IMG-LOGO

2025 නොවැම්බර් මස 30 වන ඉරිදා


පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ සති කිහිපයක් පමණී. මේ වනවිට නාමයෝජනා භාර දුන් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සිය ප්‍රචාරණ කටයුතු සිදුකරමින් පවතී. මේ අතර පළාත් පාලන ක්‍රියාදාමය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශ ද හුවමාරු වන බැවින් පළාත් පාලන ආයතන මැතිවරණය සහ පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර මහතා සමඟ සාකච්ඡා කළ අතර මෙම ලිපිය සැකසෙන්නේ ඒ ඇසුරෙනි.

පළාත්පාලන ආයතනවලට මන්ත්‍රීවරුන් පත්වෙන හැටි

පළාත් පාලන ආයතන ලෙස හඳුන්වන්නේ මහ නගර සභා , නගර සභා, ප්‍රාදේශීය සභා යන ආයතනයි. යම් පළාත් පාලන ආයතනයකට (සභාවක) අවශ්‍ය සභික සංඛ්‍යාව (මන්ත්‍රී සංඛ්‍යාව) මැතිවරණ කොමිෂන් සභාව මගින් ගැසට් කරනවා. මේ වනවිට එය සිදුකර තිබෙනවා. අනතුරුව එම සංඛ්‍යාව පත්කරගැනීමට නාමයෝජනා කැඳවීම සිදුකරනවා. 

මේ වනවිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලෙස ක්‍රියාත්මක වන්නේ කොට්ඨාස ක්‍රමය යි. එහිදී පුද්ගලයෙකුට ඡන්දය දීමක් සිදුවෙන්නේ නැහැ. සිදුවෙන්නේ තමන් කැමති පක්ෂයට කතිරය ලකුණු කිරීමක් පමණයි. ඡන්ද පත්‍රිකාවේ තිබෙන්නේ අදාළ පක්ෂයේ සලකුණ පමණයි පුද්ගලයාගේ නම නැහැ. ඒ ඒ කොට්ඨාසවලට පක්ෂවලන් පුද්ගලයො පත්කරනවා. මනාප ක්‍රමයේදී අපිට කැමති පුද්ගලයෙකුට ඡන්දය දෙන්න පුළුවන් වුණත් කොට්ඨාස ක්‍රමයේදී එම කොට්ඨාසයට නම්කරන පුද්ගලයා තමයි තේරි පත්වෙන්නේ. 
උදාහරණයක් විදිහට යම් සභාවක කොට්ඨාස 15 ක් තිබෙනවා කියලා සැලකුවහොත් මැතිවරණයේදී ඕනෑම පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ඒ සඳහා කොට්ඨාස 15 ට 15 ක් නම් කළ යුතු වෙනවා. ඒ ඒ කොට්ඨාසවල වැඩිම ඡන්ද ලබාගන්නා පුද්ගලයා තමයි ඒ අනුව කොට්ඨාසයෙන් ජයග්‍රහණය කරන්නේ. කොට්ඨාස මන්ත්‍රී ලෙස හඳුන්වන්නේ ඔහුයි. ඒවගේම සභාවට 60:40 අනුපාතයට සමානුපාතික මන්ත්‍රීවරුන් පත්කළ යුතුයි කියලා පළාත් පාලන මැතිවරණ නීතියේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව කොට්ඨාසවලින් 60෴ යි ලැයිස්තුවෙන් 40෴ ක් ලෙසයි සභික මන්ත්‍රීවරුන් පත්වෙන්නේ. මෙම නීතියට අනුව කොට්ඨාස 15 ක් තිබෙන සභාවක ලැයිස්තුවෙන් පත්කළ යුතු මන්ත්‍රී සංඛ්‍යාව 10 ක් වෙනවා. සමානුපාතික ලැයිස්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඡන්දය දෙන්න බැහැ. ඔවුන් පත්වෙන්නේ එක් එක් පක්ෂය ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව මතයි. මොවුන් පත්කරන්න පදනම් කරගන්නේ වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව අනුවයි.

