IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ඉංග්‍රීසියෙන් බණ කියා මිලියන 30ක් දහම් පඬුරු ගමට ගෙනා හාමුදුරුවෝ

දහම් පඬුරු එකතුකොට ඉදි කළ දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල.

සුනීත හිමියන් හා විදේශීය දූත පිරිස

 

ඉතාම දිළිදු මට්ටමේ සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා, ලොව පුරා වැඩම කරමින්, ඉංග්‍රීසියෙන් දම් දෙසා ඉන් ලැබෙන දහම් පඬුරු සමඟ රුපියල් මිලියන තිහක් එකතුකොට තම ගම්මානයේ වෙසෙන දුප්පත් අහිංසක දරුවන්ට ඉංග්‍රීසි හා දමිළ භාෂා, සිංහල බෞද්ධ අධ්‍යාපනය, නව තාක්ෂණය ඉගැන්වීමට මෙන්ම විවිධ දක්ෂතා ඇති පුද්ගලයන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා බහු කාර්ය ගොඩනැගිල්ලක් තැනීමේ දිගුකාලීන සිහිනය සැබෑ කරගත් බුද්ධ පුත්‍රයෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ වැඩ සිටිති.   


ඒ, පූජ්‍යපාද අඹන්පොළ විනීත හිමියෝය.   


අති දුෂ්කර ගම්මානයක විහාරස්ථානයේ වැඩ සිටියදී ද ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමෙන් ලොවට දම් දෙසා ලැබුණු දහම් පඬුරුවලින් තම ගමේ විහාර භූමියේ රුපියල් මිලියන 30ක වියදමින් ඉංග්‍රීසි දමිළ භාෂා, පරිගණක අධ්‍යාපනය නොමිලේ ලබාදීම සඳහා ඉදිකළ බහු කාර්ය දෙමහල් ගොඩනැගිල්ල ගම්මුන්ට භාරදීම පසුගියදා රටවල් පහක පමණ දූත පිරිසගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.   


අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම පිහිටි ශාක්‍යසිංහාරාමයේ වැඩසිටින අඹන්පොළ විනීත හිමියෝ මෙම අපූරු කළගුණ සැලකීමේ පිංකම සහ ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් යුතු දරුවන් ලෝකයට හඳුන්වාදීමේ මාහැඟි වැඩසටහනට අත ගසා ඇත්තාහ.   
උන්වහන්සේගේ දීර්ඝකාලීන අරමුණ වන ගමේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම හා නව තාක්ෂණය ලබාදීමේ උත්සවය රංගිරි දඹුලු රජමහා විහාරයේ හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම්මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ උප ප්‍රධාන සංඝනායක අඹගස් වැවේ රාහුල නාහිමියන්ගේ හා විදේශීය භික්ෂූන් වහන්සේලා මෙන්ම රටවල් පහක 80ක පමණ බොදු දූත පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.   


දූත පිරිස ගම්මුන් විසින් ඉතා හරසරින් යුතුව පිළිගැනීම සිදුකළ අතර නාහිමිවරුන් හා දූත පිරිස අතින් ගොඩනැගිල්ල විවෘත කෙරිණි.   
උන්වහන්සේගේ කුඩා අවධියේ බණ්ඩාරවෙල පාලිත හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ගල්කිරියාගම ශාක්‍යසිංහාරාමයට වැඩම කොට තිබේ.   
 දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධිෂ්ඨානශීලීව නිසි ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් බවත් භාෂා නිපුණත්වය මත විදේශ රටවල් රැසකට ගොස් ඉංග්‍රීසි භාෂාවෙන් බුදුදහම පිළිබඳව එම ජනතාවට ධර්මය දේශනාකොට ලැබුණු දහම් පඬුරු ආධාර තම ගම්මානයේ වෙසෙන දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වා ඔවුන් පරිගණක දැනුමෙන් වර්ධනය කිරීම තම අරමුණු සිදුකරගෙන තිබුණු බව ද එම අරමුණ සාර්ථක වූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.   
රුපියල් මිලියන 30ක මුදලක් වියදමින් ඉදිකෙරුණු මෙම දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු අධ්‍යාපනය ලබන දරු දැරියන් සියයකට, ගැබිනි මව්වරුන් සියයකට, වැඩිහිටියන් පනස් දෙනෙකුට සහ ආබාධිත පුද්ගලයන්ට ආධාර උපකාර කිරීම ද මෙදින සිදුකෙරිණි.   

