල ගෙවන්නේ කොහොමද කියා සිතා බැලුවා.
අවසානයේ රුපියල ශක්තිමත් කරන්නට අපට හැකි වුණා .එවිට බඩු මිල යම් පමණකට අඩු වුණා අස්වැසුම ලබා දුන්නා.
සමෘද්ධිය වගේ තුන් ගුණයක දීමනාවක් ලබා දුන්නා. දැන් රජයේ සේවකයන්ගේ මෙන්ම පෞද්ගලික අංශයේ පඩි වැඩි කරනවා .එමෙන්ම මේ පැති වලට සංචාරකයන් එනවා. ටිකෙන් ටික ආර්ථිකය දියුණු වෙනවා.
නමුත් ආදායම සහ වියදම අතර තවමත් ප්‍රශ්නයක් තිබෙනවා .එන වසර වන විට ඔබේ ජීවන වියදම තවත් සැහැල්ලු කරනවා.මෙය නොකර හිටියා නම් රටේ ආර්ථිකය කඩා වැටී අමාරුවේ ඉන්න තිබුණා. අප කාටත් තිත්ත බෙහෙත් ගන්න අවස්ථා තිබෙනවා. මා කළේ එයයි .එයින් රට ශක්තිමත් වුණා.
ණය ගන්න වුනොත් තව වසර පහකින් ලොකු ප්‍රශ්නයක් එනවා.සංචාරක ව්‍යාපාරය, කෘෂි නවීකරණය මෙන්ම ආයෝජන කලාප බිහි කළ යුතුව තිබෙනවා.මේ සියල්ලකින්ම රැකියා උත්පාදනය කරන්න පුළුවන් .ඒ සඳහා පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහ තිබෙනවා.
අප අපනයන ආර්ථිකයක් වී විදේශය විනිමය අතිරික්තයක් ඇතිවන විට රුපියලේ වටිනාකම වැඩිවෙනවා අප හිඟමනේ යන ජාතියක් නොවේ. නැවත හිඟමනේ යන්න දෙන්න බැහැ. නම්බුව තියාගෙන ඉන්න රටක් අප හදමු. පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ ඒකයි. තුන් සිංහලය නැවත හිඟා කන ජාතියක් විය යුතු නැහැ.
තරුණ තරුණියන්ට ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතුයි.මේ ගිවිසුම් සමග ඉදිරියට යමු.අනුර කුමාර කියන්නේ කුමක්ද ?සජිත් ප්‍රේමදාස කියන්නේ මොකක්ද? නැවත මේ ගිවිසුම් අහෝසි කර අලුත් ගිවිසුම් ඇති කරන බවයි .එය වෙන්නේ නැහැ.
අයි.එම්.එෆ් ප්‍රත්‍යක්ෂකවරිය පැවසූයේ මේ ගිවිසුම් මාරු නොකරන බවයි.
චන්දෙ ඉවර වී සති දෙකකින් මේ වැඩකටයුතු අවසන් කරන්නට ඒ අය එනවා.රට බංකොලොත් බවින් මිදී ඇති බව කියන්න ඔවුන් එනව.එවිට අප ගිවිසුම් අලුත් කරන බව කිව්වොත් එම ගිවිසුම එතනින් ඉවරයි. ඔවුන් තවත් ඉදිරියට මුදල් දෙන්නේ නැහැ.එවිට ඩොලර් එකකට රුපියල් 500 ක් වේවි.
අනුර කුමාර හිටපු ඇමති කියන්නේ කුමක්ද? මා යටතේ ආර්ථිකය වර්ධනය වූ බව එතුමාම පිළිගන්නවා. ඉතින් ඔහු එන්නේ කුමටද? ඇතැම් විට මේ ක්‍රමයම ක්‍රියාත්මක වේවි කියා එතුමා කියනවා. ඉතින් එයාට දෙන්නේ මොකටද? මටම කරන්න පුළුවන්නේ.ඔහු
අවුරුදු එකහමාරක් කරලා බැරි නම් දීලා යනවා කියනවා .අවුරුදු එකහමාරක් කරන්නේ කොහොමද ?ඒ කියන්නේ මේක කරන්න බැහැ කියලා කියලා. තව මොනවා කියන්නද?
