IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දහනවය අහෝසියට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ

කොරෝනා බලපෑම, මැතිවරණය කල්දැමිය යුතුද?, නීතිය සැමට පොදුද? තුනෙන් දෙකේ කතා, ජවිපෙ සියයට තුන, 19 ට කුමක් වේවිද යනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් මහතාය.

ප්‍රශ්නය:- මැතිවරණය පැවැත්වීම හෝ කල්දැමීම ගැන මේ වනවිට නැවතත් විවාදයක් මතුව තිබෙනවා. ජාතික ජනබලවේගය හැටියට ඒ ගැන දරන ස්ථාවරය කුමක් ද?
පිළිතුර:- කොරෝනා රැල්ලක් නැවත මතුවෙමින් එනවා. එහෙත් එය මැතිවරණය කල්දැමීමට හේතුවක්දැයි ප්‍රශ්නයක් තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය තවත් වැඩිවුණොත් මේ ගැන හිතාබලන්න වේවි. ඒ ගැන මැතිවරණ කොමිසමෙන් තීන්දුවක් ගන්න වේවි.

ප්‍රශ්නය:- සෞඛ්‍ය නිර්දේශ නීතිගත කිරීම ඇස් බැන්දුමක් යැයි සෞඛ්‍ය අංශයෙන්ම එල්ල වන චෝදනාව ගැන ඔබේ මතය මොකක්ද?
පිළිතුර:- ඇත්තටම සොඛ්‍ය නිලධාරින් මේ නිර්දේශ සියල්ල සකස් කළා. ඒ අවශ්‍ය ගැසට් පත්‍රයත් පිළියෙළ කළා. ඇමැතිතුමිය තමයි ඒක අස්සන් කරන්නේ නැතිව හිටියේ. එහෙම කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඕනෑ විදියට වැඩ ටික කරගන්නයි. මේක ඉතාම වැරැදි පූර්වාදර්ශයක්. එක පැත්තකින් නිර්දේශ ගැන ඉහළින් කතා කරනවා. අනෙක් පැත්තෙන් ඒවා නීති බවට පත්කරන්නේ නෑ. දැනුත් ඒවා උල්ලංඝනය කරලා රැස්වීම් පවත්වන අයට නීත්‍යනුකූල පියවර ගන්න බෑ. ඒ නිසා ඒ චෝදනාව නිවැරැදියි.

ප්‍රශ්නය:- පොහොට්ටුව නම් කියන්නේ මෙවර මහ මැතිවරණයේදි සියයට 3ත් අතුගාලාම දානවා කියලයි. අභියෝගය බාරගන්නවද?
පිළිතුර:- ඔය සීයට තුනේ කතාව මහ මැතිවරණයට වලංගු නෑ. අනිවාර්යෙන් මෙවර අපේ ඡන්ද වැඩිවෙනවා. මේ ගෙවුණු මාස අටට ආණ්ඩුවට වැඩ බැරි බව ඔප්පු වුණා. මේ අයත් වැඩ බැරි ටාසන්ලා කියලා තහවුරුයි. බඩු මිල වැඩිවෙලා. ජීවන වියදම වැඩිවෙලා. ලයිට් බිල් වතුර බිල් වැඩිවෙලා. එක රටක් එක නීතියක් කිව්වට බලවතුන්ට එක නීතියක් නැති බැරි මිනිස්සුන්ට එක නීතියක්. ඒ නිසා මිනිස්සු කලකිරිලා ඉන්නේ.

ප්‍රශ්නය:- ඒත් ආණ්ඩුවේ ඇතැමුන් කලින් ජ.වි.පෙ හොඳ වුණත් අනුරලා පක්ෂෙ ඉවර කළා වගේ කතාත් කියනවා. පක්ෂ නායකත්වයට එල්ල වෙන ප්‍රහාරයට ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- ඔවුන්ට එරෙහි ප්‍රධාන ප්‍රහාරකයා අනුර දිසානායක. වැඩියෙන්ම ගහන්නෙත් ජාතික ජනබලවේගයටනෙ. එහෙම ගහන්නෙම අපි ශක්තිමත් නිසයි. යූ.එන්.පී එකට හෝ සජිත් ප්‍රේමදාසලාට එහෙම ප්‍රහාර දියත් කරන්නේ නෑනෙ. මොකද ඔවුන් දුර්වලයි. ආණ්ඩුවේ වැරැදි දැකලා ඊට තදින්ම ප්‍රහාර එල්ල කරන්නේ අපි. පෞද්ගලිකව අනුර දිසානායකටත් මාලිමා කණ්ඩායමටත් පහර එල්ල කරන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය:- 19 වැනි ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන යෝජනාව ගැන ඔබ හිතන්නේ මොකද්ද?  
පිළිතුර:- 19 ගෙනාවේ ඔය ඔක්කොම එකතුවෙලයි. එදා හැමෝම ඡන්දය දුන්නා. එදා ඒක හොඳයි කියලත් කිව්වා. දැන් තිබෙන මැතිවරණ කොමිසම 19න් හදපු එකක්. අද බලන්න ඡන්දයක් තිබෙනවද කියලා හොයාගන්නවත් නෑ. ප්‍රතිවාදීන්ට වෙඩි තැබීම්, කාර්යාල ගිනි තැබීම්, විරුද්ධ පාක්ෂිකයන්ගේ අතපය කැඩීම් සාමාන්‍යයෙන් අපේ මැතිවරණ සංස්කෘතියේ සාමාන්‍ය අංග බවට පත්වෙලා තිබුණේ. දැන් එහෙම එකක් නෑ. මැතිවරණය සාමකාමී වෙලා. මේ තත්ත්වය ඇතිවුණේ ස්වාධීන මැතිවරණ කොමිසම නිසයි. ඒ කියන්නේ 19 වැනි සංශෝධනය නිසයි. ඒ නිසා 19 අහෝසි කරන්න කොහෙත්ම අපි ඉඩදෙන්නේ නෑ.

ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ආණ්ඩුවේ ඇතැම් නායකයන්ම කියන්නේ මේක මැතිවරණ නොතියන කොමිසමක් කියලනෙ?
පිළිතුර:- ඒගොල්ලන්ට ඕනෑ හැටියට කොමිසම වැඩ කළා නම් ඔහොම කියන්නේ නෑ. ඔවුන්ට තිබෙන බාධකයත් ඔවුන්ගේ හිතු මනාපයට කොමිසම වැඩ නොකිරීමයි. ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට කොමිසම වැඩ කරනවා නම් කොමිසම හොඳයි. ඒත් මැතිවරණ කොමිසම දිගටම ක්‍රියා කළේ ඔවුන්ගේ පටු බල වුවමනා සන්තර්පණය කරන්න නෙවෙයි. ජනතාව ගැන හිතලයි. කොරෝනා ආපු වෙලාවෙ ඡන්දය තියන දිනය වෙනස් කළේ කොමිසම තමයි. නැත්නම් බරපතළ අනතුරක් තිබෙන වෙලාවේ අප්‍රේල් 25 ඡන්දය තියනවා. බල පෙරේතකම මිස රටේ ජනතාවගේ ආරක්ෂාව ආණ්ඩුවට අදාළ නෑ කියලා එයින්ම පැහැදිලියි.

ප්‍රශ්නය:- ඒත් ආණ්ඩුව නම් කියන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ස්ථිරයි කියලනේ?
පිළිතුර:- කොහෙත්ම බෑ. මෑත ඉතිහාසයේ කිසිදු පක්ෂයක් තුනෙන් දෙකේ බලයක් ගත්තේ නෑ. 1977 ජේ.ආර්. ජයවර්ධන හයෙන් පහක බලයක් ගත්තා. ඒ පැවැති කොට්ඨාස ඡන්ද ක්‍රමයට. මේ ඡන්ද ක්‍රමයට කාටවත් එහෙම බලයක් ගන්න බෑ. අද තිබෙන ක්‍රමයට ආණ්ඩුවට 113 ගන්න එකත් ලේසි නෑ. කයිවාරු ගැහුවට එහෙම බලයක් ගන්න බෑ කියලා ඔවුනුත් දන්නවා.

ප්‍රශ්නය:- ඔබ ඉදිරිපත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ මූලික ගැටලු හැටියට හඳුනාගෙන තිබෙන්නේ මොනවද?
පිළිතුර:- විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශයේ සේවකයන් හා කර්මාන්තවල නියුතු පිරිස් ඇතුළු අවිධිමත් අංශයේ සේවය කරන පිරිස් මුහුණ පෑ ප්‍රශ්න අදටත් ඒ විදියමයි. ඒ ප්‍රශ්නවල කිසි වෙනසක් වෙලා නෑ. ආණ්ඩු මාරු වුණා කියලා ජනාධිපති මාරු වුණා කියලා ගම්පහ මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබිලා නෑ.

ප්‍රශ්නය:- ගම්පහ කියන්නේ දේශපාලන උණුසුම වැඩි තරගකාරී තැනක්. දිනන්න පුළුවන් කියල හිතනවද?
පිළිතුර:- මම ගම්පහ දිස්ත්‍රික්කය කලිනුත් නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්. හැබැයි මම මගේ ධුරය පාවිච්චි කරලා වැලි කපලා නෑ. පස් කපලා නෑ. ගල් කොරි දාලා නෑ. බාර් ලයිෂන් අරන් නෑ. මැරකම් චණ්ඩිකම් කරල නෑ. පාර්ලිමේන්තුව තුළ අවුරුදු විස්සක් ජනතාව වෙනුවෙන් හඬ නගලා තියෙනවා. ඉතින් ජනතාවගේ විශ්වාසය එදාටත් වඩා අද ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා මෙදා සැරෙත් ගම්පහ ජනතාව අප තෝරාපත් කරන බවට මට සහතිකයි.
(*** සාකච්ඡා කළේ - බිඟුන් මේනක ගමගේ)



අදහස් (2)

දහනවය අහෝසියට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ

denin Tuesday, 21 July 2020 08:25 AM

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනාධිපති වෙන්න අවස්ථාව ලැබුණේ 19වැනි සංශෝධනය නිසයි. එතුමාට හිතවත් අය මේ ගැන හිතන්න. මුලින්ම 1972 බණ්ඩාරනායක මැතිණියට 2/3 බලය ලැබුණලු... ව්‍යවස්ථාව වෙනස්කර ජනරජයක් කළාලු. රටේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවුණාලු.. ව්‍යවස්ථා සංශෝධන වලින් බඩුමිල ඉහළ යාම, වංචා, දූෂණ වැඩිවීම, රාජ්‍ය මුදල් අවභාවිතය වැනි දේවල් මිසක් රටට හෝ ජනතාවට හෝ සේවයක් වෙලා තියෙනවද කියන එකයි බොහෝදෙනා ප්‍රශ්න කරන්නේ. ඒනිසා සංශෝධන කිරීම් ඉතාකල්පනාවෙන් වියතුන් සමග කළයුතු දෙයක්...

:       0       0

thilak Wednesday, 22 July 2020 07:29 AM

අනේ විජිත, නොදුටි මොක්පුර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31407 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13674 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11029 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 287 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site