
(ගයාන් සූරිය ආරච්චි)
මහවෙල ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 6 දෙනෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයුක්තව විශේෂ යතුරුපැදි අංශයේ රාජකාරී කරන නිලධාරියකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් මාතලේ, මහවෙල, කටුගස්තොට, මහනුවර, රත්තොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 35 ත් වයස්වල පසු වන පිරිසකි.
මෙම සාදයට ඇතුළු වීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක මුදලක් අය කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම සාදය සංවිධානය කර තිබූ අතර ඔහු සන්තකයේ තිබී ගංජා මිශ්‍ර මෝදක ග්‍රෑම් 22ක්, හෑෂ් මිලිග්‍රෑම් 620 ක්, මත්ද්‍රව්‍ය සහිත ටැබ්ලට් මිලිග්‍රෑම් 660 ක් පොලිසිය සොයාගෙන ඇත.
එම සාදය පිළිබඳව ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීමෙන් අනතුරුව 40 අධික පිරිසක් එම සාදයට සහභාගි වී සිටි බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆේස්බුක් සාදය වටලා එස් අයි ඇතුළු 6ක් අල්ලයි
ලුම්බිණි Sunday, 02 March 2025 09:24 AM
පව් වැඩේ...
රම්බොඩ Sunday, 02 March 2025 09:33 AM
මෙවැනි දේ නම් නිතරම කළ යුතුයි. නැත්නම් අපේ සමාජය විනාශම වෙලා යනවා. එන එන ඕනෑ දෙයක් බදාගන්න හිස් තරුණ කොටසක් ඉන්නවා දැන්...
Deshabandu Monday, 03 March 2025 09:12 AM
සමාජය සුමඟට ගෙනියන්ඩ දිවුරුම් දීලා තියන එවුන්ම මෙහෙම කරනවා නම් තව මොන කතාද?