(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ශ්‍රී ලංකාව නැවත යථා තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්නුම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්‍රථම වතාවට මේන් ෂිෆ්ට් 06 සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ (02) කොළඹ වරායට සේන්දු විය.
ජර්මනියේ ටී.යූ.අයි කෲසස් සමාගම මෙහෙයුම් කටයුතු සිදුකරන මේන් ෂිෆ්ට් 06 නෞකාව ජාත්‍යන්තර මගීන් 2300 ක් සමග කොළඹ වරායට පැමිණ ඇත. නෞකාවේ වැඩිම පිරිස ජර්මන් ජාතිකයන් බවත් විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා නෞකාවේ පැමිණි අමුත්තන් මුණ ගැසීමට නැවට ගොඩවූ බවත් එහිදී අමාත්‍යවරයා ඔවුන්ගේ මත විමසා සිටි බවත් සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මේන් ෂිෆ්ට් නෞකාව කොළඹ වරායට පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මේන් ෂිෆ්ට් නෞකාව මෙරටට පැමිණීමෙන් ජාත්‍යන්තර පැහැදිලි පණිවුඩයක් ලැබෙන බවත් ශ්‍රී ලංකාව සංචාරකයන් නැවතත් පිළිගැනීමට සූදානම් බව එම පණිවුඩය බවත්ය.
මගීන් 2300 න් පළමු දිනයේ මගීන් 1600 ක් එක් දින සහ අර්ධ දින විනෝද චාරිකා සඳහා පිටත්ව තිබූ බවද සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එම සංචාරකයන් පිටත්ව ගිය ප්‍රදේශ අතර ගාල්ල, මාදුඔය, කළුතර සහ කොළඹ තිබෙන බවද සංචාරක අමාත්‍යාංශය පැවැසුවේය. සංචාරකයන් පිටතට ගෙන යාම සඳහා බස් 72 ක් සහ කුඩා වෑන් රථ 30 ක් යොදවා තිබූ බවද සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 21
300
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
327
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1257
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කුණාටුවෙන් පසු මෙරට සංචාරයට ආ දැවැන්තයා