IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නිදහස් සෞඛ්‍ය නොතිබුණා නම් කොරෝනාවෙන් රටම හාන්සි වෙනවා

(***ජයන්ත සමරකෝන්)

නිදහස් සෞඛ්‍ය සේවයක් බිහිකිරීම සඳහා එදා කොමියුනිස්ට් පක්ෂය ගෙනගිය නොනිමි අරගලය නොතිබෙන්නට මෙදා කොරෝනා වසංගතයෙන් රටම හාන්සිවන්නට තිබුණා යැයි  ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය ඩිව්. ගුණසේකර මහතා ඉකුත්දා පැවසීය.

කොරෝනා වසංගතයෙන් බේරුණු ලෝකයේ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වූයේ මහජන සුබසාධනය වෙනුවෙන් පක්ෂය එදා ගත් එම සාධනීය ක්‍රියා නිසා බව ද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 77 වෙනි සංවත්සරය නිමිත්තෙන් බොරැල්ල කොටා පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද කීය.

කොමියුනිස්ට් පක්ෂයට ආරම්භක අරමුණු දෙකක් තිබුණා. ඒ ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීම හා සමාජවාදය පිහිටුවීමයි.අපේ පක්ෂයට අවුරුදු 77ක් කියන්නේ විශාල කාල පරිච්ඡේදයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් මෙන්ම මේක ජනතා ව්‍යාපාරයක්. අපට නිවැරදි අරමුණක් දැක්මක් තිබුණා. පක්ෂය ගොඩනැගුවේ සමාජවාදය සමාජගත කිරීමටයි.

77 වසරක් අපි ආවේ දුෂ්කර ගමනක්.නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව අදහස එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කොට ඒ වෙනුවෙන් රට තුළ සැබෑ ජන මතයක් නිර්මාණය කිරීමට පක්ෂයේ පුරෝගාමි නායකයෙකු වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව අමතක කළ නොහැක්කක්.
1945, 46, 47 පැවති මහා වැඩ වර්ජනවලට එදා කොමියුනිස්ට් සමසමාජ පක්ෂ නායකත්වය දුන්නා.
පැය අටේ වැඩ දිනය විශ්‍රාම වැටුප සේවක අර්ථසාධක අරමුදල ඡන්දයට හැඳුනුම්පත අනිවාර්ය කිරීම, අපගේ වර්ජන රැලි හරහා කරලියට ගෙන ආ වැඩසටහන් කීපයක්.

ලංකා කොමියුනිස්ට් සම සමාජ පක්ෂවල නායකත්වයෙන් සිදු කෙරුණු 53 හර්තාලය මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේ මහා අරගලයක් වුණා.අද කම්කරු පංතිය භුක්ති විඳින සියලුම අයිතීන් ලබාදීමේ අරගලවල දී අපේ පක්ෂය නායකත්වය දුන්නා.1977 මහ මැතිවරණයෙන් වමේ පක්ෂ පරාජයට පත්වුවත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අප අරගලයක් දියත් කළා.එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ගෙනාවේ නව ලිබරල්වාදය ක්‍රියාත්මක කරන්නයි.

1980 ජූලි වැඩ වර්ජනය ඊට විරුද්ධ අපේ ප්‍රතිචාරයේදී නව ලිබරල්වාදය ලෝක ප්‍රපංචයක් එය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අප ඉඩ දුන්නේ නැහැ.අපේ පක්ෂය පුංචි වුණත් දර්ශනය විශාලයි.අපේ පෙරමුණ තුළින් අධිරාජ්‍යවාදී ගැති එජාපයට එරෙහිව විශාල ශක්තියක් ලැබුණා.ගෝලීය අභියෝග, ගෝලීය ආර්ථිකයේ පසුබැස්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදය කෝවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය ඉන් ආර්ථිකයට සිදුකර ඇති හානිය අප ඉදිරියේ ඇති ප්‍රබල අභියෝග කීපයක්.එදා සූරියමල් ව්‍යාපාරය මැලේරියාව මර්දනය කළ වමෙන් ඉදිරිපත් කළ නිදහස් සෞඛ්‍ය සේවාව නිසා අද කෝවිඩ් 19ට මුහුණ දුන්නා.පසුගිය නොවැම්බර් 16 හි පසු සෞභාග්‍යයේ දැක්ම අලුත් කළ යුතු ආර්ථික උපාය මාර්ගවල පැහැදිලි වෙනසක් කළ යුතුයි.ගෝලීය ආර්බුද කලාපීය අර්බුද හා ජාතික අභියෝගවලට මුහුණදිය හැකි රජයක් ඉදිරියේදී බිහි කළ යුතුයි.

මේ දවස්වල සජිත් ප්‍රේමදාස මහත්තයා කියන කතා ඇහුවම හිනා යනවා.ඔහු බලයට එන්නේ නැති බව දන්නා නිසා දෙන්නට බැරි පොරොන්දු දෙනවා.බලයට ආ ගමන් සෑම පුරවැසියෙකුටම රුපියල් 20,000 ගානේ දෙනවලු. මේ වාගේ කෙනෙක් ජනාධිපති වුණොත් රටට මොනවා වේවි ද?ඒ වුණාට ඔහුගේ පියා අලුත්කඩේ උසාවිය පැත්තෙන් විසිකරන ලද නීති තර්ක පොත් කියවා දේශපාලන දැනුමක් ලබා ගත්තා.මෙවර මැතිවරණයේ දී ගෝඨාභය ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට හොඳ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕනෑ. නැවත හොර තක්කඩීන්ට පාර්ලිමේන්තුව දෙන්නට එපා. ඔලුවක් තියෙන අය යවන්න. වමේ කට්ටියකුත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

මහමැතිවරණයේ දී වමේ නියෝජනය වැඩිකර ගැනීමට අප ක්‍රියා කළ යුතුයි. කොමියුනිස්ට් පක්ෂයට තම නියෝජනය වැඩිකර ගැනීමට හැකිවේවි යැයි සිතනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සිකුරුයි. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ.සමුළුව අමතා පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා ද අදහස් දැක්වීය.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණු නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයෝ රැසක්ද විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (0)

නිදහස් සෞඛ්‍ය නොතිබුණා නම් කොරෝනාවෙන් රටම හාන්සි වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 272 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2112 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site