
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ ජනගහනයෙන් සියයට තිහක් එක වේලක් කෑමට පවා නොහැකි අන්ත දුප්පතුන් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී ජේසී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළේය.
අලවතුවල මහතා මෙසේද කීවේය
ජනතාවගේ ජීවත්වීමේ අමාරුව දිනෙන් දිනම වැඩි වෙනවා. රටේ ජනතාව ජීවත් කරවන වැඩපිළිවෙළක් කඩිනමින් ක්රියාත්මක කරන්න.ජනතාවාදී ආණ්ඩුවක් නම් කරන්න ඕන ඒක. ජනතාව ජීවත් කරවන වැඩපිළිවෙලක් රජයට නැහැ. උද්ධමනය සියයට හතෙන් එහාට ගිහිල්ලා තියෙනවා. ජනගහනයෙන් සියයට තිහක් අද ජීවත් වන්නේ ඉතාම අමාරුවෙන්.
රටේ භාණ්ඩ මිල ඉහළ ගිහින්. මේ රටේ බහුතර ජනතාවට එදිනෙදා ජීවිතය ගත කරන්න බැරි තැනට ඇවිල්ල තියෙනවා. බඩු මිල සියයට දෙසීයකින් වැඩිවෙලා.නමුත් ඒ ප්රමාණයෙන් කාගෙවත් පඩිය වැඩි වෙලා නෑ. ආදායම අඩුවෙලා. ජීවන බර වැඩිවෙලා. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවෙලා. නමුත් අපේ ඉන්ධන මිල අඩු කරන්න බැරි වෙලා තියෙනවා. විදුලි ගාස්තුව අඩු කරනවා කියලා තමයි තමුන්නාන්සේලා ආවේ. නමුත් විදුලි මිල විශාල වශයෙන් වැඩි කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd