IMG-LOGO

නූර්ති සම්ප්‍රදායේ අවසන් පුරුක දිවියට සමු දෙයි

(අමිල චින්තක ගමගේ)

නූර්ති සම්ප්‍රදායට ඉමහත් සේවයක් කළ ගායන හා වාද්‍ය විශාරද ටවර් හෝල් ශිල්පී,කලාභූෂණ දොන් ලයනල් විජේසිංහ ගුණතිලක මහතා අභාවප්‍රාප්ත ඊයේ (30) අභාවප්‍රාප්ත විය.

එතුමා නූර්ති නාඩගම් කලාවේ අන්තිම පුරුක ලෙසද සැලකෙයි.

1933-01--06 උපත ලැබූ ඒ මහතා මිය යන විට 92 වන වියේ පසුවිය.

ගුණතිලක මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

ලයනල් මහතා රාමායනය, විදුර, සකුන්තලා,සමුද්‍රදේවී ආදී ගීතවල නව ප්‍රස්ථාර ඇතුළත් කෘති 12 ක් පමණ පළ කර තිබේ. ඊට අමතරව රූපවාහිනී ආලකමන්දාව මගින් විශේෂ වැඩසටහනක්ද ඔහු වෙනුවෙන් නිර්මාණය විය.

දේහය දැනට 327/1,පරණ කොට්ටාව පාර,ඇඔුල්දෙනිය, නුගේගොඩ නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසාන කටයුතු හෙට ( 02) සවස 5 00 ට උඩහමුල්ල සුසාන භුමියේදී සිදු කෙරේ.

 



අදහස් - (1)

නූර්ති සම්ප්‍රදායේ අවසන් පුරුක දිවියට සමු දෙයි

Senarath Tuesday, 21 January 2025 09:24 AM

එතුමාට නිවන් සුව අත්වේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ඕ.අයි.සී මහකුමාර දිවි ගමනට සමු දෙයි
2025 මැයි මස 09 731 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 4533 3

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 9264 2

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 1499 1

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඩ වෙයි
2025 මාර්තු මස 04 5848 2

ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි
2025 මාර්තු මස 01 5262 5

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


Our Group Site