IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (17) දැනුම් දුන්නේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්විය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු කමිටුවක් පත් කර ඇති අතර සමගි ජන බලවේග පාර්ශවයේ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයවයි.

කෙසේ වෙතත් එම සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් නිල වාර්තාවක් තවමත් තමාට ලැබී නැතැයි කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වා ඇති රනිල් වික්‍රමසිංහ මහතා අදාල සාකච්ඡා ඉතා ඉක්මනින් අවසන් කළ යුතුව ඇතැයිද තවදුරටත් මන්දගාමීව ඇදගෙන යෑමට කාලයක් නැතැයිද දැනුම් දී තිබේ.

ලබන වසරේ සිට විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු වන හෙයින් ඉහත සාකච්ඡා කඩිනම් කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු යැයි එම සාකච්ඡා වලදී එකඟතාවයකට පැමිණියහොත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට එය ගැටළුවක් නොවේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවාට තමාද කැමති බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.

අදාළ සාකච්ඡා වලදී රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත් හෝ වෙනත් අයකුට නායකත්වය දිය යුතු යැයි යෝජනාවක් පැමිණියහොත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට කිසිම ගැටලුවක් නැතැයිද වික්‍රමසිංහ මහතා පවසා ඇත.

එවැනි එකතුවක් සඳහා තමා ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවද එජාප නායකයා කීවේය.

" මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් හිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි.ඒ වගේම රට අසීරුම මොහොතකට පත් වූ අවස්ථාවේ රට බාරගෙන ඉහළට ඔසවා තබන්නට කටයුතු කළා.ඒ නිසා මේ අත්හැරීම මට ගැටලුවක් නොවේ. හැබැයි මෙය ඉක්මනින්ම ඉවර කළ යුතුයි"යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට වැඩි දුරටත් පවසා ඇත.

 



අදහස් (0)

’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site