IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ලංකාවේ ප්‍රථමවරට බර යන්ත්‍රෝපකරණයක් හදපු පානදුරේ කොල්ලෙක්

නව නිපැයුම් අපේ හපන්නු

 

බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ සන්නාමයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන තරුණයෙක් ගැන මෙවර නව නිපැයුම් හපන්නු තුළින් ඔබට ගෙන එන්න සිතුවා.   


ජීවිතේ අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ හීන සැබෑ කරගන්න. අද අපි කතා කරන්න යන්නේත් Heavy Machine ගැන පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් නිසා Excavator (එක්ස්කැවේටර් යන්ත්‍රයක්) තනිව නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ප්‍රථම වරට සන්නාමයක් නිර්මාණය කළ අපූරු තරුණයකු ගැනයි. 

 
ලංකාවේ තාක්ෂණය යොද‌ාගෙන අපේ රටේ නව විශේෂාංග සහිත එක්ස්කැවේටර් යන්ත්‍රයක් නිර්මාණය කළ ඒ දක්ෂයා තමයි භූෂිත සෙහාන් ගීකියනගේ. පානදුර ප්‍රදේශයේ ජීවත්වෙන ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් සහ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාර‌ා ඇති අතර පෞද්ගලික විශ්වවිද්‍යාලයක යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හද‌ාරමින් උසස් අධ්‍යාපනය හද‌ාරා ඇත.   


‘‘මම පාසලේ 6 ශ්‍රේණියේ ඉඳලම නව නිපැයුම් අංශයෙන් විවිධ දේවල් නිර්මාණය කළා. මුලින්ම මකුළු දැල් කඩන යන්ත්‍රයක් හැදුවා. ඒ කාලේ මගේ නිර්මාණයට ගොඩක් ඇගයීම් ලැබුණා. එක්ස්කැවේටර් එකක් හදන්නත් මට අදහසක් ආවේ ඒ කාලෙදිමයි. Heavy Machine වලට පුංචි කාලේ ඉඳලම මම හරිම ආසයි. ඒ ආසාව මට ලොකුවටම දැණුනේ මගේ 11 වැනි උපන්දිනේ දවසේදි. එද‌ා මගේ උපන්දිනයට තෑග්ගක් විදිහට එක්ස්කැවේටර් එකක ආකෘතියක් ලැබුණා. ඒකට මම ගොඩක් ආස කළා.   


ආසාව නිසා මම මුලින්ම රෙජි​ෆෝම්, ඇන්ටනා බට, පෑන්බට පාවිච්චි කරලා එක්ස්කැවේටර් ආකෘතියක් හැදුවා. ඊට පස්සේ 8, 9 පන්තිවලදී ඒ ආකෘතිය ලී සහ සිරින්ජර් පාවිච්චි කරලා හැදුවා. පස්සේ සාමාන්‍ය පෙළ පන්තියේදි මට ආසාවක් ආවා මේ ආකෘතිය ඇත්ත එකක් විදිහටම යකඩ පාවිච්චි කරලා හදන්න.   


මම යකඩ කෑලි හොයාගෙන, හයිඩ්‍රොලික් සිස්ටම් එකකුත් යොද‌ාගෙන දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන විදිහට හැදුවා. ඒ නිර්මාණය ගොඩක්ම සාර්ථක වුණා.   


ඒක තමයි එක්ස්කැවේටර් එකක් හදන්න මට පදනම වුණේ. තියෙන එක්ස්කැවේටර් යන්ත්‍රයකම අාකෘතියකට වඩා අලුත් විදිහට හදන්න තමයි මට ඕනෑ වුණේ. ඒ වගේ අඩුපාඩු පහසුකම් වැඩිකරන්න ක්‍රම මම සෙව්වා.   


එතකොට ඇත්තම Excavator (එක්ස්කැවේටර්) යන්ත්‍රය බිහි වෙන්නේ කොහොමද?   


හිතුවට අතේ මුදල් තිබුණේ නැහැ. උසස් පෙළ කරලා ඉවර වුණාම ගෙදරට කිව්වම ගෙදරින් උදව් කළා. 2014 වසරේ මම මේ යන්ත්‍රය හදන්න පටන් ගත්තා. 2015 මුල් මාසවලදි මම වැඩ අවසන් කළා. අවශ්‍ය දැනුම සොයාගත්තේ අන්තර්ජාලයෙන්. ඒත් සමහර නිගමනවලට මූලිකත්වය දුන්නේ මගේ දැනුමෙන්මයි. ගොඩක් මහන්සි වුණා. ලොකු කට්ටක් කෑවා. වැරදෙන්න වැරදෙන්න නැවත නැවත හැදුවා. මම වෙළෙඳපොලේ තියෙන එක්ස්කැවේටර්වල අඩු පාඩු 2 ක් දැක්කා.   