 

 


උන්වහන්සේ සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක ධර්ම දේශනා කළ අතර එම රටවල දායක දායිකාවෝ එක්ව මෙරට දරුවන්ට උපකාර කරන බව ද ඒ සියල්ල දරුවන්ට නොමිලේ ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව ද උන්වහන්සේ පැවසූහ.   
මෙම උදාර කටයුත්ත දැක මෙරටට පැමිණි විදේශීය දූත පිරිස ද දැඩි සතුටට පත්වූහ.   
ලෝකයේ රටවල්වලට වැඩමකොට ධර්ම දේශනා කරමින් ලැබෙන දහම් පඬුරු එකතු පහදු කරගෙන ලෝකයේ බුදුදහම පිළිබඳව අවබෝධ කරගත් ජනතාවගේ සහයෝගයෙන් වූ ගල්කිරියාගම උල්පත ප්‍රදේශයේ අහිංසක දරුවන්ට ජාත්‍යන්තරයට පා තබන්නට සිදු කළ මෙම පුණ්‍යකර්මය සුවිශාල වූ සේවාවක් බව එහි වැඩම කළ මහ සඟරුවන පැවැසූහ.   
රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන් මෙසේ අදහස් ප්‍රකාශ කළහ.   
“ගල්කිරියාගම උල්පත ප්‍රදේශය සහ එම අවට ප්‍රදේශය අතීතයේ සිටම දැඩි ආර්ථික දුෂ්කරතාවන් මධ්‍යයේ අලින් ගහණ වූ ප්‍රදේශයක්. බුදු සසුනට වැඩ ඇති යතිවරයාණන් වහන්සේලා ජනිත වූ ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. ඒ වගේම තමයි විනීත ස්වාමීන් වහන්සේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ ලබාගත් දහම් අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂා දැනුම තුළින් බුදුදහම පිළිබඳව ලොව පුරා විසිරී සිටින ජනතාවට ධර්මය අවබෝධ කර දෙමින් සිදු කරන මෙම මාහැඟි කාර්යය සියලු දෙනාගේම ඇගයීමට පාත්‍ර විය යුතුයි.   


 බොහෝදෙනෙක් අධ්‍යාපනය ලැබීමත් සමඟ මිල මුදල් ලැබීමත් සමග තමන් ජීවත් වූ ගම අතහැර දමන යුගයක්, අදටත් විනීත ස්වාමීන් වහන්සේ රබර් සෙරෙප්පු දෙකක් පාදවල දමාගෙන ඉතා නිරහංකාරව මෙම කටයුතු සිදු කිරීම සුවිශේෂී කරුණක් ලෙස මම දකිනවා. මේ සම්පත්වලින් ප්‍රයෝජනය ගෙන මේ ප්‍රදේශවල දුවා දරුවන් ලෝකය ජයගත යුතු වෙනවා.’’   
තමන් වහන්සේගේ අරමුණ පිළිබඳව සහ උත්සාහය පිළිබඳව අඹන්පොල විනීත හිමියෝ මෙසේ අප සමග පැවසූහ.   
‘‘මම ගොඩක් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ තමයි මේ පන්සලේ වැඩ හිටියේ. බණ්ඩාරවෙල පාලිත හාමුදුරුවෝ මාව මෙම පන්සලට බාරදීලා කිව්වෙ ‘ගමේ මිනිස්සුන්ට ධර්මය දේශනා කරලා දරුවන්ගේ අධ්‍යාපනයට සහයෝගයක් උදව්වක් දෙන්න’ කියලා. ටික දවසක් පන්සලේ ඉන්නකොට තමයි මට තේරුණේ මේ පැත්තෙ මිනිස්සු මොනතරම් දුක් විඳිනවද කියලා. ඒ අයට ඉගෙනගන්න යන්න විදිහක් නෑ. එළිවෙනකන් වල් අලිත් එක්ක පොර බදනවා.   


