(යොහාන් භාසුර)

‘සිනොපෙක්’ සමාගම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122 කින් ඉහළ දමා තිබේ.

එම මිල ඉහළ දැමීමත් සමඟ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 487 ක් බවට පත්ව තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398 ක් වන බවත් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 79 කින් ඉහළ දැමීමෙන් පසුව එහි නව මිල රුපියල් 382 ක් බවත් එම සමාගම පසවයි.  

එම සමාගමේ ඉන්ධන නව මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සිනොපෙක් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.