ලැයිස්තුවෙන් එන මන්ත්‍රීවරුන් 

උදාහරණයක් ලෙස A, B, C ලෙස පක්ෂ 03 ක් තිබෙනවා . යම් සභාවක වලංගු ඡන්ද 50 000 ක් තිබුණානම් පත්විය යුතු මන්ත්‍රීවරයෙක් ලබාගත යුතු ඡන්ද සංඛ්‍යාව තීරණය වන්නේ මෙසේයි. පෙර සඳහන් කළ උදාහරණයේ මන්ත්‍රී සංඛ්‍යාව ගතහොත් කොට්ඨාස මන්ත්‍රීවරු 15 යි සමානුපාතික මන්ත්‍රීවරුන් 10 යි . ඒ අනුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 25 යි.ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යව මන්ත්‍රී සංඛ්‍යාවෙන් බෙදුවිට (50 000/25 = 2000) ලබාගත යුතු ඡන්ද සංඛ්‍යාව හෙවත් තීරක අගය ලැබෙනවා. පෙර උදාහරණය පරිදිම යම් පක්ෂයක් ඡන්ද 10 000 ක් අරගෙන තිබුණොත් තීරක අගය අනුව (10 000/2000 = 05) යි. මන්ත්‍රී ධුර 05 ක් හිමිවෙනවා. මෙයින් කොට්ඨාස ජයග්‍රහණය කරලා තිබෙන ප්‍රමාණය අඩු කළ විට ලැබෙන ඉතිරිය ලැයිස්තුවෙන් පත්කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. අදාළ පක්ෂය විසින් මෙම මන්ත්‍රීවරුන්ව දින 30 ක් ඇතුළත නම්කර මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දිය යුතු වෙනවා.ඒ අනුව නාමයෝජනා පත්‍රයේ සිටිනා ඔනෑම කෙනෙක් මේ සඳහා පත්කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව කොට්ඨාසයෙන් පරාද වුණ මන්ත්‍රීවරුන්ගෙන් හෝ සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන්ව පත්කර යවනවා. 

අනිවාර්ය වු කාන්තා නියෝජනය

ඒ වගේම කාන්තා මන්ත්‍රීවරුනුත් 25% ක් පත්විය යුතුයි කියලා නීතියක් තිබෙනවා. උදාහරණයක් ලෙස මන්ත්‍රීවරුන් 25 ක් සිටින සභාවක 25% යි කියන්නේ කාන්තාවන් 06 ක් පත් විය යුතුයි. ඒ අනුව ජයග්‍රහණය කර ඇති පිරිසේ සිටින කාන්තාවන් ගණන අඩුකර ඉතිරිය පත්කළ යුතුයි. කාන්තාවන් 02 ක් කොට්ඨාසවලින් ජයග්‍රහණය කර තිබෙනවානම් තව 04 කු පත්කළ යුතුයි. මේ ආකාරයට පත්කිරීම කර තේරීපත්වන සභික මන්ත්‍රීවරුන්ගෙන් සභාව පත්විය යුතුවෙනවා. 

එසේ රැස්වීමේදී මන්ත්‍රීධුර සංඛ්‍යාවෙන් 50෴ ට වැඩියෙන් ගන්නා (මන්ත්‍රී ධුර 25 න් 12 ට වැඩියෙන් ගන්නා) පක්ෂයක් තිබුණොත් එම පක්ෂයේ මහලේකම්ට හැකියාව තිබෙනවා සභාපති සහ උප සභාපති නම්කරන්න. එසේ නොවුණහොත් 50෴ ට වඩා අඩු නම් පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධාත්වයෙන් සභාව කැඳවා සභාපතිට නාමයෝජනා කැදවා වැඩිම ඡන්ද ගන්නා පුද්ගලයා සභාපති ලෙස පත්කරනවා. මේ සියල්ලම ගැසට් මගින් ප්‍රකාශයට පත්විය යුතුයි.

කිසිම සභාවක ආණ්ඩුපක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නැහැ 

පළාත් පාලන ආයතනවල ආණ්ඩුපක්ෂය විපක්ෂය කියලා එකක් නැහැ. සභාවේ සභාපති කාටත් සභාපති. රැස්වීමක මූලාසනය ගන්නේ සභාපතිවරයා. සභාපතිවරයා නැතිනම් උපසභාපතිවරයා. උපසභාපතිවරයාත් නැතිනම් එදින සභාවේදී බහුතර කැමැත්නෙත් තෝරාගන්නා ඔනෑම කෙනෙක් මුලාසනය ගතයුතුයි කියලා තමයි නීතියේ තියෙන්නේ. 

