IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක ඇති බවත් සැමියා පිළිබඳව දැඩි ඊර්ෂ්‍යාවක් තිබෙන බවත්ය. ඒ වෙන විටත් ඇයට සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. කාලයක සිට ඇයට සැමියා ගැන තිබූ සැකය, ඊර්ෂ්‍යාව නිසාම ඔහුට කඩවසම් ලෙස ඇඳ පැලඳීමටවත් මෙම බිරිඳ ඉඩ දී තිබුණේ නැත. අඩුම වශයෙන් ඇය සැමියාට කඩයට යාමටවත් ඉඩ කඩ සැලසුවේ නැත. සැමියා ගෙදරින් පිට වෙන්නේ කොහේ ද? මෙම බිරිඳ ද ඒ පසුපස යෑම පුරුද්දක් විය. නිරතුරුවම සැකය මුල් කරගෙන දෙදෙනා අතර අඬදබර ඇති විය. සැමියාට බිරිඳගේ මෙම අසාමාන්‍ය සැකය දරාගත නොහැකි තත්ත්වයකට පත්වුවද ඔහු සියල්ල දරා සිටියේය. ඔහු දිවුරමින් ප්‍රකාශ කළේ එවැනි අනියම් සම්බන්ධතාවන් තමන් හට නැති බවය. උපදේශනයට රැගෙන ආ මෙම බිරිඳ, වෛද්‍යවරයා ඉරිදියේ පාපොච්චාරණය කළේ මෙසේය,

“දවසක් සැමියාගේ ඇස් අමාරුවකට වෛද්‍යවරයෙක් ඇස්වලට දාන්න කියලා බෙහෙතක් නිර්දේශ කළා. රාත්‍රි නිදියන වෙලාවට මම තමයි ඇස්වලට බෙහෙත් දාන්නේ. සැමියා නිතරම කාන්තාවන් දිහා බලනවා. මට ඒ පිළිබඳව තිබුණේ පුදුම ඊර්ෂ්‍යාවක්. ඒ නිසා මහත්තයාගේ ඇස්වලට දාන්න දීපු බෙහෙතට මම රබර් ඇසිඩ් කවලම් කළා. එයා වෙන කාන්තාවෝ දිහා බලන එක ඉවසන්න බැරි නිසයි මම එහෙම කළේ.”

