
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය හෙවත් ‘ඇක්පෝ එස්එල්’ ආයතනය ‘කර්තෘභාග’ යැයි පවසමින් අසාධාරණ ලෙස මුදල් අයකිරීමට එරෙහිව සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වර්තමාන ආණ්ඩුව යටතේ එම ආයතනයට ලැබී ඇති නීතිමය තත්වය පිළිබඳව ජනාධිපතිවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා මැදිහතත්විය යුතු බවත් සමස්ත ලංකා ප්‍රසංග සංවිධායකවරුන්ගේ සහ සම්බන්ධීකාරවරුන්ගේ සංගමයේ සභාපති සම්පත් කුමාරසිංහ මහතා අද (12) පැවසීය.
‘ඇක්පෝ එස්එල්’ ආයතනය සංගීත ප්‍රසංග වෙනුවෙන් විශාල මුදලක් අයකිරීම හේතුවෙන් පැනනගී ඇති ගැටලුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා බොරැල්ලේදී අද (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සම්පත් කුමාරසිංහ මහතා එසේ පැවසීය.
මෙවැනි ආයතනයකට ගැසට් පත්‍රයක් හරහා බලයදීමේදී සංගීත ක්ෂේත්රයේ සෙසු ආයතන සහ පුද්ගලයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. අදාල ගැසට් නිවේදනය අවලංගු කරන තෙක් සටන්කරන අතර රජය මැදිහත්වී මෙම ගැටලුව විසදන ලෙස ඉල්ලා සිටිනවා.
‘ඇක්පෝ එස්එල්’ ආයතනයට බලය පවරා වෙළෙඳ අමාත්‍යංශය පසුගිය ජූනි මස 6 වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව මෙරට ජනතාවට බස් රථයක හෝ ගීතයක රසවිදීමේ අවස්ථාව ඉදිරියේදී අහිමිවන බව කී කුමාරසිංහ මහතා ඒ හේතුවෙන් රජය මැදිහත්වී මෙම ගැටලුවට විසදුමක් දියයුතුයි.
සංගීත ප්‍රසංග සංවිධානය කිරීමේදී පළාත් පාලන ආයතන ගාස්තු, පොලිසියට ගෙවීම් සහ වෙනත් බදු ඉහළ යෑමෙන් දැඩි අර්බුදයකට පත්ව සිටියදී ‘ඇක්පෝ එස්එල්’ ආයතනය ලක්ෂ ගණනින් ‘කර්තෘභාගය’ යැයි පවසමින් ගාස්තු අය කරන බවත් ‘ඇක්පෝ එස්එල්’ ආයතනය 2020 වසරේ සිට ‘කර්තෘභාගය’ යැයි පවසමින් අයකළ මුදල්වලට වූයේ කුමක්දැයි බලධාරීන් සොයාබැලිය යුතුයා.
මෙරට ගායක ගායිකාවන්ට සංදර්ශන සංවිධාකයන් රුපියල් 25,000 සිට ලක්ෂ 20 දක්වා සංගීත සංදර්ශනයක් වෙනුවෙන් ගාස්තු ගෙවන අතර ඒ හේතුවෙන් අදාල තමන් ලබාගන්නා මුදලින් ගායකයා හෝ ගායිකාව ‘කර්තෘභාගය’ ගෙවියයුතු බව කී සම්පත් කුමාරසිංහ මහතා බුද්ධිමය දේපළ කාර්යංශයේ අධ්යක්ෂ ජනරාල්වරියගේ මැදිහත්වීමෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පරිදි ගීත 5 ක් ගායනා කරන ගායකයකු හෝ ගායිකාවක් රුපියල් 50,000 කට අධික මුදලක් ‘කර්තෘභාගය’ ගෙවියයුතු බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd