
(අංජුල මහික වීරරත්න)
මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවීම සදහා පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී බාර දුන්නේය.
එම කමිටුවේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රමුඛ කමිටු නියෝජිතයෝ මීට සහභාගී වූහ.
පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා සඳහා ඖෂධවේදී කාර්ය මණ්ඩලයේ හිඟයක් මෙන් ම එම ක්ෂේත්‍රයේ ඍජුව බලපානු ලබන ගැටළු රාශියක් පවතින බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කරුණු වාර්තා වීමත් සමග ඒ ගැන සොයා බලා සුදුසු නිර්දේශ සහිත වාර්තාවත් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී තිබිණි.
ඒ අනූව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කෙරිණි.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
prasanna Thursday, 24 April 2025 12:15 PM
පිස්සු පූසා කාටූන් එක නැවත පෙන්වනවා.