IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලවරණය කොයිබටද

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තනතුර සඳහා මෙවර වෙනදාට වැඩි සියුම් තරගයක් ඇතිවෙන ලකුණු දැන් පටන්ම අසන්නට, දකින්නට ලැබේ.

අතීත රජ දවසේ සිට, රජ අණින් - බුදු රජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ හා සබැඳි ඓතිහාසික උරුමය සහ ගිහි භාරකාරීත්වය හිමිව තිබෙනුයේ දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුර හොබවන තැනැත්තාට ය.  

සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයන්හි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ පැවිදි භාරකාරත්වයට පත්ව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කර තිබෙන පූජනීය වන්දනීය වාම ශ්‍රී දළදා වහන්සේගේ එකී පැවිදි භාරකාරත්වයට අමතරව – එම ගිහි භාරකාරීත්වය ස්ථාපනය කොට ඇත.  

වත්මන් දියවඩන නිළමේගේ නිල කාලය 2025 වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින අවසන් වීමට නියමිතව ඇත. සක්‍රීය දියවඩන නිළමේවරයෙකු ගේ ධුර කාලය අවසන් වීමත් සමග - එම ධුරයට සුදුසු නව දියවඩන නිළමේවරයෙකු නියමිත පටිපාටියට අනුව තෝරාපත් කරගන්නා තෙක්, එම ධුරයේ වැඩ බැලීම සඳහා වැඩබලන දියවඩන නිළමේවරයෙකු පත් කිරීමේ බලය ඇත්තේ රජයේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ය.

ශ්‍රී දළදා මාළිගාවට නව දියවඩන නිළමේවරයෙකු  තෝරා පත්කර ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අධීක්ෂණය  යටතේ ඡන්ද විමසීමක් සිදු කෙරෙයි. 

මෙහි ඡන්ද හිමිකම - ලංකාවේ දිස්ත්‍රික්ක18 ක් ආවරණය වෙන අයුරින් 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතට අනුව තෝරාගත් ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසකට ද ලැබෙයි. එය අතීත රජ දවසේ ‘දිසාව’ ටද , පසු කලෙක මෙරට ඉංග්‍රීසී පාලනය සමයේ රජයේ ඒජන්ත හෙවත් ‘ගවර්මන්ට් ඒජන්ට්’වරුන්ට ද හිමිව තිබුණි. යථෝක්ත පනතේම 4/01 වගන්තිය යටතේ පාලනය වෙන ලංකාවේ බෞද්ධ සිද්ධස්ථානවල (දේවාල වල) සියලුම ගිහි පැවිදි භාරකරුවන්ට ද දළදා මාළිගාවේ දියවඩන නිළමේ පත් කිරීම සඳහා ඡන්ද බලය හිමි වේ.

එමෙන්ම සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයන්හි මහානායක හිමිපාණන් වහන්සේලාට ද, උන්වහන්සේලාගේ පාර්ශ්වයන්ට අයත් බෞද්ධ සිද්ධස්ථානයන් හි විහාරාධිකාරී හා විහාර භාරකාරත්වය හිමි නායක භික්ෂූන් වහන්සේලාට ද , මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත . 

පෙර පැවති නිලවරණයන්හි ප්‍රතිඵල වාර්තා විමසුමට ලක් කිරීමේ දී, අභිනව දියවඩන නිළමේවරයෙකු ශ්‍රී දළදා මාළිගාවට  පත්කර ගැනීම සඳහා ඡන්ද310ක් 318 ක ප්‍රමාණයක් ලබා ගත යුතුව තිබේ.

දැනට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පරිපාලන කටයුතු, භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ කටයුතු සහ ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හිමිකරගැනීමට, දැනගන්නට ඇති පරිදි අපේක්ෂකයන්  තිදෙනෙකු අතර උණුසුම් තරගකාරීත්වයක් ආරම්භ වී තිබේ. මෙම සටනේ දී විවිධ පුද්ගලයන්, සමාජ මාධ්‍ය ජාලා, දැන්වීම් හා පත්‍රිකා යොදාගනිමින් අපේක්ෂකයන්ට එරෙහිව අපහාසාත්මක මඩ ප්‍රචාර පතුරුවන තත්ත්වයක් ද නිරීක්ෂණය වේ. මෙම සියලු‍ දුස් ප්‍රචාරයන් සංවිධානාත්මක කණ්ඩායම් යොදවා මෙහෙයවෙතැයි,  විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

දැනට දියවඩන නිළමේ ධුරය හොබවන ප්‍රදීප් නිලංග දෑලයන් මෙවර ද  නිළමේ ධුර තරගයට ඉදිරිපත් වී සිටී. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට අනුබද්ධ සිව් මහා දේවාල වූ ඓතිහාසික ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණද, මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ අධිකාරම් වලව්වේ සරත් බණ්ඩාරනායක ද දියවඩන නිළමේ ධූරය අපේක්ෂාවෙන් මෙම නිලවරණයට ඉදිරිපත්වී සිටිති.

මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත්, මහනුවර ඓතිහාසික ශ්‍රී විශ්ණු දේවාලයේ සහ මාවනැල්ල අලුත්නුවර ඓතිහාසික ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ  බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ යන නිලමේවරුන්ගෙන්,  දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුර සඳහා ඉදිරිපත් වෙන්නේදැයි විමසූ විට මෙතෙක් ඒ සම්බන්ධව තමන් තීරණයක් ගෙන නැතැයි පැවසූහ.

තවත් සෘජුව ඉදිරිපත් නොවූ අපේක්ෂකයන් කීප දෙනෙක්, තමන් උඩරට ප්‍රභූ පවුල් පරම්පරාවෙන් පැවත එන සාමාජිකයන් බව පවසමින් දළදා මාළිගාවේ දියවඩන නිළමේ ධූරය සඳහා වූ නිලවරණයට තමන් ඉදිරිපත් වෙන බව පවසති. කෙසේ වෙතත්, දළදා මාළිගාවේ දියවඩන  නිළමේ ධූරය සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයන් එම ධූරය ලබා ගැනීම සඳහා අත දිග හැර මුදල්  වියදම් කිරීමක්  කරන බව නම් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තහවුරු විය. එය සමාජ කතාබහට ද  ලක්ව තිබේ.

මෙම උත්තරීතර ධූරය සඳහා පත්වෙන්නා කවුරුන් වුවත් - සූරාවෙන්,  සූදූවෙන්, දුරාචාරයෙන් මෙන්ම සකලවිධ විෂමාචාරයන්ගෙන් වියුක්ත සාදූ චරිතයක් වියයුතු බව සමාජයේ මෙන්ම බොදුනුවන්ගේ ද පොදු මතය වී තිබේ.

උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශීර්වාදය හිමි ප්‍රභූවරයා කිසිදු බල පෑමකින් තොරව, ඔහුගේ පුණ්‍යවන්ත භාවය ඔස්සේ දළදා වහන්සේගේ නිල ගිහි භාරකාරීත්වය ලබා ගන්නවා නිසැකය.

දළදා මාළිගාවට දියවඩන නිළමේවරයෙකු අභිනවයෙන් පත්කර ගැනීමේ නිලවරණයේ දී ඡන්දය භාවිත කිරීමේ අයිතිය හිමිව ඇත්තේ අතීතයේ සිට පැවත එන සම්ප්‍රදාය අනුව රාජ්‍ය අංශයේ නිලධාරින්ට (ප්‍රාදේශීය ලේකම්වරුන්ට) පමණය. ප්‍රාදේශීය ලේකම්වරියන්ට මෙම ඡන්ද අයිතිය හිමිව නැත. දැනට මෙම ඓතිහාසික තනතුර සඳහා රජයේ කිසිදු බලපෑමක් හෝ දේශපාලන වශයෙන් අත පෙවීමක් හෝ සිදුව නැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ  අනාවරණය විය.

මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලටත් , ඒ ඒ විහාරස්ථාන භාරකාරීත්වයන්ටත් , දේවාලවල බස්නායක නිළමේවරුන්ටත් සිතැඟි පරිදි මෙම නිලවරණයේ දී තමන් කැමති ප්‍රභූවරයෙකුට දියවඩන නිළමේ ලෙස පත්වීමට ඡන්දය ලබාදීමේ අවස්ථාව උදාවෙයි.

ප්‍රබල ව්‍යාපාරිකයන්, ඉඩම් හිමියන්, මැණික් ව්‍යාපාරිකයන්, මහාචාර්යවරුන්, වාහන සේල් ආයතන හිමිකරුවන්, විදෙස් රටවලින් ඖෂධ ආනයනය කරන ව්‍යාපාරිකයන්, තමන්ට අතීතයේ සිට උඩරට රදළ පරම්පරා උරුමයක් ඇතැයි පවසන ප්‍රභූ පවුල්වල සම්බන්ධතාවන් ඇතැයි කියන පුද්ගලයන් සහ ශ්‍රී දළදා සමිඳුන් වහන්සේ මෙරටට වැඩම කර වූ හේමමාලි කුමරියගේ ලේ උරුම ඥාතීත්වයන් ඇති බව පවසන පරපුරෙන් පැවත එන්නන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ධූරයට හිමිකම් ඇතැයි පවසමින් තමන් ද නිලවරණයට  ඉදිරිපත් වෙන බව කියති.

