
මාතලේ පල්ලේපොළ මනන්වත්ත නිවසේ පදිංචිව සිටි විශ්‍රාමික විදුහල්පතිනියක වූ විනීතා දිසානායක මහත්මිය අභාවප්‍රප්ත වූවාය.
මිය යන විට 87 වැනි වියේ පසු වූ ගුරුමාතාව දරුවන් දෙදනකු ගේ මවක වූවාය.
සඳලංකාව මධ්‍යමහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපන ලැබූ ඇය සඳලංකාව මධ්‍යමහා විද්‍යාලයෙන්ම ගුරුවෘත්තිය ආරම්භ කළාය.
පසුව මාතලේ මැදැබැද්ද මහා විද්‍යාලය සහ මාතලේ බී.එම්.එස්. විද්‍යාලයේ විදුහල්පතිනය ලෙස කටයුතු කළාය.
විශ්‍රාම යෑමෙන් පසු ප්‍රදේශයේ සමිති සමාගම්වල කටයුතු කරමින් සමාජසේවා කටයුතුවල නිරත වූ ඇය මනන්වත්ත විහාරස්ථානයේ දහම් ගුරුවරියක ලෙස ද කටයුතු කළාය.
පල්ලේපොළ මනන්වත්ත නිවෙසේ ඇගේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (26) සවස මාතලේ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd