IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී

සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වුණු මෙරට සිනමාවේ සම්මානනීය සහ ජ්‍යෙෂ්ඨතම සිනමා නිර්මාණවේදිනියක වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ඇය අභාවප්‍රාප්ත වන විට 87 වැනි වියෙහි පසුවිය.  

ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ලාංකීය සිනමාව වෙනුවෙන් සිනමා නිර්මාණ දායාද කළාය.

ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ ”සංදේශය” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙසින් 1960 වසරේ සිනමා වරම් ලැබූ ඇය ඉන්පසු සංස්කාරවරියක් ලෙසින් ”ගම්පෙරළිය”, ”දෙලොවක් අතර”, ”රන්සළු”, ”අක්කර පහ”, ”ගොළු හදවත” සහ ”බක්මහ දීගේ” වැනි චිත්‍රපටවලට සම්බන්ධ වූවාය.

“ගැහැණු ළමයි” චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ඇය “ගඟ අද්දර”, “යහලු යෙහෙලි”, “මායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහලුවෝ” සහ “වෛෂ්ණාවී” වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්‍ෂණය කළාය.

“ගැහැණු ළමයි” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයට ද පිවිසි ඇය සිය සැමියා වන ලෙස්ටර් ජේම්ස් සූරීන් සමඟ එක්ව “ගොළු හදවත” ටෙලිනාට්‍යයේ සම අධ්‍යක්ෂණයෙන් ද දායක වූවාය.

සිනමා සංස්කාරවරියක සහ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක ලෙස දෙස් විදෙස් සම්මානයන්ගෙන් ද ඇය පිදුම් ලැබුවාය.

ඉකුත් වසරේ ඇය ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබූ අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත. 

(ඩයනා උදයංගනී)


 



අදහස් - (0)

හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 157 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1961 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7131 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3552 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 433 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site