
'ෆේස්බුක්' මවු සමාගම, මින් ඉදිරියට 'මෙටා' යනුවෙන් හැඳින්වෙන බවත්, තම සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කරන බවත්, 'වර්චුවල් රියැලටි' තාක්ෂණය ද ඊට එක් කරන බවත් බව 'ෆේස්බුක්' සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
'මෙටා' යන නව සන්නාමයෙන් තම මවු සමාගම මින් ඉදිරියට හැඳින්වුවත්, ෆේස්බුක් සමාජ මාධ්‍යයේ නම එලෙසින්ම පවතිනු ඇති බව ද මාර්ක් සකර්බර්ග් පැවැසීය.
'ෆේස්බුක්' මවු සමාගමට 'ෆේස්බුක්' ඇතුළු තවත් සමාජ මාධ්‍ය ජාලා කීපයක් අයත් වෙයි. ඒවා මාර්ක් සකර්බර්ග් විසින් මිලදී ගෙන ෆේස්බුක් ජාලයට සම්බන්ධ කර ඇත. එම සමාජ මාධ්‍ය ජාලා වන්නේ 'මැසෙන්ජර්', 'වොට්ස්අප්', 'ඉස්ටග්‍රෑම්' ආදියයි. ඊට අමතරව 'වර්චුවල් රියැලටි' තාක්ෂණ මෙවලම් ද ඊට අයත් වෙයි. මින් ඉදිරියට මේ සියල්ල පොදුවේ හැඳින්වෙනු ඇත්තේ 'මෙටා' යනුවෙනි.
'වර්චුවල් රියැලටි' තාක්ෂණ 'මෙටා' සමාගමට ඇතුළත් කෙරෙන්නේ සකර්බර්ග් විසින් මිලදී ගනු ලැබ ඇති 'ඔකලස්' සමාගම හරහාය. මෙමගින් ත්‍රිමාණ තාක්ෂණයෙන් පරිගණක ක්‍රීඩාවලට සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.
'ෆේස්බුක්' සමාගම 'මෙටා' ලෙස වෙනස් වී ඇත්තේ, 'ෆේස්බුක්' සමාගම දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අවස්ථාවකය. ඒ, 'ෆේස්බුක්' සමාජයට හානි කරනවා යැයි 'ෆේස්බුක්' සමාගමේ හිටපු නිලධාරිනියක වන ෆ්‍රාන්ස් හියුජන්ස් ඇමෙරිකන් සෙනෙට් මණ්ඩල විමර්ශන කමිටුවක් හමුවේ පෙන්වා දීමත් සමඟය.
'ෆේස්බුක්' ඇමෙරිකන් සමාජයටත්, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත් 'ෆේස්බුක්' සමාජ ජාලය තරුණ දරුවන්ගේ මනස අවුල් කරන බව ද ෆ්‍රාන්ස් හියුජන්ස් පැහැදිලි කර ඇත. ඒ සාක්ෂි රැසක් ද සමඟය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස් බුක් අයිති සමාගමේ නම වෙනස් වුණාට ෆේස්බුක් නම වෙනස් වෙන්නේ නැහැ නේද?
මෙන්න අවස්ථාව මෙටා බ්ලොක් කරන්න. නොකලොත් දරු පරපුර අනතුරේ ...
ඕක අර ගූගල් සමාගම ඇප්ෆබට් කියලා මව් සමාගමක් හදලා ඒක යටතේ තියෙන සමාගම්වලින් එකක් බවට පත්කළා වගේ වැඩක්..
ඊට වඩා හොඳයි ඕකට "GOSSIP" කියා නම් කළානම්....
හරි...!