
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වර්ධනය වන සබඳතාව රුසියාව සහ ඉන්දියාව අතර ඇති දීර්ඝ කාලීන සබඳතාවට බලපෑමක් එල්ල නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා ප්‍රකාශ කළේය.
රුසියාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාව පළුදු කිරීම සඳහා ඇමෙරිකාව දරන උත්සාහය සාර්ථක නොවනු ඇති බවද රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.
ඉන්දියාවට සම්බාධක පනවන බවට එල්ල කරන තර්ජන ඇමෙරිකාවට පාරා වළල්ලක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. ඉන්දියාව අනෙක් රටවල් සමග පවත්වන ද්වී පාර්ශ්වික සබඳතාවලින් රුසියාව සහ ඉන්දියාව අතර පවතින ද්වී පාර්ශ්වික සබඳතාවලට බලපෑම් එල්ල නොවනු ඇතැයිද පුටින් පැවැසුවේය.
ඉන්දියාව රුසියාවට යැපිය හැකි මිතුරෙකු බවද පුටින් ප්‍රකාශ කළේය. ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් පුටින් මෙම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd