(තිලකරත්න දිසානායක)

මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු , ගම්පහ හිටපු දිසාපතිවරයකු සහ ජාතික පොලිස් කොමිෂමේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂවරයාව සිටි එස්.එච්.එම්.චන්ද්‍රසේන මහතා අභාවප්‍රාප්ත විය.

මියයනවිට 80 වෙනි වියෙහි පසුවූ චන්ද්‍රසේන මහතා සිව් දරු පියෙකි.

දේහය ගම්පහ ජයන්ත මල් ශාලාවේ තැන්පත් කොට ඇති අතර ආදාහන කටයුතු හෙට (22) සවස 4 ට ගම්පහ , කසගහවත්ත ආදාහනාගාරයේ සිදු කිරීමට නියමිතය.