සාමාන්‍ය එක්ස්කැවේටර් යන්ත්‍රයේ සමබරතාව පවත්වාගෙන යන්න පාවිච්චි කරන අංගයක් තමයි Counter Whight කියන්නේ. ඒ කොටස පාවිච්චි වෙන්නේ වැඩක් කරද්දි විතරයි. Counter Whight එක සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 600 ක් බරයි. ක්‍රියා නොකරන වෙලාවටත් මැෂින් එකේ Counter Whight එක දරාගෙන ඉන්න නිසා වක්‍රාකාරව මැෂින් එකේ කාර්යක්ෂමතාවට ඉන්ධන පිරිමැස්මට බලපෑමක් වෙනවා. දීර්ඝ කාලීනව ඒක මැෂින් එකේ පැවැත්මටත් යම් බලපෑමක් වෙනවා. ඒ නිසා මම හදපු එක්ස්කැවේටර් යන්ත්‍රය හැදුවේ Counter Whight එකේ බර හරි අඩක් අඩු කරලා කිලෝ 300 වෙන විදිහට. එතකොට මේ යන්ත්‍රයේ වැඩ කරද්දි සමබරතාව හද‌ාගන්න කිලෝ 300 ක බර ප්‍රමාණය පිහිටන දුර වෙනස් කරල, අර කිලෝ 600 න් එන බලය ලබාගන්නවා. මේ නිසා Excavator යන්ත්‍රයේ ඉන්ධන පිරිමැස්ම සහ කාර්යක්ෂමතාව වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. 

 
ඒ වගේම සාමාන්‍ය Excavetor වල Boom එකේ තියෙන්නේ ස්ථිර දිග ප්‍රමාණයක්. මගේ නිර්මාණයේ Boom එකේ දිග ප්‍රමාණය අවශ්‍ය ආකාරයෙන් පහසුවෙන් වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේ තව ගොඩක් වෙනස්කම් ගණනාවක් මම යොද‌ාගත්තා. මේක නිර්මානය කරලා අවසන් කරන්න මට ලක්ෂ 23 වගේ වියදමක් තමයි වැය වුණේ. අපි කරන නිර්මාණ සමාජගත කිරීමේදී මුහුණ දෙන්න වෙන අර්බුද ගොඩක් තියෙනවා. අපේ රටේ නව නිපැයුම්කරුවන්ට නිසි තැනක් අවසරයක් රජයෙන් සහයෝගයක් දෙනවනම් පිටරටින් ගෙන්වන මේ යන්ත්‍ර අපේ රටේ නිර්මාණයට හැකියාව අප සතුව තිබෙනවා.   

 

 


එක්ස්කැවේටර් යන්ත්‍රයෙන් නිසි ප්‍රයෝජනයක් තාම අරගෙන නැහැ. ඒත් එක පැත්තකින් මම සතුටු වෙනවා අපිට ලංකාවේ මේ වගේ දේවල් නිර්මාණය කරන්න අවශ්‍ය සියලුම දේ තියෙනවා කියලා. මට පෙන්වන්න පුළුවන් වුණා. ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ හැමදේම පිටරටින් එන දේ විශ්වාසයි කියලා මිලදී ගන්න. ඇයි අපේ රටේ අපේ දේ අගයන්නේ නැත්තේ කියන තැනදි පොඩි දුකක් දැනෙනවා. මේ දක්ෂතා දිරාපත් වෙන්න දෙන්න එපා. රජයෙන් සහයෝගය දෙනවානම් ඒක ලොකු පිනක්. එහෙම වුණොත් මේ නිර්මාණ ලංකාවේ නිෂ්පාදනය කරලා ලංකාවේ බෙද‌ාහරිනවට අමතරව පිටරටවල්වලට යැවීමේ මාර්ග විවෘත වෙනවා.   


පිටරටින් ගෙන්වන මෙවැනි විශාල යන්ත්‍ර මිල ලක්ෂ 70 ක් 80 ක් අතර වෙනවා. මට මේක හදන්න වැය වුණේ ලක්ෂ 23 ක් වගේ මුදලක්. දේශීය වශයෙන් මෙවැනි මැෂින් නිෂ්පාදනය කරගන්න හැකි වුණොත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා.   


ඒ ව​ගේම මේක නිර්මානය කරද්දි වට්ටන්න හදපු අයට වගේම ආශිර්වාද කරපු සියලුම දෙනාට ස්තුති වෙනවා. මට මේ Excavator යන්ත්‍රය හදන්න මුදල් දුන්නේ ගෙදරින්. ඒ විශ්වාසය හා ආශිර්වාදය නිසයි මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ.   


ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා   


ඔව් මම Excavator අවශ්‍යතාව තියෙන අය වෙනුවෙන් එයාලගේ අවශ්‍යතා අනුව Excavator සැලසුම් කරලා නිර්මාණ කරලා දෙන නඩත්තු කරලා දෙන ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා.   

 

 

නදීෂා අතුකෝරළ



අදහස් (0)

ලංකාවේ ප්‍රථමවරට බර යන්ත්‍රෝපකරණයක් හදපු පානදුරේ කොල්ලෙක්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 239 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16160 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7906 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2796 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3945 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1771 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1602 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site