මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 50 කට ආසන්න කාලයක නිරතව සිටිමින් ලංකාදීප , දවස සහ දිවයින යන පුවත්වල කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුර වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය.

දෙදරු පියකුවූ වික්‍රමසිංහ මහතා කලක් රෝගී තත්ත්වයෙන් සිටි අතර මියයන විට 80 වෙනි වියෙහි පසුවිය.

තැපැල් ස්ථානාධිපතිවරයකු වශයෙන් සහ තැපැල් කාර්යාල විමර්ශන පරීක්ෂකවරයකු වශයෙන් කටයුතු කර විශ්‍රාම ලබා පසුව පූර්ණකාලීනව ලංකාදීප පුවත්පතෙහි ගම්පහ ප්‍රාදේශීය මාධ්‍යවේදී ලෙස කටයුතු කළේය.

අනුර වික්‍රමසිංහ මහතාගේ දේහය ගම්පහ , දයාරත්න මල් ශාලාවේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු අද (24) සවස 4 ට ගම්පහ , කසගහවත්ත ආදාහනාගාරයේදී සිදු කෙරෙන බව පවුලේ ඥාතීහු සදහන් කළහ.