
(නිමල කොඩිතුවක්කු)
පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරිම ඇතුළු කරුණු මුල්කර ගනිමින් මන්ත්‍රීවරයාට එරෙහිව ඊයේ(8)පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගය බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබීය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමටත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කෙරිණ.
සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් මුජුබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පුරප්පාඩු මන්ත්‍රි ධුරය සඳහා ෆවුසි මහතා තේරී පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හහ් හහ්.එතකොට මෙයාට පෙර විනය කඩ කලා කියපු රාජිත ට එරෙහි විනය ක්‍රියාමාර්ග තාම රෝල් කරනවා ඇති.
මෙයත් ඩයන වගේ තමයි.
සජබෙන් නොවෙයි රටිනුත් පන්නන්න ඕනේ. අවස්ථාවාදී කාලකන්නි. මොවුන්ගෙන් රටට වැඩක් බලාපොරොත්තු වෙන්නේ කාලකන්නි තමයි...