දකුණු කොරියා හිටපු ජනාධිපති යූන් සුක් යූල්ගේ බිරිඳ වන කිම් කියෝන් ට වසර 7ක සිරදඬුවමක් නියම විය. සෝල් අධිකරණයක් ඇයට මෙම සිරදඬුවම නියම කළේ ඇය අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකාරිය වීමත් සමගය. යූන් සුක් යූල් යනු 2022 සිට 2025 දක්වා දකුණු කොරියාවේ ජනාධිපතිවරයාය.

2024 වසරේ දී සිය අභිමතය පරිදි හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමේ අසාර්ථක උත්සහය හේතුවෙන් හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල් හට ද ඉකුත් පෙබරවාරි මාසයේ දී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ අතර ඔහුට එරෙහිව තවත් චෝදනා රැසකට අදාළව නඩු විභාග වෙමින් පවතී.

යූන් සුක් යූල් ජනාධිපති ධුරය හොබවද්දී, ජනාධිපති ආර්යාව ලෙස, එම තනතුර අවභාවිත කරමින්, වොන් මිලියන 300කට අධික වටිනාකමින් යුතු ආභරණ ඇතුළු ත්‍යාග අල්ලස් ලෙස ලබාගැනීම ඇතුළු චෝදනා රැසක් යටතේ හිටපු ජනාධිපති ආර්යාවට එරෙහිව නඩුව ගොනු කර තිබුණි.