(නිමල කොඩිතුවක්කු)

මැතිවරණ සමයේ සේම ඉන් පසුවත් රජය දිගින් දිගටම සංවර්ධන නිලධාරීන් රවටමින් සිටින බව සමගි ජනබලවේගයේ නායක  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරන සංවර්ධන නිලධාරීන් 150,000ක් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් 14,008ක් වෙනුවෙන් තවමත් විසදුම් ලැබී නොමැති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී සංවර්ධන නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ සංවර්ධන නිලධාරී සංගමය සමග පැවැති හමුවකදීය.

රජය මේ පාර්ශ්ව දෙකෙහි ඉල්ලීම් ඉටු කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත් සංවර්ධන නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් අපේක්ෂා කරන සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය.