IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


සංචරණ සීමා තව තද වේද?

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඉල්ලා අස්වී ඒ වෙනුවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වන බවට ආරංචි ඉකුත් සතියේ පැතිර ගියේය.

අතුරලියේ රතන හිමියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමි වූයේ විශාල සටනකින් පසුවය. ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂය කොඩිය ලකුණින් තරග කළ නමුත් එකම ආසනයක් හෝ දිනා ගැනීමට හැකි වූයේ නැත. එහෙත් එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි විය. ලංකාවේ විශාලතම පක්ෂයක් වන එජාපයට ද හිමි වූයේ එකම එක අසුනකි.

එම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මාස දෙක තුනක් යනතුරුත් ගැටලු මතු වූ නිසා මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් ගෙන තිබුණේය. ඒ, පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයට මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් නොවීමටය. අධිකරණය මාර්ගයෙන් පක්ෂ අර්බුදය විසඳාගෙන නීතිමය තත්ත්වය මැතිවරණ කොමිෂන් සභාවට දන්වන්නැයි ද එම කොමිසම පක්ෂයේ ක්‍රියාකාරීන්ට දන්වා තිබිණ. කෙසේ වෙතත් අවසානයේ පක්ෂ ක්‍රියාකාරීහු නොකැමැත්තෙන් වුව ද එකඟතාවකට පැමිණියහ.

ඒ අනුව අතුරලියේ රතන හිමියෝ ඉකුත් ජනවාරි මස 5 වැනි දින මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්හ. උන්වහන්සේගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඉකුත් දා අදහස් දක්වා තිබිණ. ඔහු සඳහන් කර තිබුණේ අතුරලියේ රතන හිමියන්ට මන්ත්‍රී ධුරය ලබා දී ඇත්තේ මාස තුනකට පමණක් බවය. රතන හිමියන් එකඟ වූ ආකාරයට පසුව එම ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන බව ද සමන් පෙරේරා පවසා ඇත්තේය. කෙසේ වෙතත් මේ වනවිට මාස හයක් ගත වී ඇති හෙයින් රතන හිමියන් ඉල්ලා අස් වී එම මන්ත්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බාරදෙනු ඇතැයි ද සමන් පෙරේරාගේ අදහසය. එම පුවත ඉකුත් දින කිහිපය තුළම සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ගියේය. එහෙත් රතන හිමියන් හෝ ගලගොඩඅත්තේ හිමියන් හෝ කිසිවක් ප්‍රකාශ කළේ නැත. මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී එවැන්නක් සිදුවේදැයි යන්න ස්ථිරවම කිව නොහැකිය. මේ අතර මාස ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බාරගැනීමට අපේක්ෂාවෙන් පසුවන එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ මාසය තුළ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට තිබේ. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතික යෝජනාවක් සම්මත කරගත් නමුත් ඒ ගැන තමන් සලකා බලන බවත් රනිල් වික්‍රමසිංහ ඉකුත් දා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එජාප ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ නායක රනිල් වික්‍රමසිංහ මේ මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමකදී මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇති බවය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ඉකුත් දා තවත් රාජ්‍ය ඇමැති ධුරයක් හිමි විය. නාමල්ට ලැබුණේ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයයි. නාමල් රාජපක්ෂට පැවැරී ඇත්තේ තාක්ෂණ, ව්‍යාපාර ව්‍යවසායකත්වය කේන්ද්‍ර කරගත් ආයෝජන හා ආශ්‍රිත සේවා ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීමය. මීට අමතරව ඩිජිටල් තාක්ෂණ ප්‍රවර්ධනය පුළුල් කිරීම මගින් විදේශ ආදායම් ඉපදවීම සහ ඉහළ ආදායම් සහිත රැකියා සඳහා තරුණ තරුණියන්ට යොමු වීමට ඇති අවස්ථා පුළුල් කිරීම ද වගකීමක් ලෙස නව රාජ්‍ය අමාත්‍යාංශය යටතට පවරා දී තිබේ.
ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබූ විෂයන් හා ආයතන කිහිපයක් නව රාජ්‍ය අමාත්‍යාංශයට පවරා තිබීම ද විශේෂත්වයකි. කාර්මික තාක්ෂණ ආයතනය,
 ශ්‍රී ලංකා නැනෝ ටෙක්නොලොජි ආයතනය,
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සියලු තොරතරු තාක්ෂණ උද්‍යාන ද නාමල් රාජපක්ෂගේ රාජ්‍ය අමාත්‍යාංශයට පවරා දී තිබේ.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතින බවත්, විපක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ පත් කරගැනීමේ සූදානමක් පවතින බවටත් තවත් දේශපාලන හාහූවක් ඉකුත් දා පැතිර ගියේය. එහෙත් සමගි ජන බලවේගය පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ තමන් සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිගන්නා බවය. මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ ආණ්ඩුවේම පිරිසක් දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස මෙවැනි ප්‍රචාර සිදුකරමින් තිබෙන බවය. එය සිහිනයක් පමණක් බව ද එම මන්ත්‍රීවරු පැවැසූහ. මේ අතර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ඉකුත් බදාදා විශේෂ ප්‍රකාශයක් කර තිබුණේය. ඔහු සඳහන් කර තිබුණේ රනිල් වික්‍රමසිංහ යළි බලයට පත්කිරීමේ අවශ්‍යතාවක් තමාට නැති බවය. “සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස පත් කරන්න මමයි මුල් වුණේ. මම සිහින දකින්නේ නිපුණතාව හා හැකියාව තිබෙන පරම්පරාවට රටේ පාලනය හිමිකර දීමටයි. රනිල් කියන්නේ පාරම්පරික ප්‍රභූ පැළැන්තියේ නෂ්ඨාවශේෂයක්. එවැනි පන්තියට විරුද්ධවයි මම මගේ ප්‍රතිපත්ති මෙහෙයවන්නේ” යැයි පාඨලී චම්පික රණවක කීවේය. ඔහු තවදුරටත් කීවේ සජිත් ප්‍රේමදාසගේ ඉදිරි ක්‍රියාමාර්ග මත අනාගතය තීන්දු වනු ඇති බවය.