රබර් ඇසිඩ් විස ඔහුගේ පෙණහලුවලට ගොස් නිව්මෝනියා තත්ත්වයෙන් සැමියා මිය ගොස් ඇති අතර ඇය ඒ වෙන විටත් සැමියා මියගොස් ඇති බව දැන සිට නැත. දරුණු ඊර්ෂ්‍යාව අපරාධයකට තුඩු දිය හැකි බවට මෙය සත්‍ය සිදුවීමක සාක්ෂියකි. 
ලිංගික ඊර්ෂ්‍යාව යනු ඊර්ෂ්‍යාවේ එක් ප්‍රභේදයකි. මෙහිදී තම ලිංගික සහකරු වෙනත් අයකු සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇතිකරගනී. මිනිසුන් වෙන අයට ඊර්ෂ්‍යාව සහ සැකය ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් දිගින් දිගටම තම සහකරු හෝ සහකාරිය පිළිබඳව පවතින අසාමාන්‍ය සහ හේතු විරහිත සැකය යම් රෝගී තත්ත්වයක ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. මෙම අසාමාන්‍ය සැකය සහ ඊර්ෂ්‍යාව ලිංගිකත්වය පදනම් කොටගෙන ඇතිවෙන සැකය යනුවෙන් ද හඳුන්වනු ලබන අතර මෙම තත්ත්වය වැඩිපුරම දැකිය හැක්කේ සමලිංගිකයන් අතර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එමෙන්ම, පිරිමින් තුළ හා කාන්තාවන් අතර ද මෙම තත්ත්වය පවතී. මෙය විවාහකයන් අතර පමණක් නොව අවිවාහක පුද්ගලයන් තුළ ද දැකිය හැකිය.
ලිංගික සැකය ඇති පිරිමින් මෙන්ම කාන්තාවන් ද සාමාන්‍ය ජීවිත ගතකරන්නන් ලෙස පෙනී ගියත්, ඔවුහු නිරන්තරයෙන්ම තම සැමියා, බිරිය, ආදරවන්තයා හෝ ආදරවන්තිය තමන්ට විශ්වසනීය නොවේ යැයි සැක කරති. ඔවුන් වෙනත් පුරුෂයකු හෝ කාන්තාවක සමඟ සම්බන්ධතාවක් පවත්වන්නේ යැයි හෝ එසේ නැත්නම් සිය සහකාරයා හෝ සහකාරිය විරුද්ධ ලිංගිකයන් ඇසුරු කිරීම දැඩි සේ ප්‍රතික්ෂේප කරනු ලබන අතර, එපමණක් නොව ඉන් ඔවුන් බොහෝ සේ පීඩා ද විඳිනු ඇත.
පසුගිය කාලයේ ලංකාව තුළ සිදුව ඇති මිනිස් ඝාතනයන්හි ප්‍රධාන හේතුන් ලෙස ලිංගික ඊර්ෂ්‍යාව පාදක වී ඇති අතර මේ වෙන විට ලෝකයේ බොහෝ රටවල සමලිංගිකයන් අතර සිදුවෙන සාපරාධී ක්‍රියාවන් වැඩි වී ඇති බවත් ලංකාව තුළ ද එවැනි අපරාධ ඉහළ ගොස් ඇති බවත් පොලිස් වාර්තා සඳහන් කරයි. පසුගිය දිනවල ලොවම සසල කළ, කැනඩාවේ ඔටාවාහි දී කුරිරු ලෙස තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සය මිනීමරුම ද මේ මොහොත වන විටත් අබිරහසකි. ලංකාවේ ද දිනෙන් දින සිදුවෙන අපරාධ අතර අසම්මතයේ අපරාධ ද බහුල වෙමින් ඇත. ඒවායින් වාර්තා වන සිදුවීම්වලට වඩා වාර්තා නොවෙන සිදුවීම් බොහෝය. පසුගියදා පාසල් දෙකක රාජකාරි කළ හොඳම මිතුරියන් බව පැවසෙන ගුරුවරියන් දෙදෙනෙකු අතර ඇති වූ විරසකවීමක් හේතුවෙන් එක් ගුරුවරියක් අනෙක් ගුරුවරිය වෙත තියුණු ආයුධයකින් කැපුම් තුවාල සිදු කිරීමේ සිද්ධියක් ද බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. මෙය ද අසම්මතයේ ලිංගික ඊර්ෂ්‍යාව මත සිදු වූ අනුවේදනීය සිදුවීමක් වෙන අතර සමාජයේ වැඩිවෙන මෙවැනි අපරාධ සිදුවීමට පරිසරය නිර්මාණය වෙන්නේ කෙසේදැයි අප මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා සමග සාකච්ජා කළෙමු. 
"සැකය සහ දරුණු ඊර්ෂ්‍යාව කියන්නේ බොහෝ අපරාධවලට ප්‍රධාන හේතුවක්. මෝබිඩ් (Morbid jealousy), ඩෙලුෂනල් ජෙලසි (Delusianal jealousy), ඔතෙලෝ සින්ඩ්‍රෝම් වගේ දරුණු ඊර්ෂ්‍යාව කියන එක නොයෙකුත් නම් වලින් වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගන්නවා. මේ අතුරින් ප්‍රබලම හැඟීම තමයි ලිංගික ඊර්ෂ්‍යාව. අප සෑම කෙනෙකුටම ඊර්ෂ්‍යාව තියෙනවා නමුත් ඩෙලුෂනල් ජෙලසි (Delusianal jealousy), කියන තත්ත්වය අසනීප තත්ත්වයක් ලෙස හඳුනා ගැනෙනවා. තමන්ගේ සහකරු හෝ සහකාරිය පිළිබඳව ඇතිවෙන දරුණු ඊර්ෂ්‍යාව, ඩෙලුෂනල් ජෙලසි (Delusianal jealousy), මායාකාරි ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් සිතට වද දෙන පීඩනයක් ලෙස හඳුන්වනු ලබනවා. සමහර මිනීමැරුම් අපරාධ වලට ඩෙලුෂනල් ජෙලසි (Delusianal jealousy), කියන රෝගී තත්ත්වය මුල් වෙනවා. 
 මේ කරුණු සියල්ලටම අමතරව ලිංගික සැකය ඇතිවීමට බලපෑ හැකි තවත් එක් සාධකයක් වෙන්නේ අධික මත්පැන් භාවිතයයි. (alcohol dependency) මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම නිසා පිරිමින් තුළ මේ තත්ත්වය ඉතා පහසුවෙන් ඇති විය හැකි බව සායන අත්දැකීම් තුළින් පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. යම් පුද්ගලයකු තුළ ලිංගික සැකය ඇති බව හඳුනා ගැනීම ඔබට එතරම් අපහසු වෙන්නේ නැහැ.


ලිංගික ඊර්ෂ්‍යාව සහ අපරාධ මනසට තියෙන්නේ සමීපතම නෑ කමක් 
‘‘ඔහු හෝ ඇය ඔබව නිරන්තරයෙන්ම සැක කරනව නම් එය පදනම් විරහිත සැකයක් බව ඉතා පැහැදිලි කරුණක්. එහෙත් ඔහු හෝ ඇය තුළ පවතින මෙම හේතු විරහිත සැකය බිඳ දැමීම ඉතා අපහසු කාර්යයක් වෙනවා සේම, මෙම රෝග ලක්ෂණය සහිත තැනැත්තා හෝ තැනැත්තිය සිය සැකය නිවැරදි බව ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු නිරන්තරයෙන්ම සෙවීමට උත්සුක වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත්, නිතර සිය සහකරුගේ හෝ සහකාරියගේ දුරකථනය, සමාජ මාධ්‍ය ගිණුම්, විද්‍යුත් ලිපි (emails) ආදිය පරීක්ෂා කර බැලීම දක්වන්නට පුළුවන්. ඒ පිළිබඳ නිතර ගැටුම් ඇතිකර ගන්නත් පුළුවන්. මෙය අඹුසැමියන් අතරට වඩා සමලිංගික ප්‍රේමය තුළ ඔහු හෝ ඇය ඔබව ඔහුගේ හෝ ඇයගේ අවධානයේ පමණක් රඳවා ගැනීමට නිරන්තරයෙන්ම උත්සාහ කරන්න ඔවුන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අතර වෛරී සහගත හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන්.’’ 


