IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ගිනස් වාර්තාවකට හිමිකම ඉල්ලන යුද හමුදාවේ නිවුන් සොහොයුරෝ

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපොළක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාළ ලියකියවිලි භාරදීමේ උත්සවය ඉකුත්දා යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.


වසර 71ක අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට සහ ලෝක ඉතිහාසයට නව පිටුවක් එක් කිරීමේ අරමුණින් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තවද මෙම අවස්ථාව සඳහා ගිනස් පොත් වාර්තා පිළිබඳ ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා සමගින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි වූහ.


එකම දිනක උපත ලබමින්, එකම දිනක පාසලට ඇතුළත්ව, උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව එකම දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව එකම දින අධිකාරියට පත්ව පකිස්තානයේ ක්වේටා (Quetta) හි විදේශීය පාඨමාලාවක් හදාරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකම දින උසස්වීම් ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි ශ්‍රී ලංකා සංඥා බළකායේ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යුද්ධ හමුදා දිවියෙන් ද එකම දින විශ්‍රාම ගැනීමට නියමිතය.


බ්‍රහස්පතින්දා (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති මෙම විධිමත් උත්සවය යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ කෙරුණු අතර ගිනස් ලෝක වාර්තා පිළිබඳ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා විසින් මෙහිදී හඳුන්වාදීමේ දේශනය සිදු කරමින් ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක පෙන්වාදුන් අතරම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපොළ ඒ සඳහා සම්පූර්ණ කළ යුතු වන්නේ කෙසේදැයි සඳහන් කළේය.


ඉන් අනතුරුව දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනා අමතමින් සිදුකළ සිය දේශනයේදී ‘මෙම නිවුන් සොහොයුරන්ගේ දෙමව්පියන්ට එම පුතුන් දෙදෙනා පෝෂණයකොට යුද්ධ හමුදාව වෙත ඇතුළත් කිරීම වෙනුවෙන් විශේෂ උපහාරයක් පුද කරන අතරම ඔවුන් දෙදෙනා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට පත්ව යුද්ධ හමුදා වෘත්තියේ ඉහළටම පැමිණීම පිළිබඳව මම ඔවුන්ට සුබ පතමි’ යැයි පැවැසීය. මෙම ඓතිහාසික අවස්ථාවට යුද්ධ හමුදාවේ ආරාධනයෙන් යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ගිනස් වාර්තා නියෝජිත සමන් අමරසිංහ මහතාට ද සිය ස්තුතිය පුද කළේය.


ඉන් අනතුරුව නිවුන් සහෝදරයන් දෙපලගේ හමුදා දිවිය හා සිවිල් ජීවිතය පිළිබඳ කෙටි වීඩියෝ පටයක්ද මෙහිදී ප්‍රදර්ශනය කළ අතර පසුව ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට නිවුන් සහෝදරයන් දෙපළ විසින් නිල ලිපි ලේඛනවලට අත්සන් තැබූහ.


මෙම උත්සවයේදී රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ නිල නියෝජිත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් ලක්ෂිකා ගනේපොල මහත්මිය නිවුන් නිලධාරීන් දෙපලගේ උප්පැන්න සහතික දෙකක් සහතික කර ජාතික ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ගිනස් ලෝක වාර්තා පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති වෙත භාර දුන්නේය.


පසුව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගිනස් වාර්තාවට අවශ්‍ය නිවුන් සහෝදරයන් දෙපොළගේ යුද්ධ හමුදාවට අදාළ නිල ලේඛන සැබෑ පිටපත් ලෙසට සහතිකකොට ගිනස් වාර්තා කමිටු නියෝජිතයා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එමෙන්ම ගිනස් ලෝක වාර්තාවට සුදුසුකම් ලැබීමට ගත් උත්සාහය අගයමින් සමන් අමරසිංහ මහතා නිවුන් සහෝදරයන් දෙපොළ වෙත ඇගයීම් ලිපි දෙකක්ද මෙහිදී ප්‍රදානය කළේය.


උත්සව කටයුතු අවසානයේ නිවුන් සහෝදරයන් දෙපොළ වෙනුවෙන් ස්තුති කතාව මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න විසින් සිදු කළේය. මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

 


යුද හමුදා මාධ්‍ය ඒකකය



අදහස් (0)

ගිනස් වාර්තාවකට හිමිකම ඉල්ලන යුද හමුදාවේ නිවුන් සොහොයුරෝ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 239 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16160 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7906 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2796 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3945 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site