ඒ අය ප්‍රශ්නය උග්‍ර කරනවා මිස විසඳන්නේ නැහැ.සජිත් කරන්නේ කුමක්ද?මම දෙරණ බැලුවා. නමුත් ආවේ නැහැනේ.මෙයා මූණ දෙන්නෙ නැහැනේ.
ඒ නිසා ඔබේ අනාගතය ගැන හිතන්න. නැවත පරණ තත්ත්වයට යන්න දෙන්න එපා.අපි ශක්තිමත් රටක් බිහි කර ගමු . වෙනසක් ඇති කළ යුතු බව සමහරු කියනවා.
කරන්න බැරි අයට දීලා වැඩක් නැහැ.කතා කරන අයට වැඩ කරන්න බැහැ. වැඩකරන මිනිස්සු කතා කරන්නේ නැහැ.
මගේ මේ ඇමතිවරුන්ට ඒ වැඩකටයුත්ත එලෙසින්ම කරන්න පුළුවන්.මම කිව්ව යුතුකම කර තිබෙනවා. මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව, සමග එක්ව ප්‍රශ්නය විසඳා තිබෙනවා.
පුද්ගලික බැඳුම්කරුවන් සමග ප්‍රශ්න විසදා තිබෙනවා දැන් අප ඉදිරියට යමු. අලුත් රටක් හදමු .අලුත් රටක් නිර්මාණය කරමු. පුළුවන් ශ්‍රී ලංකා. මම දිනනවා! මම දිනනවා!මම දිනනවා! මම දිනූ පසු අප සියලු දෙනාම දින ජයග්‍රහණය කරවනවා යැයි ජනාධිපතිවරයා කීය.
ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා:-
වැටුණු රට ගොඩ ගැනීම සඳහා මේ දකුණේ නායකයන් එකතු වුණා. අනෙක් අය විවිධ තැන්වල හැංගුනා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජතාන්ත්‍රික බවට අභියෝග කළ හැකි වන කිසිවකු සිටීද? ඉන්නේ අභියෝගයෙන් පැන දිවූ පිරිසක් පමණයි.මේ දෙමළ සිංහල මුස්ලිම් සියලු නායකයන් මරා දැමුණු රටක්.රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව භාර ගෙන ආසියාවේ ඉහළ රටක් බවට පත් කරනවාට දෙස් විදෙස් බලවේග අකමැති වෙන්න පුළුවන්. අපෙන් කැඩිලා ගිය කුක්කු බබාට රටක් කරන්න පුළුවන්ද? ගාල්ල දිස්ත්‍රික්කය වැඩි චන්ද ලක්ෂ දෙකකට වැඩි ඓතිහාසික ජයක් අප ලබා දෙනවා.
මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මෙම ජන රැලි සඳහා සහභාගී වූහ.


(ඡායාරූප ලහිරු හර්ෂණ )
COMMENTS
හොඳට තිබුණු අපේ රට මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා බන්කොලොත් කෙරුවේ බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත, දේශපාලුවන් මිසක් වෙන කවුරුවත් නෙවෙයි. 47 වසරක් දේශපාලනේ කරලා විවිධ තනතුරු අගමැතිකම පවා පස් වතාවක් දරපු පින් ජනපතියාගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .
යුතුකම කරලා? මහබැංකුව සුද්ද කරලා... ගෝලයින්ට රට පනින්න සලස්වපු එක ගැනද ඔයා කියන්නේ...?
මහබැංකුවට නම් කරා...