මගේ ළඟට උපදේශනයට පැමිණි තවත් සත්‍ය සාක්ෂියක් ඔබට කියන්නම්,
‘ලිංගික ඊර්ෂ්‍යායාව සහ අපරාධ මනස අතර තියෙන්නේ පුදුම නෑකමක්. වයස 35 ක චතුර කියලා තරුණයෙක් සහ සුපුන් කියලා වයස අවුරුදු 25 ක තරුණයෙක් හිටියා. මේ දෙදෙනාම නතර වෙලා හිටියේ එකම බෝඩිමක. මේ දෙදෙනා අතර සමලිංගික සම්බධතාවක් තිබුණා. මෙතන චතුර කියන තරුණයා පිරිමින්ට වගේම කාන්තාවන්ටත් ප්‍රිය කළා (Bisexual). මෙම වයස 35ක් වෙන තරුණයා විවාහක දෙදරු පියෙක්. චතුර දරුවන් බලන්න සෑම සති අන්තයකම නිවසට යන්න පුරුදු වෙලා සිටියා. මේ අසාමාන්‍ය ආදරය ඇතුළේ සුපුන්ට සමහර වෙලාවට චතුර ගැන ඊර්ෂ්‍යාවක් හටගත්තා. දවසක් චතුරගේ දරුවෝ අසනීප වෙලා ඔහුට නිවසට ගිහින් නිවසේ දවස් කිහිපයක් රැඳෙන්න සිදුවෙනවා. චතුර නැවත බෝඩිමට එනකොට සුපුන් හිටියේ ඊර්ෂ්‍යාවෙන් සහ වෛරයෙන්. දෙන්නා අතර බහින්බස් වීම් වෙනවා. මේ බහින් බස් වීම් දුරදිග යනවා. ආවේගය පාලනය කරගන්න බැරිව සුපුන් ළඟ තිබුණ බෝතලයකින් චතුරගේ ඔළුවට පහර දෙනවා. අසල්වැසි කාමරේ හිටපු මිතුරෙක් චතුරව කඩිනමින් රෝහල් ගත කරනවා. බරපතළ තත්ත්වයේ පසුවූ චතුර කියන තරුණයාගේ ජීවිතේ බේරෙන්නේ අනූනවයෙන්. දැන් මේ දෙදෙනාම මගේ සායනවලට යොමු වෙන දෙදෙනෙක්. මම සුපුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහැව්වා. 
 ‘‘චතුර කියන පුද්ගලයා නැති වුණොත්?’’ 
 ඔහුගේ පිළිතුර වුණේ ජීවිතය නැති කරගන්නවා කියන එක. චතුර එයාගේ පවුල එක්ක එකට ජීවත් වෙන්න ගියොත් කියන ප්‍රශ්නයට ඔහුගේ උත්තරය වුණේ, චතුරගේ මුළු පවුලම මරනවා කියන එක. 
 ලිංගික ඊර්ෂ්‍යාව සහ ඒ සමගම ඇතිවෙන අපරාධ, සමලිංගික ආදර සම්බන්ධතාවල හරිම දරුණු ලෙස පෙන්නුම් කරන බව මේ අශ්‍රිතව කළ සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා. අඹුසැමි දෙපලක් අතර ඇතිවෙන ගැටුම්වලට වඩා සමලිංගික සම්බන්ධතාවල ඇතිවෙන ගැටුම් පාලනය කරන්න ඉතාම අසීරුයි. 
 සමලිංගිකත්වය කියන්නේ මානසික රෝගයක් නෙවෙයි. සමහර රටවල සමලිංගික විවාහ නීත්‍යනුකූලයි. මගේ අත්දැකීම් ආශ්‍රයෙන් මම සනාත කරගත්ත එක දෙයක් තියෙනවා. මගේ සායනවලට අඹුසැමියන් වගේම සමලිංගික සම්බන්ධතා තියෙන අය බහුලව පැමිණෙනවා.  
 ඒ වගේම Morbid jealousy තත්ත්වයෙන් පීඩා විඳින කිසිම පුද්ගලයකුගේ ආදර සබඳතා හෝ විවාහ සබඳතා කිසිසේත්ම සාර්ථක වෙන්නේ නැහැ. මෙම තත්ත්වයෙන් පීඩා විඳිනු ලබන තැනැත්තා මෙන්ම ඔහුගේ හෝ ඇයගේ සහකරු හෝ සහකාරියගේ මානසික සෞඛ්‍යය පවත්වාගෙන යෑම පවා අපහසු වෙනවා සේම ඔහු හෝ ඇය විශාදය වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි වෙනවා. එබැවින් ඔබේ සහකරු හෝ සහකාරියට මෙම තත්ත්වය ඇත්නම්, ඔවුන්ට හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය වෙනවා. ඇතැම් විට මෙම තත්ත්වය නිසා සියදිවි නසා ගැනීම මෙන්ම ඔබේ ජීවිතය හානි වීම වැනි දේ පවා සිදුවීමට ඉඩකඩ වැඩියි. ලිංගික ඊර්ෂ්‍යාව බරපතළ මානසික රෝගයක් බව ඔබ සිතට ගත යුත්තක්. නමුත් ඔබ නොදන්නවා වුණාට, මීට ජානමය සම්බන්ධයකුත් තිබෙන බව වෛද්‍යවරු සොයාගෙන තිබෙනවා.
 තමන්ගෙ සහකාරයා හෝ සහකාරිය අන් අයකු සමඟ සබඳතාවක් පවත්වනවා ඇතිය, යන සිතිවිල්ල නිරතුරුවම ජනිත වීම මෙම රෝගයේ බරපතළම තත්ත්වයයි. මෙය ඇතැමුන්ට එකවර ඇති නොවන තත්ත්වයක්. එය කාලයක් ගිය පසු ඇති වෙන්නක්. අසීමිත ලෙස සැක කරන “ඔතෙලෝ” නම් මෙකී රෝගී තත්ත්වය හැදුණොත් එක්වරම සුව වෙන්නෙත් නැහැ. නමුත් නිසි වෛද්‍ය උපදෙස් නම් ගත යුතුමයි. එවැනි නිසි ප්‍රතිකාරවලින් රෝගය බොහෝ දුරට පාලනය කරගන්නට පුළුවන් තරමට වෛද්‍ය විද්‍යාව අද දියුණු වෙලා තියෙනවා. මෙය ලජ්ජාවට කරුණක් වෙන්නේ නැහැ. මෙවන් රෝග ලක්ෂණ පවතිනවා නම් රජයේ රෝහල්වල මේ සඳහා උපදෙස් ලබාගත හැකි වෛද්‍ය සායනවල සහාය පැතීමේ හැකියාව පවතිනවා. 

