(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ඉකුත් 10 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවා ඇතැයි එම ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් ගුවන් ගමන් සඳහා ටිකට් පත් මිලදී ගත් ගුවන් මගීන්ට එම මුදල ආපසු ලබා දෙන බවත් ෆ්ලයි ඩුබායි ගුවන් සේවය විද්‍යුත් ලිපියක් මගින් දන්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ෆ්ලයි ඩුබායි ගුවන් සේවය භාවිතා කරන ගුවන් මගීන් අතර ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ ගමනාන්තයක් වී ඇතැයි ප්‍රකාශ කර මාස 3 ක් යන්නට මත්තෙන් නොවැළැක්විය හේතුවක් මත ගුවන් ගමන් නතර කිරීමට සිදුවීම පිළිබඳ කණගාටු වනබව එම ගුවන් සේවය පැවසුවේය.
එතිහාඩ් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර නැතත් එළඹෙන 14 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණ අබුඩාබි වෙත නැවත පියාසර කරන ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්දියාවේ කෝචි ගුවන් තොටුපොළට ගොඩබාන බව එම ගුවන් සේවය නිවේදනය කළේය.
එසේම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව එතිහාඩ් ගුවන් සේවය ප්‍රකාශ කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ෆ්ලයි ඩුබායි ගුවන් ගමන් නවතී