හොරණ අධ්‍යාපන කලාපයේ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ ජී.ඩී. රත්නපාල මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට 84 වන වියේ පසුවූ ඒ මහතා හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ලේකම්වරයෙකු ලෙසද සේවය කර ඇත.

එමෙන්ම ඒ මහතා පිරිවෙන් අධ්‍යක්ෂවරයකු, ගුරුවරයකු මෙන්ම ලේඛකයකු ලෙසද කටයුතු කර ඇත.

දෙදරු පියෙකු වූ ඒ මහතාගේ දේහය මේ වනවිට හොරණ උඩවත්ත පාරේ පිහිටි ප්‍රියන්ත ලාල් හෙට්ටිආරච්චි මහතාගේ “ගෝල්ඩ් හවුස්” නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 2026 ජූනි මස 19 වන සිකුරාදා පස්වරු 4.00ට හොරණ පොදු සුසාන භූමියේ දී  සිදු කිරීමට නියමිතය.