 


වැඩිපුරම වීඩියෝ ගේම්වලට අබ්බැහි වීම අපරාධ මනසට ප්‍රධානම සාධකයක්.
‘‘වීඩියෝ ගේම්වලට ඇබ්බැහිවීම මානසික රෝගී තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම ඇමෙරිකානු මනෝ විද්‍යා සංගමය ඔවුන්ගේ රෝග විනිශ්චයට ඇතුළත් කරලා තියෙනවා. ඇබ්බැහිවීම යනු තමන්ගේ සියලු වැඩ කටයුතු අතපසු කරගෙන යම් දෙයක් තුළට ගිජු ලෙස නැඹුරු වීමයි. විඩියෝ ගේම්වලට ඇබ්බැහි වූවෙක් බොහෝ විට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලින් ඈත්වීම දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක්. මෙම වීඩියෝ ගේම් අතර බොහෝ ගේම්වල ප්‍රචණ්ඩත්වය පිරිලා. එවැනි ඩීවියෝ ගේම් නිතර නිතර ක්‍රීඩා කිරීමෙන් ඒ මනස ප්‍රචණ්ඩත්වයට යොමු වෙනවා. Pubg යනු දරුවන් අතර ජනප්‍රිය ප්‍රචණ්ඩකාරි වීඩියෝ ගේම් එකක්. මෙම ගේම් එක 2020 වෙන විට මිලියන 730 ක් අන්තර්ජාලය තුළ විකිණිලා තියෙනවා. මින් සියයට 50 ක්ම විකිණිලා තියෙන්නේ ඉන්දියාව තුළ. දැනට ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංගලාදේශය යන රටවල්වල මෙම Pubg ගේම් එක තහනම් කර තිබෙනවා. ඊට හේතුව මෙම වීඩියෝ ගේම් එකට ඇබ්බැහිවූ දරුවන් අතර ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉහළ යාම. මෙහි අනුවේදනීයම පැතිකඩ වෙන්නේ මනුෂ්‍ය ඝාතන පවා මේ වීඩියෝවට නැඹුරු වීමෙන් සිදු වීම. ලක්නව් නුවර අවුරුදු 16 ක දරුවෙක් තමන්ගේ මව මරා දමන්නේ මේ වීඩියෝ ගේම් එක සෙල්ලම් කරන්න එපා කියලා අවවාද දුන් නිසයි.’’ වෛද්‍ය එස්. කුමාරනායක මහතා එසේ පවසයි.


■  නදීශා අතුකෝර



අදහස් (0)

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 246 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16164 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7906 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2798 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5240 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3945 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1788 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site