IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ප්‍රවීණ  ග්‍රන්ථ කතුවරියක් වන  සෝමා ජයකොඩි  මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට ඇය 78 වියේ පසුවූවාය. කලක් රෝගාතුරව පසුව ඇය අද අලුයම පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ සමීප ඥාතීන් පවසයි.

නවකතා, ළමා අධ්‍යාපන ග්‍රන්ථ, ළමා කවි, යොවුන් කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, චරිත කතා  හා ගුවන් නාට්‍ය නිෂ්පාදනයද කර ඇත.

 ඇය විසින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන  සේවා මණ්ඩලයට පරිත්‍යාග කළ   බණ්ඩාරගම මැදගම ගඟ පාරේ පිහිටි ඇයගේ නිවස වන "සෝමා   ජයකොඩි ආදර්ශ පුස්තකාල හා පුහුණු මධ්‍යස්ථානයේදී  දේහය    තැන්පත් කිරීමටනියමිතය. 

ඇයගේ අවසන් කටයුතු   එළඹෙන 29 වෙනි  බදාදා මැදගම අඳුන්වැන්න  ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය

 



අදහස් - (1)

ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි

සඳමාලි Monday, 27 October 2025 10:16 AM

තමා ජීවත් වූ නිවස ආදර්ශ පුස්තකාලයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් වැනි පොදු කටයුත්තකට පරිත්‍යාග කිරීමේ පින ඔබතුමියගේ භව ගමන කෙටි වීමට හේතු වාසනා වේවා සෝමා ජයකොඩි ලේඛිකාවනි, මැතිනියනි...!

:       1       11

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 960 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7041 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3509 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 264 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 406 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


මොනරාගල හිටපු ක්‍රීඩා නිලධාරී ප්‍රේමරත්න මිය යයි
2025 ඔක්තෝබර් මස 06 55 0

මොනරාගල හිටපු දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී එල්.ඒ.ඩී ප්‍රේමරත්න (79) මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site