ශ්‍රී දළදා වහන්සේට යම්කිසි ශාසනික මෙහෙවරක් නිසි ලෙස ඉටු කරමින්, දළදා වහන්සේගේ පෞරාණික ආගමික සම්ප්‍රදායන්ට ගරු කරමින්, දළදා මාළිගාවේ භෞතික සංවර්ධනයට දායක වෙමින්, දළදා සමිඳුන්ගේ පූජනීයත්වයට ප්‍රමුඛතාවය ලබාදෙමින්, කටයුතු කළාවූ පුණ්‍යවන්තයෙකුට අප මහා සම්බුදු හිමිපාණන් වහන්සේගේ ජීවමාන වූ  වාම ශ්‍රී දළදා වහන්සේගේ නිල ගිහි භාරකාරත්වය හිමිවෙනු ඇත.

දියවඩන නිළමේ ධුරය සඳහා නිලවරණය ළඟාවීමත් සමග විවිධ පුද්ගලයන් විවිධ සංවිධාන හා ඒකරාශී වී ශ්‍රී දළදා මාළිගාවටත්, නිළමේ අපේක්ෂකයන්ටත්, එකිනෙකාට අපහාස කරගනිමින්, විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීමේ ව්‍යාපාරයක් ද මේ දිනවල සිදු වෙමින් පවතියි. ශ්‍රී දළදා වහන්සේගේ ගිහි නිල භාරකාරත්වය සඳහා සුදුසු චරිතවත් ගුණ ගරුක ශික්ෂාකාමී බොදුනුවෙකු දියවඩන නිළමේ ලෙස දළදා සමිඳුන්ගේ ආශීර්වාදයෙන්ම පත්වේවායි බොදුනුවන්ගේ පැතුමයි.

ජේ.ඒ.එල්. ජයසිංහ

 



අදහස් (0)

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලවරණය කොයිබටද

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

මෙදා සැරේ අවුරුදු සරුද?
2025 අප්‍රේල් මස 16 14 0

අලුත් අවුරුදු කියූ සැණින් අපේ මතකයට එන්නේ අලුත් ඇඳුම් පැලඳුම්. අතේ මිටේ මුදල් තිබුණත් නැතත්, අලුත් ඇඳුමක් තෑගි දෙන්නට අපි හැමෝම කැමතියි. එමෙන්ම අලුත්


සුද්දා දුන්න නිවාඩු දවස් දෙකේ එල්ලිලා අපි තාමත් අවුරුදු කන්නේ
2025 අප්‍රේල් මස 16 19 0

එරබදු මල් රත් පැහැයෙන් එබී බලද්දි, තුරුලතා මල් පලින් බර වෙද්දී, අටුකොටු අස්වැන්නෙන් පිරෙද්දී, බත බුලතින්, කැවිලි පෙවිලි වලින්, අලුත් ඇඳුම් පැලඳුමින් සහ


ඉවත ලන පොල්තෙල්මගින් ට්‍රිලියන ගණනක ආදායමක් !
2025 අප්‍රේල් මස 08 83 0

මානව පරිභෝජනයට නුසුදුසු ලෙස හංවඩු ගැසූ වරක් පිසූ පොල්තෙල් ගැන මෙතෙක් තිබූ නරක ප්‍රතිරූපය වෙනස් කරන ආකාරයේ පරිසර හිතකාමී අපූර්වතම සොයා ගැනීමක් ගැන ඉර


මහවැලි කැලණි බදුලු ඔයේ ජලය පරිභෝජනය භයානකද
2025 අප්‍රේල් මස 06 70 0

ශ්‍රී ලංකාවේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රධාන ජල පෝෂක මේ වෙන විට දූෂණයට ලක් වී තිබේ. එම ජල පෝෂකවල ජලය නිසි පිරිපහදුවකින් තොරව පරිභෝජනය කිරීමට යාමෙ


ශ්‍රී ලංකාවටත් භූකම්පන අවදානමක් තිබේද
2025 අප්‍රේල් මස 06 80 0

මියන්මාරයේ සිදුවූ භූකම්පනය හේතුවෙන් යළිත් වතාවත් භූකම්පන සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබේ. ජපානයට ද භූකම්පන අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් නිකු


තොරතුරු සංරක්ෂණයේ දියුණුව සහ ව්‍යාජ තොරතුරු වාර්තාකරණය
2025 අප්‍රේල් මස 06 15 0

අප ජීවත් වෙන්නේ තොරතුරු වෙත පහසුවෙන් ළඟා විය හැකි සහ ඒ වෙනුවෙන් බහුවිධ ප්‍රවේශ ඇති ලෝකයකය. මීට සියවස් ගණනාවකට පෙර තොරතුරු සන්නිවේදන මාර්ග නොදියුණු මට්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 189 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1079 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site