(චමිලා අල්විස්)

හොරණ බටගොඩ  “සෙනෙහසේ නවාතැන” වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 14 දෙනකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ මහත්මිය සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පැන වූවාය.

ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ගෙවීමට නියම කළාය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ එම වැඩිහිටි නිවාසයේ හිමිකරු වන ඉසුරු අනුෂ්ක පෙරේරා නැමැති පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති අසංක රාජකරුණා මහතා, විත්තිකරු ආයතනය ඉතා නොසැලකිලිමත් අයුරින් පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.