අම්මලා තාත්තලා හේන්වල දුක්විඳිනවා දරුවන්ට ඉගෙනගන්න බැහැ. ගෙදර අනිත් අයත් එක්ක අලින්ට බයේ ගුළි වෙලා ඉන්නවා. අපේ පන්සල්වල අපි ජීවත් වුණෙත් එහෙම.   
පසුව තමයි මම කල්පනා කළේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන, ඉංග්‍රීසියෙන් බණ කියන්න ඉගෙන ගන්න ඕන කියලා මගේ අධිෂ්ඨානය බවට පත්වුණේ එහෙම ඉංග්‍රීසි ඉගෙන ගෙන ලෝකේ රටවල්වලට වැඩම කරලා බණ කියලා ඒ අයගේ ජීවිත සුවපත් කරනවා කියලා. ඒ වගේම එයින් ලැබෙන දහම් පඬුරු ටික මම එකතුපහදු කරලා මගේ ගමේ අහිංසක දරුවන්ට මම ආපු තැනට එන්න පාර කපනවා කියලා. මට අද ඒක ඉෂ්ට කරගන්න පුළුවන් වුණා.   

 

නා හිමිවරුන් අතින් බහුකාර්ය ගොඩනැගිල්ලේ සමරු පාලකය නිරාවරණය වූ අවස්ථාව

 


මිනිස්සු හිතාගත්තොත්, අධිෂ්ඨාන කර ගත්තොත්, වීරිය වැඩුවොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා උන්වහන්සේ බුදුවෙන්න පෙරුම් පිරුවා වීරියවන්ත වුණා. ඒ වගේම අපටත් ඒ මඟ කියා දුන්නා. ඒ නිසා මමත් කල්පනා කළේ, මම දුක් වින්දා, අලින් එක්ක පොරබැදුවා, බොහොම අමාරුවෙන් මගේ දායකයන් දීපු දන් වළඳලා ලැබුණු මුදලින් ඉගෙනගෙන මාව පෝෂණය කරපු, මට උගන්නන්න උත්සාහ කරපු, මට වතුර ටික නාගන්න පහසුකම් දුන්නු, මට සිවුරු පිරිකර පූජා කරපු මේ අහිංසක ගොවි අම්මලා තාත්තලාට කළගුණ සළකන්න. දරුවන්ට හරියට ඉගෙන ගන්න හැකියාවක් නැති දෙමව්පියන්ට කළගුණ සැලකීමක් වශයෙන් තමයි මම මේ සියලු දේවල් කරන්නේ. 


මේ බහු කාර්ය ගොඩනැගිල්ල කොම්පියුටර් අධ්‍යාපනය, ඉංග්‍රීසි අධ්‍යාපනය, සිංහල අධ්‍යාපනය, දමිළ අධ්‍යාපනය වගේම ස්වයං රැකියා පුහුණු කිරීම් පොතපත කියවීමට අවස්ථාව සියල්ල මගේ ගමේ දරුවන්ට නොමිලේ ලබාදෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ. කිසිදු මිල මුදලක් නැතුව මේ දරුවන් යහමගට ගන්න රටේ හොඳ පුරවැසියන් කරන්න හොඳ උගත් බෞද්ධ දරුවන් පිරිසක් රටට දායාද කරන්න තමයි මම උත්සහ කරන්නේ.   


මේ දරුවන් හොඳ අධ්‍යාපනයෙන් හෙබි දරුවන් බවට පත්වුණොත් ඒ අයත් තමන්ගේ ගමට රටට වැඩදායී යමක් කරාවි. එදාටත් මේ විදිහටම මම සතුටු වෙනවා. අද මගෙන් බණ අහපු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව ලංකාවට ඇවිල්ලා මගේ දුප්පත් ගමට ආපු එක ගැන මම ගොඩක් සතුටුවෙනවා. මොකද ඒ අය ධර්මය පිළිබඳව ඉගෙනගත්තා අවබෝධ කරගත්තා. මම ආරාධනා කළා මගේ මේ උත්සාහය ඒ අයගේත් දෑසින් දැක බලාගන්න එන්න කියලා. උගත් දරු පරපුරට උදව්පදව් කරන්න මෙවැනි දේ සිදු කරන්න කියලා ඒ අය මේවා ඇස්වලින් දැකලා සතුටුවෙනවා. ලෝකයේ ඒ ජනතාව වෙනස් කරන්න ගමේ හිටපු මට පුළුවන් වුණා. ඒක මම නිහතමානීව සතුටුවෙන කරුණක්. මට උදව් උපකාර කළ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.”

 

 

සටහන : දඹුල්ල -
කාංචන කුමාර ආරියදාස



අදහස් (0)

ඉංග්‍රීසියෙන් බණ කියා මිලියන 30ක් දහම් පඬුරු ගමට ගෙනා හාමුදුරුවෝ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 240 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16162 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7906 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2796 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5240 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3945 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 380 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1606 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site