
(අංජුල මහික වීරරත්න)
මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කඩිනමින් වේලාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
මේ අවස්ථාවේ මැගසින් බන්ධනාගාරයේ ඇතිවී තිබෙන තත්ත්වය මත අකිල විරාජ් කාරියවසම් මහතාගේ ජීවිතය අනාරක්ෂිත වී ඇතැයි එජාප මාලේකම්වරිය අදාල ලිපියෙන් සඳහන් කරයි.
මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් වී සිටින අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විට සිටින්නේ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ භාරයේ වන හෙයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාට සහ තමාට කඩිනමින් වේලාවක් ලබාදෙන ලෙස අතුකෝරල මහත්මිය ඉල්ලා සිටින්නීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වහගෙන හිටපන් ගෑනියේ ඇයි අකිල ලොක්කෙක්ද. කරපු වැරදි වලට දඩුවම් විඳිය යුතුයි.
මේ තව උප්පර වැට්ටියකට ලැස්ති වෙන්නෙ ඒත ගෙදරින් ගේ බත් එක ගිලල හොදට ඉන්නව, මේ වැඩේ විරුද්ද පක්්ෂෙ කුමන්ත්රනයක් කියල හොදට තේරෙනව
දැන්තමයි මල්ල බල්ලෙන් එලියට ආවෙ , විපක්ෂෙ එක එකා දැන් හිරකුඩුවට ගාල් වෙනව, මුන් හිරේ ඇතුලෙ කලබල කරල හිරගෙදර අනාරක්ෂිත තැනක් කියල පෙන්නන්න තමයි මෙි ගැටුම් ඇතිකරන්නෙ. අවසානෙ ඔය හැම එකක්ම අසාර්තක වෙනව
රාජපස්ස හොරැන්ගේ ජීවිත අනාරක්ශිත විය හැකි බැවින් හිරේ දැමීමෙන් වලකින්න.
තේරුනේ දැන් තමයි
අකිල විතරද මනුස්සයො??? අනිත් අය ගැන කතාවක් නැද්ද??
ඔව් මොනා නැතත් ස්ස ආරක්සා කරගන්න ඔන රනිල් මහත්තයාගෙ පණ යයි නැත්තං..
අනේ ඔය හොර තක්කඩියට කවුරුවත් හිංසා කරන්නෙ නැ, බය වෙන්න එපා ඒක කරදරයක් නැතිව ඉන්නව
මේ තමයි මෙි විරුද්ධ පක්ෂෙ හොරු රැලේ උපක්රමය. කුඩු කාරයො ,පාතාලයො අල්ලගෙන හිරගේ ඇතුලෙ කලබල ඇති කරල හිරකාරයො , නිලදාරින් ම රල මතයක් ඇතිකරන්න හදනව හිරගෙදර අනාරක්ෂිතයි කියල . දැන් තමයි බලල මල්ලෙන් එලියට පැන්නෙ. කලබල කරන අයට දැඩි දඩුවම් දෙන්න , හමුදාවත් ස්තානගත කරන්න
කිසිම සාකච්චාවක් දෙන්න එපා, කිසිම ජනමතයක් නැති රට කාපු හොරු රැල, හරිනම් තලතයි, වජිරයයි තමුන්ගෙ අඹ යාලුවට කියන්න ඔන තමුන් රජයෙන් පඩි දීල කොල්ලන්ව තමුන්ගෙ පැට්රල් ෂෙඩ් එකේ වඩට දාපු එක කැතයි හලෝ්කියල
ඇයි මෙයා විතරද මනුස්සයකුට ඉන්නෙ අනිත් අය සත්තුද. පුදුම කතාවක් නේ මේක. මේ කට්ටියවත් ඇතුල්ස්ට අරින්න අකිලගෙ තනියට. වැරදි වැඩ කරලා හිරේ ගියාම විදේශයෙන් දේශපාලුවෝ. පරිස්සම් වෙන්න වෙනවා. ජනතාවග්ර් මුදලින් යැපිලා. ජනතාවගෙන් කප්පම් කාලා ගියාට පස්සෙ. ඉක්මනින් එලියට ගන්නද. අනේ පාඩුවේ ඉන්න
ඉතින් ඔයාලගේ අයමනේ බන්ධනාගාර ඇතුළේ කලබලය ඇතිකරන්නේ.