ඉකුත් සති අන්තයේ සිට එජාප නායක රනිල් රැස්වීම් ගණනාවක් පවත්වා තිබිණ. ඒවා පවත්වා තිබුණේ සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ රනිල්ගේ නිවෙස්වලය. එම සාකච්ඡාවලට මූලික කරුණ වී තිබුණේ නව එක්සත් ජාතික පක්ෂයක් බිහි කිරීමට තරුණ කණ්ඩායමක් පත් කරගැනීමටය. වයස අවුරුදු 25ත් 3ත් අතර වයසේ පසුවන තරුණ සංවිධායකවරුන් පත් කරගැනීමට ද එම සාකච්ඡාවලදී තීන්දු කෙරිණි. එජාපය පත් කරගන්නා සංවිධායකවරුන්ගේ සියයට 60ක්වත් තරුණ වයසේ පසුවිය යුතු බවට ද එහිදී එජාප නායකයෝ තීන්දු කළහ.

තවද රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පත්වූ පසුව අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද එක්ව කටයුතු කළ යුතු ආකාරය ගැන ද එහිදී සාකච්ඡාවට බඳුන් වූයේය. එම සියලු සාකච්ඡාවලට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සාගල රත්නායක, රංගේ බණ්ඩාර, අකිල විරාජ් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

මේ අතර කොරෝනා පැතිර යාම හේතුවෙන් දැඩි සංචරණ සීමා පනවා සති තුනකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබේ. රජය නිවේදනය කළේ ලබන සඳුදා වනවිට එම සංචරණ සීමා අහෝසි කරන බවටය. එහෙත් රට තුළ තවමත් කොරෝනා රෝගීන් හමුවීම ඉහළ යාම හා මරණ සංඛ්‍යාව වැඩි වීම යන කරුණු කාරණා සලකා තවදුරටත් සංචරණ සීමා පැනවිය යුතු බවට ඇතැම් පාර්ශ්ව මේ වනවිට රජයට යෝජනා කරමින් තිබේ. අඩුම තරමින් ලබන පොසොන් උත්සවය නිමවන තෙක්වත් සංචරණ සීමා දැඩිව පැනවිය යුතු යැයි ද එම පිරිස යෝජනා කර තිබුණේය. එහෙත් ආණ්ඩුව ඊයේ පස්වරුව වන තෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන තිබුණේ නැත. කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරන්නේ විශේෂඥ අදහස් හා රෝගීන්ගේ ප්‍රමාණය සලකා බලා ඉදිරි තීන්දු ගන්නා බවය. කෙසේ වෙතත් ආරංචි පැතිර ගියේ බොහෝ විට සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවටය.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි සජිත් ප්‍රේමදාස ඉකුත් දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවූයේ නැත. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු රැස්වීම පැවැතියේද නායක සජිත් ප්‍රේමදාස නොමැතිවය. පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ශාලාවේ ඉකුත් සඳුදා පැවැති එම රැස්වීමේදී විශේෂ කතාබහක් ඇති වූයේය. එම රැස්වීමට ලක්ෂ්මන් කිරිඇල්ල ලේඛනයක් රැගෙන විත් තිබුණේය. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය සම්බන්ධයෙන් විශ්වාසය පළකරමින් යෝජනාවක් ස්ථිර කරගත යුතු බවය. එහෙත් සමගි ජනබලවේගයේ පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරු ඊට එකඟනොවූහ. ඔවුන් කීවේ එවැනි යෝජනාවක් සම්මත කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැත කියාය. මෙතන පක්ෂ නායකයන් සියලු දෙනාම ඉන්නවා. අලුතින් යෝජනාවක් ගේන්න අවශ්‍ය නැහැ. මන්ත්‍රීවරු කීප දෙනෙක්ම පෙන්වා දුන්නෝය. මේ අතර පිරිස අතර යම්යම් කසුකුසු සිදුවන්නට පටන්ගත්තේය. එහිදී නැගී සිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ තරමක ආවේගාත්මක ප්‍රකාශයක් කළේය. ඔහු ලක්ෂ්මන් කිරිඇල්ලට චෝදනා කරන්නට වූයේය. ‘‘ඔය එක එක්කෙනාගේ කොන්ත්‍රාත් අරගෙන එන්න එපා. අපි මන්ත්‍රීවරු. එක එක්කෙනා කියන කියන දේවල් කරන්න අපට අවශ්‍ය නැහැ. අපට ස්වාධීනත්වයක් තියෙන්න ඕනේ. මන්ත්‍රීවරුන් නටවන්න හදන්න එපා’’ යැයි මනුෂ නානායක්කාර කීවේය. ඉන්පසුව පාර්ලිමේන්තු කණ්ඩායම ඊට එකඟත්වය පළ කළේය. ඉන්පසුව සජිත් නායකත්වය ගැන විශ්වාසය පොදු යෝජනාවක් ලෙස ස්ථිර කර ගැනීමට ඔවුහු කටයුතු කළහ.

මේ අතර ඛණිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් යන බවට ආරංචියක් ඉකුත්දා පැතිර ගියේය. එම ආරංචිය සම්බන්ධයෙන් වැඩිපුරම කලබලයට පත්වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඉකුත්දා ඒ සම්බන්ධයෙන් අදහස් පළකරන්නට විය.

 කොරෝනා වසංගතය අස්සේ ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න ආණ්‍ඩුවට අවශ්‍ය වෙලා 1961 අවුරුද්ද වනතෙක් ලංකාවට තෙල් ආනයනය, ගබඩාකිරීම සහ බෙදා හැරීම කළේ බහු ජාතික සමාගම් කීපයක්. කොහොම හරි ඊට පස්සෙ ආණ්‍ඩුව තෙල් පිළිබඳ ඒකාධිකාරිය රජය සතුකර ගත්තා. ජනසතු කිරීමේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස 1961 අංක 28 දරන ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත සම්මත කර ගත්තා. පනත සම්මතවීමෙන් පසුව එම ව්‍යාපාරය ලාබ ලබන තත්ත්වයට පත්වුණා. මුල් වකවානුවේ විශාල ලාබයක් ලැබුවා. කොපමණ ලාබ ලැබුවාද කිව්වොත් තෙල් සංස්ථාවට නැව් තුනක් පවා මිලදී ගන්න හැකිවුණා. මේ ආණ්ඩුව හදන්නෙ පනත සංශෝධනය කරල මේ ව්‍යාපාරය පෞද්ගලික අංශයට පැවරීමටයි. මේ වැඩපිළිවෙළට ඉඩ දෙන්න බැහැ. ඒක පරාජය කරන්න ඕනෑ යැයි ද විජිත හේරත් ජවිපෙ අදහස ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාව සතුව තවමත් තිබෙන්නේ 2020 වසරට අදාළ ඡන්දහිමි නාමලේඛනයයි. සාමාන්‍යයෙන් ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය කිරීමේ කටයුතු ආරම්භ වන්නේ ජුනි මාසයේ පළමුවැනිදා සිටය. රටේ පවත්නා කොවිඩ් වසංගතය හේතුවෙන් එම කටයුතුද සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව 2020 වසරේ ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු පරීක්ෂා කර සංශෝධනය කළ යුතු නම් පමණක් ආකෘති පත්‍රයට ඇතුළත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා තීන්දුවක් ගත්තේය.

(*** කස්තුරි)



අදහස් (1)

සංචරණ සීමා තව තද වේද?

janahitha Saturday, 12 June 2021 04:53 AM

තද වුණොත් හුස්ම ගැනිම අපහසු වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කරළියේ පෙරළි

නිමක් නැති ඩොලර් අර්බුදය
2022 ජනවාරි මස 22 4482 3

ඩොලර් අර්බුදය එන්න එන්නම දරුණු අතර හැරෙමින් පවතියි. ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය පහත යමින් තිබෙන බවය. සංචිතය ස


රට ගොඩගන්න අයි.එම්.එෆ් යන්න බලපෑම්
2021 දෙසැම්බර් මස 17 2895 6

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට හෙවත් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා පියවර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා විසින් ඉ


අවුලෙන් අවුල් වූ පෝර ප්‍රශ්නය
2021 නොවැම්බර් මස 26 3032 0

මාතලේ දිස්ත්‍රික් ස.ජ.බ. පක්ෂයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී බඩුමිල සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.


බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
2021 ඔක්තෝබර් මස 15 3186 4

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‍ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත්විය. සහල්, සීනි, ගෑස් සහ සි


ගුරු වැටුප් සටන දුර දිග යයිද?
2021 ඔක්තෝබර් මස 08 4192 4

නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ගණනාවක් මේ වන


සීමා පිට ඇරෙන රට
2021 ඔක්තෝබර් මස 01 3058 1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දොස් අසන්නට සිදු වූයේය. සහල්, කිරිපිටි, ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 405 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 104 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1129 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site