ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දුන්නේය. දිවුරුම්දීමේ උත්සවය දැඩි ආරක්ෂාවක් මැද වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිට දී පැවැත්විණි. ඒ, පසුගිය 20 වැනිදාය. ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ දිවුරුම්දීමකට දැඩි ආරක්ෂාවක් ලබා දුන් පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙසේ ආරක්ෂාවක් යෙදවීමට සිදුවූයේ ධුරය අහිමි වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගෙන් දිවුරුම් දීමේ උළෙලට බාධා එල්ල වේවි යැයි ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ කල් තියා අනතුරු ඇගවීමක් කළ බැවිනි.
වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ ඉදිකළ වේදිකාවේ දිවුරුම්දීමේ උළෙල පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 11.30 ටය. කැපිටල් හිල් යනු ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව රැස්වන ගොඩනැගිල්ලය.
පසුගිය 6 වැනිදා ට්‍රම්ප් ආධාරකරුවන් කඩා වැදුණේ කැපිටල් හිල් ගොඩනැගිල්ලටය. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ වොෂින්ටන් අගනුවර ප්‍රධාන මාර්ග කීපයක් සහ උමං දුම්රිය මාර්ග කීපයක් පැය ගණනකට වසා දැමුණි. වොෂින්ටනයට ඉහළ ගුවන් කලාපය ද තහනම් කලාපයක් ලෙස නම් කෙරුණි. පොලිසියට අමතරව, ආයුධ සන්නද්ධ ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් 25,000 ක් යෙදවිණි. ස්නයිපර් තුවක්කුකරුවෝ අවට ගොඩනැගිලිවල රැදී සිටියහ.
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ද විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සිදුවිය. දිවුරුම් දීමේ උලෙළ පැවැත්වූයේ ද සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවය. තවමත් ලොව වැඩියෙන්ම් කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය ඔවුන්ගේ ආධාරකරුවන්ට කල් තියා පවසා තිබුණේ හැකිතාක් දිවුරුම් දීමේ උළෙලට නොපැමිණෙන ලෙසය.
බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙද්දී, ජිල් ඇමෙරිකාවේ ජනාධිපති ආර්යාව ලෙස පිළිගැණින. මුණුපුරු මිණිපිරියන්ගේ සීයා කෙනකු ද වන 78 හැවිරිදි ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වන වයස්ගතම ජනාධිපතිවරයාය. කමලා හැරිස් දිවුරුම් දුන්නේ බයිඩන්ට පෙරය.
ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට කාන්තාවක් පත්වුණු පළමු අවස්ථාව මැයයි. කමලා හැරිස් දිවුරුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය සෝනියා සොටොමෙයර් ඉදිරියේය. ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දුන් පළමු කාන්තාව පමණක් නොව, එම ධුරයේ දිවුරුම් දෙන සුදු ජාතිකයකු නොවන තැනැත්තා වන්නේ ද 56 හැවිරිදි කමලා හැරිස් ය.
හැරිස්ගේ මව දකුණු ඉන්දියානුවකු වන අතර, පියා ජැමෙයිකා ජාතිකයෙකි. කමලා හැරිස් විවාහ වී සිටින්නේ නීතීඥවරයකු වන ඩග් එම් හොෆ් සමඟය. ඩග් එම් හොෆ් සහ ඔහුගේ කලින් විවාහයේ පුතු ද දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූහ. කමලා හැරිස්, ඩග් එම් හොෆ් සමඟ විවාහ වී ඇත්තේ හොෆ් සිය පළමු බිරියගෙන් දික්කසාද වී සිටිද්දීය.
ට්‍රම්ප් සහභාගී නොවුණත්, ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම ධුරයෙන් සමුගන්නා උප ජනාධිපති මයික් පෙන්ස් බයිඩන්ගේ දිවුරුම් දීමේ උලෙළට සහභාගී වී, බයිඩන්ට සහ කමලා හැරිස් ට සුබ පැතුවේය. දිවුරුම්දීමේ උළෙල පැවැත්වීමට පෙර, 20 වැනිදා උදෑසන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ධවල මන්දිරයට සමුදී පිටව ගියහ. ජනාධිපති ට්‍රම්ප් ධුරයට සමු දෙන්නේ අකමැත්තෙනි. ඒ, ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ඔහු තවමත් ප්‍රතික්ෂේප කරන බැවිනි. දිවුරුම් දී ධවල මන්දිරයට ගිය බයිඩන්ට ට‍්‍රම්ප් විසින් ඔහුගේ නමට ලියා තැබූ ලිපියක් ද කියවීමට ලැබුණි. ද්වේශසහගත කිසිවක් එහි නොතිබුණු බව බයිඩන් පවසා ඇත.
ලුසිත ජයමාන්න්
සී.එන්.එන්. ඇසුරිනි
“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක
පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට
මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර
මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද
සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා
සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකාවේ නව ජනපති දිවුරුම් දී වැඩ අරඹයි