වාමාංශික ත්‍රස්තවාදීන් පවතින දේශපාලනයට විසඳුමක් නොවේ. මිනිසුන්ගේ කෝපය සාධාරණයි. නමුත් වෙලාවේ හැටියට ජනතාව කළයුතු දෙය නම් ඉවසීම... නැත්තන් කොටි නිසා දෙමළ ප්‍රජාව සිය අනාගතයෙන් වන්දි ගෙව්වා වගේ දකුණේ මිනිස්සුන්ටත් ගෙවන්න වෙනවා. ඉවසලා ඉවසලා බැරිම තැන වැඩියෙන් ඉවසිය යුතු වෙනවා...!
මැකෝ කිව්වා නේද ජාතික කොඩි ප්‍රදර්ශනය ඡන්ද නීති කැඩීමක් කියලා...?
මේ රට ගොඩදාපු නායකයා රනිල් දිනනවා නියතයි.
රනිල් දිනනවා
ඔය දැන් නාහෙන් අඬන්නේ පරදින බව දැනගෙන , ලංකාව බංකොලොත් උනේ අදික ණය නිසා ,එකෙන් වැඩිම ප්‍රතිශතයක් අරන් තියෙන්නේ මේ උන්දැ , මේ සැරෙත් කරපු එකමේ දේ අයිඑම්එෆ් ණය ගන්න එකයි මිනිසුන්ට බදු ගහපු එකයි ඊට පස්සේ රටේ සල්ලි නාස්ති කරමින් අර මොකක් ද දේශගුණික විපර්යාස කියලා වැඩකට නැති සමුළුවලට ගෝලයෝ රෝත්තත් අරන් ලෝකේ වටේ රවුන් ගහපු එකයි
අපි දැන් නම් සල්ලි වලට වැඩ කරන්නේ නෑ හොදේ? පුළුවන් නම් අයිඑම්එෆ් එකට සුමාන දෙකක් කලින් එන්න කියන්න.. ඇවිත් කියන්න කියන්න අපි දැන් බංකොලොත් නැ කියලා.. එහෙම කලොත් සළකන්නම්...
මාලිමාවට ඡන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්.
රටට නියමට කළා ... බටලන්දේ මඩුවක් හදාගෙන මිනිස්සුන්ගේ ඇස් ගැලෙව්වා, අහිංසක කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් පන පිටින් පුච්චලා මැරුවා , යාපනේ පුස්තකාලේ ගිනි තිබ්බා , 83 කළු ජුලිය හදලා දෙමල මිනිස්සුන්ව ඝතනයකලා, කොහේදෝ හිටපු අර්ජුන් මහේන්ද්‍රන් කියන හොරෙක්ව ලංකාවට අරගෙන ඇවිල්ලා උත එක්ක මහබැංකුව කොල්ල කෑවා ..අන්තිමට යන්න එන්න තැනක් නැතිව ඉඳලා හොරු 134 දෙනෙක්ගේ ඡන්දෙන් හොර ජනාධිපති වුණා. ඔය හමුසේ රටට කරපු ඒවා...දැන් ඉතින් මකබාවෙයන් කාලකන්නියා.
මාලිමාවේ බලහත්කාරකම් වලට නිහඬ මිනිසුන් විරුද්දයි. ඔවුන් මාලිමාවට විරුද්දව තම කතිරේ පාවිච්චි කරනවා නිසැකයි. ආයෙත් මේ රටට ත්‍රස්තවාදයක් එපා.
අවුරුදු ගාණක් තිස්සේ එපා කියද්දිත් අපේ රට ණය උගුලේ සිරකළ පාපතරයා
ඔහේ රටට කොරපු හරිය හොදටම ඇති, ඒ නිසා ඇණයක් නොවී දැන්වත් ගෙදරට වෙලා ඉන්නවද ?
මුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ රට හදන්න . ඒත් තාම හදනවා .රනිල් සජිත් නාමල් නැතුව වෙන ඕන කෙනෙක්ට චන්දෙ දෙන්න .මුන් ඔක්කොම එකම හොරු .රට කාපු කාලකන්නි
මහබැංකුව වලදාලා රට ගොඩදැම්මා....!
