
2026 වසරේ ජනප්‍රියම පුවත්පත් සන්නාමය ඇතුළු සම්මාන හතක් ලංකාදීප පුවත්පත, ‘ඒෂියන් මිරකල්’ (Asian Miracle) සම්මාන උළෙලේදී අද (30) දිනා ගත්තේය.
එම සම්මානය ලංකාදීප සහකාර ප්‍රවෘත්ති කර්තෘ අංජුල මහික වීරරත්න මහතා, එම්.යූ.ජී.පී (MUGP) ජාත්‍යන්තර සංවිධානයේ අධ්‍යක්‍ෂ පුෂ්පකුමාර අලුත්ගේ මහතා අතින් එම සම්මානය ලබා ගත්තේය.
එම්.යූ.ජී.පී ජාත්‍යන්තර සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් මාධව මහතා ද මෙහි සිටී.
වසරේ ජනප්‍රියම පුවත් පතට හිමි සම්මානයට අමතරව වසරේ ජනප්‍රියම සති අග පුවත්පත - ඉරිදා ලංකාදීප සති අග පුවත්පතට හිමි විය.
වසරේ ජනප්‍රියම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘට හිමි සම්මානය ලංකාදීප ප්‍රාදේශීය ප්‍රවාත්ති කර්තෘ නිරෝෂන් ගොඩැල්ලගේ හිමි කර ගත්තේය.
වසරේ ජනප්‍රියම ඡායාරූප මාධ්‍යවේදියා ලෙස ලහිරු හර්ෂණ තේරි පත් විය. වසරේ ජනප්‍රියම සිනමා පිටුවට හිමි සම්මානය ලංකාදීප විශේෂංග කර්තෘ සමන්ත යහම්පත්, වසරේ කැපී පෙනෙන පුවත්පත් මාධ්‍යවේදියා හිමි සම්මානය ලංකාදීප සහකාර ප්‍රවෘත්ති කර්තෘ යොහාන් බාසුර හිමි කර ගත් අතර වසරේ ජනප්‍රියම වෙබ් කර්තෘට හිමි සම්මානය ලංකාදීප ප්‍රාදේශීය සම කර්තෘ, අරුණ .එස් කුමාර හිමි කර ගත්තේය.
ඡායා සුමුදු හේවාපතිරණ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd