(හැටන් රංජිත් රාජපක්ෂ)
නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
නවීන් දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද (09) පස්වරුවේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති පොකුරු රැස්වීමක් අමතමිණි.
මෙම රැස්විමේදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙසේ කියා සිටියේය.
‘‘අපේ රටේ අස්සක් මුල්ලක් නෑරම අපි ගිහිල්ලා තියෙනවා, මම හරියටම සතියක් උතුරු මැද පළාතේ හිටියා, මහවැලි ගම්මාන වෙත ගියා. සජිත් ප්‍රේමදාස මහතා ගැන තියෙන ඉල්ලුම දෙගුණ වෙලා.
අපිට සිංහල බෞද්ධ ඡන්ද 40%ක් අවශ්‍යයි, දමිල, මුස්ලිම් ඡන්ද ආවොත් අපිට මේ ගේම් එක ගහන්න පුළුවන්.
නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කර දෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.
සමහර දිස්ත්‍රික්කවල අපිට අවාසි වෙන්න පුළුවන්, හැම දිස්ත්‍රික්කයක්ම අපිට දිනන්න බැහැ. විශේෂයෙන්ම නුවරඑළිය, මහනුවර, මාතලේ උතුරු නැගෙනහිර අපි දිනන්නේ බුරුතු පිටින්...
ඒකයි ජනාධිපතිවරණය අපිට වාසි වෙන්නේ, මහ මැතිවරණයක ඡන්ද කැඩිලා යනවා.
එක්සත් ජතික පක්ෂය කුල, ආගම් කිසිම භේදයක් නැ, අපි එක්සත් ජාතික පක්ෂය දිනවන්න පුළුවන් හොඳම අපෙක්ෂකයා ඉදිරිපත් කරලා තියෙනවා...‘‘ යනුවෙන් පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සජිත්ගේ ඉල්ලුම දෙගුණවෙලා