මේ වයසක මහල්ලට කවුරුහරි තේරුම් කරල දීපල්ල බංකලොත් බවෙන් මිදෙන එක නිර්නායක කිහිපයක් මත තීරණය වන දෙයක් මිස කවුරුවත් ප්‍රකාශයට පත් කරලා වෙන දෙයක් නොවන බව.
අපිත් අපේ යුතුකම ඉටු කරන්නම් 21 වෙනිදාට බලාගෙන හිටපන්
රටට කරපු ලොකුම යුතුකම මහ බැංකුව සුද්ද කරපු එක තමයි
කරපු යුතුකම් නම් එමටයි.ඒ ගැන කියලා වැඩක් නැහැ..යන තැනකට පිනක් දහමක් කරගෙන ඉන්නවනම් තමා හොඳ
රට පුරාම ඉන්න මනස වර්ධනය නොවූ වයස්ගත පුද්ගලයන් බස් වලින් අදාළ පිස්සු කියනවා
ඒක නම් ඇත්ත ,රටක මහ බැංකුවට විදලා රටේ නායකයා වෙන්න හදන්නේ ඔයා විතරයි
මහබැංකුවට සුද්දයක් දුන්නු එකම ඇතිනේ ගෑස් සිලින්ඩරෙත් අරන් 22 ගෙදර යන්නකෝ .පස්සේ කරපු අපරාධ ගැන උසාවියෙන් විසඳලා දේවි
අතේ නුල් ගැටගහගෙන ඉන්නේ, පිරිත් නූල්ම නම් වෙන්න බැහැ. රූකඩ නටන්න වගේ නේද?
යන යන තැන ජෙප්පන්ගේ විලාපයයි, දෙස් දෙවොල් තියවිලියි විතරයි. අවුරුදු දෙකට මුළු රටම ගිනිබත් කරලා බිලියන ගාණක විනාශයක් කරලා, රටට ඇවැසි බුද්ධිමතුන් දහස් ගාණක් සමූල ඝාතනය කරලා දැන් අනිත් හැමෝටම බනිනවා.
කිසිම ජනමතයක් නැතුවපරට විකුණපු මෙයා පන්නපුඑක කමයි හොද
දැන් චූන් ද? ගල් සාගල ඉස්සර කරන් පොල්බුරු වජිර දක්කන් යද්දී ඕක කලින්ම කීවා අපි. දැන් පොල්කට්ටකට චූ කරලා නිදාගනින්.
ඔන්න සීයේ අපේ යුතුකමත් ඉට්ටකොලා.....! සොරි හොදේ.....!
මහබැංකු හොරු රට විනාශ කරා තව කියිවාරු ගහනවා
හොරුන් රැක්කට රනිල්ට වන්දි ගෙවන්න වේවි
යුතුකම් ඉටුකලා කිව්වට ආදායම් බදු ගෙවීමට සුදුසුකම් ඇති අයටත් අස්වැසුම දීලා ජනතා මුදල් නාස්ති කට තියෙනවා උදාහරණයක් හැටියට තේ අක්කර දෙකක් තුනක් විතර තියෙන අයටත් අස්වැසුම දීලා තියෙනවා සාමාන්‍යයෙන් තේ අක්කර එකක් තිබුනොත් ශුද්ධ ලාභය මසකට රුපියල් පනස්දහසක් පමණි වෙනවා එහෙම ගත්තා වුනත් එහෙම අයත් ඔබතුමාට ඡන්දය දෙනවාට විරුද්ධව කටයුතු කලා කියලා අහන්න ලැබුනා
පප්පා මීට කළින් කීයක් නම් යුතුකම් ඉටු කළාද නේද?
ඡන්දෙකින් දිනන්න බැරි මිනිහෙක් අන්තිමට පට්ට හොරුත් එක්ක මකබෑවිලා ගියා තව ලැජ්ජාවක් කියලා දෙයක් දන්නේ නෑ වගේ
කවදාද?