පළාත් පාලන ආයතවල සභික මන්ත්‍රීවරුන් වාඩිවෙන ක්‍රමයක් තිබෙනවා. ඒක නීතියේම සඳහන් වෙනවා. සභාපතිවරයා මුලාසනයේ සිටිය යුතුයි. සභාපතිවරයාගේ දකුණු අත පැත්තේ සිට පිළිවෙළින් අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වයට අනුව වාඩිවීය යුතු වෙනවා. සභාපතිට පසුව ඊලඟ ජ්‍යෙෂ්ඨ උපසභාපති. තුන්වැනියට සිටින්නේ අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්ව මත පත්වු මන්ත්‍රීවරයා . මේ ආකාරයට ජ්‍යෙෂ්ඨත්වය අනුව සභාවේ වාඩිවිය යුතුයි. එය කඩකරන්න බැහැ. එය කඩකර වාඩිවුවහොත් එදින සභාවේ ගන්නා යෝජනා තීරණ වලංගු නැහැ. මේ අනුව ජ්‍යෙෂ්ඨත්වය අනුව වාඩි වු විට පළමුව සිටින කෙනා එක පක්ෂයක වෙන්න පුළුවන්. ඊළගට සිටින කෙන තවත් පක්ෂයක වෙන්න පුළුවන්. ඒ ආකාරයට අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වය අනුව වාඩිකළාම කවුරුත් කලවමේ ඉන්නේ. මේ නිසා ආණ්ඩුපක්ෂය මේ පැත්තේ විපක්ෂය මේ පැත්තේ කියලා කිසිම සභාවක වෙන්කළා තියෙන්නෙ නැහැ. ඒ නිසා ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා දෙයක් සභාවක නැහැ. 

පත්වුණ කිසිමකෙනෙක් නැවත දිවුරුම්දීමට අවශ්‍ය නැහැ

පළාත් පාලන ආයතනයකට පැමිණෙන සියලු‍ම දෙනා මුලින්ම දිවුරුමක් දීලා තමයි සභාවට පැමිණෙන්නේ. නාමයෝජනා පත්‍රය සමග අවනතභාවය ප්‍රකාශ කිරීමේ දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙනවා. මේ නිසා පළාත් පාලන ආයතනවලට තේරීපත්වන මන්ත්‍රීවරුන් නැවත දිවුරුම් දීම අනවශ්‍යයි කියලා නීතිපති දැනුම්දීලා තියෙනවා.

නමුත් මන්ත්‍රී  කෙෙනක් විදිහයට තේරීපත්වුණා කියලා ප්‍රසිද්ධකරන්න මේ අය පක්ෂයේ සංවිධායක ඉදිරියේ නැවත දිවුරුම්දෙනවා. එය අනවශ්‍ය දෙයක්. මොකද දිනපු තේරීපත්වුණ ගැසට්පත්‍රයේ නම තිබෙන ඕනෑම කෙනෙකුට සභාවට සහභාගීවීමට හැකියාව තිබෙනවා.දිවුරුම්දීම ලස්සනට කරන වැඩක්.

යෝජනාවලට විරුද්ධ වෙන්න පක්ෂවෙන්න පුළුවන්

සභාවක යෝජනාවක් සම්මත වෙන්නේ මෙහෙමයි. යෝජනාව සභික මන්ත්‍රීවරයෙක් සභා රැස්වීමට දින තුනකට කලින් ලිඛිතව භාරදිය යුතු වෙනවා. ඒ අනුව යෝජනාව කරන සභාපතිවරයා අවස්ථාව ලබාදෙනවා. ඒ යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දෙ දෙන්න පුළුවන්. මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය වන්නේ එයයි. විරුද්ධ පක්ෂයක් කියලා දෙයක් නැහැ. අදාළ යෝජනාවට පක්ෂ ද විරුද්ධ කියලා අහන්න පුළුවන්. එවිට පක්ෂයක් අදාළ වෙන්නේ නැහැ.

ගමට වැඩ කරන්න පුළුවන් හොඳ කෙනෙක්ව පත් කරගන්න

පළාත් පාලන ආයතන මැතිවරණයේදි නම් තමන්ගේ ගමේ වැඩටික කරගන්න තමන්ගේ ඡන්දය නිවැරදි මිනිහෙකුට ලබාදෙන්න. එහෙම නැතිව මෙයා අපේ මළගෙදරට එනවා කියලා ඡන්දෙ දෙන්න යන්න එපා. මොකද මළගෙදරට ආවා කියලා හොරකම් කරනවා නම් වැඩක් නැහැ. ඒ නිසා එවැනි වංචා දූෂණ නැති සභාවක වැදගත් යෝජනාවකට පක්ෂව ඡන්දෙ දෙන්න පුළුවන් තේරුම්ගන්න පුළුවන් කණ්ඩායමක් ඔබේ සභාවට පත්කරගන්න . මොකද අතුර ව්‍යවස්ථා (නීති) හදන්න පුළුවන් පුද්ගලයන් සභාවට එවන්න.
චාමර සම්පත්

 

 

 



අදහස් (0)

පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 210 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 266 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1173 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site