
(නිමල කොඩිතුවක්කු)
ජන දුකට පිහිට නොවන අසාර්ථකම ආණ්ඩුව බව වත්මන් ආණ්ඩුව පත්වී වසරක් තුළ ඔප්පුකර ඇතැයි සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(17) පැවසීය.
වත්මන් රජය හමුවේ රටට අත්ව ඇති ඉරණම පිළිබඳව විපක්ෂය කණගාටුවට පත්වන බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ආන්ඩුවේ මෙම අදුරදර්ශී වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගය නායකත්වයෙන් ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ මෙහෙයුම් මැදිරියේ කටයුතු ආරම්භ කරමින් ඔහු මේ බව පැවසීය.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීමත්, එම ගැටලු පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු කරවීමත්, හැකි පමණ එම ගැටලු විසදාගැනීමට සහායවීමත් යන අරමුණු ඇතිව සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය මැදිහත්වීම මත මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇත.
ඒ අනුව එම විශේෂ මැදිරියේ ක්‍රියාත්මක 011 770 1300 දුරකථනය හරහා ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකිවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
"කොරෝනා ව්‍යසනයෙන් විපතට පත්ව සිටින ජනතාවගේ දුකට පිහිට වීමේ අරමුණින් සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කොරෝනා තත්ත්වය තුළ ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට කන්දෙමින් වගකිව යුතු විපක්ෂයක් විදියට ජනතාවට සහන ලබාදීමේ ප්‍රායෝගික වැඩසටහනක් අපි මේ විදියට ආරම්භ කරලා තියෙනවා.
සමගි ජන බලවේගය ජනතාවගේ දුකට කන්දෙන ජනතාවට සවන් දෙන දේශපාලන ව්‍යාපාරයක්. කොරෝනා වෙන් විපතට පත් වූ සමස්ත ජනතාවගේ හඩ උත්තරීතර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් ජනතා ප්‍රශ්න වලට සාධනීය විසඳුම් ලබාදීමට අපි කටයුතු කරනවා යැයිද කීය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජන දුකට පිහිට නොවන ආණ්ඩුව අසාර්ථකයි