IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි

(අමදෝරු අමරජීව )

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය  රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබද්දී අද (21)  අභාවප්‍රාප්ත විය .

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාව සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබල වේගයෙන් ගල්කඩවල කොට්ඨාසයට තරග වැදී ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභාවට තේරී පත්වීමෙන් පසුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් පත්වීය.

අභාවප්‍රාප්ත රංග ධර්මදාස මහතා ගෝමරංකඩවල තිරප්පනේ පදිංචිකරුවෙකු වන අතර රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි .වෘත්තීය ගොවිතැනින් ජීවත් වූ ඒ මහතා අවිවාහකයෙක් වූ අතර ඔහුට සහෝදරියන් දෙදෙනෙකු සිටි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ඒමට නියමිතය .



අදහස් - (1)

ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි

කෞෂි Friday, 21 November 2025 11:16 AM

නිවන් සුව ලැබේවා

:       3       5

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 1646 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 1892 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 1933 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5366 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 371 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 2131 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


Our Group Site