IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු විවාදය අවසන්

රටේ ඇතිවී ඇතැයි කියන අස්ථාවර භාවය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අස පස්වරු 6.23ට පමණ අවසන් විය.  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ජගධීර මහතා අවසන් වරට විවාදය එක්වූයේය.

ඔහුගේ කතාවෙන් පසු පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තබන බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය. 

රටේ ඇතිවී ඇතැයි කියන අස්ථාවර භාවය ගැන විවාදයක් අවශ්‍ය යයි අද උදේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව පාර්ලිමේන්තුව මිනිත්තු 15කට කල් තබා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී තීරණය වූයේ අද සවස 4ට එම විවාදය ආරම්භ කිරීමටයි. 

අද පස්වරු 4.00 ට විවාදය ආරම්භ කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාවක් ඉදිරිපත් කළ අතර විමල් වීරවංශ මහතා එය ස්ථිර කළේය. ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ම විවාදයට එක්වෙමින් අදහස් දැක්වූහ.  

විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර වංචා දූෂණ සම්බන්ධයෙන් දෙදෙනාම චෝදනා එල්ල කර ගත්හ.

 

විවාදයේදී මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් පහත සම්බන්ධතාවලින්...

විමල් එළියේ ඉන්නේ අගමැති නිසා - මුජිබුර් රහුමාන්

 

අපි ආණ්ඩුවට මුක්කු ගහන්න යන්නේ නෑ - නාමල්

 

ආණ්ඩුව විසිරුවා ඡන්දයකට යමු - වාසු

 

ව්‍යාකූලත්වයට හේතුව ජනපති - අගමැති බල පොරයයි - අනුර කුමාර

 

කිසිසේත්ම රජය අතහැර යන්නේ නෑ - එස් . බී

 

ජාතික ආණ්ඩුව දිගටම යනවා - තිලංග

 

රාජිත - විමල් ගැටුමක

 

ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 13ට බස්සපු නායකයාට දැන් එහි අයිතියක් නෑ - විමල් වීරවංශ

 

ආණ්ඩුව ගෙදර යායුතුයි - දිනේෂ් ගුණවර්ධන



අදහස් (8)

පාර්ලිමේන්තු විවාදය අවසන්

අමල් Monday, 19 February 2018 01:45 PM

ඔබ තමුන්නාසේලා සියලු දෙනාම ගෙදර යා යුතුයි. මහින්ද මහතාගෙන් ගොඩ ගියා ඇරෙන්න කරපු කිසිම දෙයක් නොමැත.

:       14       105

Jagath Leanage Tuesday, 20 February 2018 12:37 AM

අන්තිමට, "නටපු නැටුමකුත් නැහැ බෙරේ පාළුවකුත් නැහැ".

:       1       1

asadTuesday, 20 February 2018 04:28 AM

රටේ යුද්ධය ඉවර කල පමණින් රටක් ගොඩ යන්නේ නෑ.

:       1       1

sirimal Monday, 19 February 2018 02:06 PM

ආණ්ඩුව පෙරලා රාජ්‍ය බලය ලබාදෙන්න කියල නේද විවාදයක් ඉල්ලුවේ? කෝ එතකොට බලයට පත් කරන්න හිටිය මන්ත්‍රීතුමා මේ වතාවෙත් " ඇබ්සන්ට්" නේ. විවාදය පටන්ගත්ත කෙනාත් වැඩේ ඉවරවෙන්න කලින් සේරම දමල ගහල පුපුරා පුපුරා එළියට ගියා කියලයි කියන්නේ. දැන් ඉතින් වොයිස් කට් දෙයි බ්‍රේකින් නිවුස් දායි ඇති වෙනකන්.

:       4       47

Saman Monday, 19 February 2018 02:57 PM

පොහොට්ටු ලොක්කා අදත් නැද්ද? චන්දෙ දීපු අයට 'සුභ අනාගතයක් '

:       16       94

Saman Monday, 19 February 2018 02:59 PM

පොහොට්ටු ලොක්කා තවම රගර් බලනවා. ඒකයි ආවේ නැත්තේ...

:       121       130

Bamunuarachchi Monday, 19 February 2018 04:03 PM

හැම තැනදිම ලොක්කා ඉන්නේ නැහැ ඒ වුනාට වැඩේ යනවා. අන්න ඒකයි නියම පරිපාලනය.

:       0       0

Chandra Monday, 19 February 2018 05:50 PM

මොනවා හරි කරලා පසුගිය නඩු ටිකෙන් අපිව බේරුනොත් ඇති. රටට මොනා වුනත් මොකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 163 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 370 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site