IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ෆ්ලෙක්සිප්‍රින්ට් සමාගමට නැවතත් ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන

ශ්‍රී ලාංකේය ඇසුරුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Flexiprint පෞද්ගලික සමාගම ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා (NBE) 2022 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කාවින්ද රාජපක්ෂ මහතා අතින් Flexiprint සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායම සම්මාන ලබා ගත්හ. 

Flexiprint සමාගම දේශීය සහ විදේශීය තේ වෙළෙඳපොළට අනර්ඝ ප්‍රමිතියෙන් සහ උසස් තත්වයෙන් සපිරි තේ බෑග් ටැග් සහ තේ බෑග් කවර නිෂ්පාදනය කරයි. ෆ්ලෙක්සොග්‍රැපි තාක්ෂණය සහ ජලය සමඟ මිශ්‍ර කර ගත් තීන්ත (Water Base) භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අගනා තේ ඇසුරුම් නිෂ්පාදනය ආරම්භ කළේ Flexiprint සමාගමයි.

1994දී එක් යන්ත්‍රයක් භාවිත කර සේවක සේවිකාවන් 10 දෙනකුගෙන් ඇරැඹූ Flexiprint ආයතනය වර්තමානයේදී යන්ත්‍ර අටකින් සහ 275කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත දෙස් විදෙස් කීර්තිය දිනූ සමාගමකි. ඕනෑම ප්‍රමාණයක ඇණැවුමක් කලට වේලාවට සැපැයීමට අවශ්‍ය විශිෂ්ට තාක්ෂණික දැනුම සමාගම සතුය. තේ බෑග් ටැග්, තේ බෑග් කවර සහ පිරමීඩ හැඩැති තේ කවර ඇතුළු විවිධාකාරයේ තේ ඇසුරුම් රැසක් Flexiprint සමාගමේ නිෂ්පාදන කළඹට අයත් වේ. එක් එක් පාරිභෝගික අවශ්‍යතා වෙන වෙනම හඳුනා ගෙන ඔවුන් අතර මනා සම්බන්ධතාවක් පවත්වමින් සේවා සැපයීම සමාගමේ සුවිශේෂත්වයකි.

“ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අඛණ්ඩ ඇගැයීමකට ලක් වීම අපගේ විශිෂ්ට නිෂ්පාදන සහ සේවා පිළිබඳව පවසන කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාර ක්ෂේත්‍රයක කටයුතු කරන අපි ඉදිරියටත් විශිෂ්ට නිෂ්පාදන ඔස්සේ ජාත්‍යන්තරය ජය ගැනීමට සූදානම්. මේ අවස්ථාවේදී මෙම සුවිශේෂ ජයග්‍රහණයට දායක වුණ අපගේ සේවක මණ්ඩලයට කෘතවේදීත්වය පිරිනමනවා.” කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා පැවසීය.

595



අදහස් (0)

ෆ්ලෙක්සිප්‍රින්ට් සමාගමට නැවතත් ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site