සම්මානනීය කැමරා අධ්‍යක්‍ෂවරයකු වූ ඩොනල්ඩ් කරුණාරත්න මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
අග්‍රගන්‍ය චිත්‍රපට කැමරා අධ්‍යක්‍ෂවරයකු වූ ඔහු ඇමෙරිකාවේ, කැලිෆෝනියා හි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.
ඩොනල්ඩ් කරුණාරත්න මහතා මියයන විට 77 වැනි වියෙහි පසුවිය.
ඔහු ‘අහසින් පොළොවට’, ‘ගඟ අද්දර’, ‘කරුමක්කාරයෝ’, ‘යහළු යෙහෙළි’, ‘මලට නොඑන බඹරු’, ‘දඩයම’, ‘මායා’, ‘ක්‍රිස්තු චරිතය’, ‘පොරොන්දුව’, ‘සක්කාරං’, ‘ස්වරූප’, ‘වෛෂ්ණාවී’ ආදී චිත්‍රපට රැසක කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේය.
ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ප්‍රශස්ත කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් හය වතාවක් සම්මාන ලැබූ ඔහු පසුගිය ජනාධිපති සිනමා සම්මාන උළෙලේ විශේෂ අභිනන්දන උපහාරයකින් පිදුම් ලැබීය.
ඩොනල්ඩ් කරුණාරත්න මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
(ඩයනා උදයංගනී)
COMMENTS