(සුජිත් හේවාජුලිගේ)

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය

රජයේ නිලධාරියෙකුට විරුද්ධව අධිකරණයකදී අල්ලස් හෝ දූෂණ නඩුවක් නැතිනම් අපරාධ නඩුවක් ගොනුකර තිබෙන අවස්ථාවකදි ඔහුට එම තනතුරේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව ආයතන සංග්‍රහයේ 27(10) හි   සඳහන් වන්නේ යැයි  මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව  අල්ලස්  හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති තත්වය යටතේ  ඔහුට තවදුරටත් කැබිනට්  මණ්ඩලයේ කටයුතු කළ නොහැකි හෙයින්  වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව  ඔහු සඳහන් කළේය.