(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

"දේශපාලන වනචරයන්ට මගේ කාලය කන්න දෙන්න එපා" යැයි සභානායක අමාත්‍ය  බිමල් රත්නායක මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (18)  ඉල්ලීමක් කළේය.

"මන්ත්‍රීකම්  විකුණපු මිනිස්සු මෙතන අපිට  බාධා කරනවා. ළඟදී මෙයා සජබ නාගරික මන්ත්‍රීවරයෙකුගෙනුත් ගුටි කෑවා" යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

බිමල් රත්නායක මහතා මෙසේ පැවසූවේ  ඔහුගේ කතාවකට චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් බාධා කළ අවස්ථාවේදීය.