(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අරගලය අවසන් නැති බවත් අරගලය අවසන් යැයි සිතා දේශපාලඥයන් ආතල් ගැනීමට නොසිතිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මර්දනය හමුවේ අරගලය මර්දනය වුවත් එහි සංකල්පය අවසන් නැතැයිද හෙතෙම සඳහන් කළේය.
අරගලය ප්‍රතිසංවිධානය විය යුතු බවත් ඊට කාලයක් ගතවනු ඇති බවත් ෆොන්සේකා මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.
අරගලයේ දරුවන් මේ රට නිවැරදි මාර්ගයට ගැනීමට උත්සාහ දැරූ බවත් රටේ සියලු දෙනා ඒ දරුවන්ට හැකි සෑම අවස්ථාවකම උදව් උපකාර කළ යුතු බවත් ඔහු පැවසුවේය.
දරුවන්ගෙන් පළිගන්න එපා යැයි තමා ජනාධිපතිවරයාගෙන් මහත් ඕනෑකමින් ඉල්ලීමක් කරන බව පැවසූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හදිසි නීතිය ට මුවා වී දරුවන් නිකරුණේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතු බවද සඳහන් කළේය.
ජනාධිපති මන්දිරයෙන් පැපොල් කෑල්ලක් කාපු දරුවනුත් අද අත්අඩංගුවට ගන්නා බවට ඔහු චෝදනා කළේය.
මේ රටේ අනාගතය විනාශ කළේ රාජපක්ෂවරුන් බවත් විදේශ රටවල තැන්පත් කර ඇති මෙරට දූෂිත දේශපාලඥයන්ගේ දේපළ රටට නැවත ගෙන්වා ගැනීමට පාලකයන් කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
අද රටේ පෝලිම් නැත්තේ තෙල් නැති නිසා බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොන්දේ අමාරුවක් කියලා මහජන මුදලින් කොටි ගානක් දීලා ඉස්තරම්ම බෙන්ස් රථයක ගෙන්වා ගත්තු බව අරගලකාරයින් දන්නේ නැද්ද? සභාපති කෙනෙකුට වාහන කුලිය ලැබෙන්නේ 135000ක් පමණ මෙයාගේ බිරිඳ සභාපති වෙලා 275000 කුලියට වාහන ගත්තු බව අරගල කාරයින් දන්නේ නැද්ද? යුද්ධය කාලේ ආයුධ ගෙන්වීම බෑනාගේ කොම්පැණියෙන් කළබව අරගල කාරයින් දන්නේ නැද්ද? මේ ගොයියා දැන් හදන්නේ අරගලකාරයින්ට එකතුවෙලා තව අංචියක් අඳින්න...
යන විදියට කවදහරි මේ ගොයියා නවතින්නේ අංගොඩ.
ඔබ රටට ආදර්ශවත් විය යුතු පුද්ගලයෙකි. ඔබ අද ඔය කියන වචන යුධ කාලයේ කීවානම් රටට වෙන දෙය ගැන කුමන කතාද...?? ඔබ ඔය සඳහන් කල "" අරගලය "" කියන වචනය වෙනුවට "" කොටි ""යන වචනය එතැනට උපමා කරලා බලන්න..! එවිට මෙසේ ලියවේ... මර්දනය හමුවේ "කොටි".... මර්දනය වුවත් එහි සංකල්පය අවසන් නැතැයිද හෙතෙම සඳහන් කළේය. "කොටි".... ප්‍රතිසංවිධානය විය යුතු බවත් ඊට කාලයක් ගතවනු ඇති බවත් ෆොන්සේකා මහතා පැවසීය. ඔබ ඔභොම කියනකොට එදා ඔබට තරු පැළඳූ අයම අද හරියට දුක්වෙනවා ඇති. !!
මෙයා 2010 ප්‍රතිඵල එන්න කලින් ජනාධිපති වෙලා මෙහෙම වුණා විකාරෙන් දොඩවනව. දැනුත් උණ තදවෙලා.
මේ මමත්වයෙන් සහ පලිගැනීමේ චේතනාව පමනක් සිතේ දරා ගත් තවත් බලලෝභී කතා කියන පාර්ලිමේන්තු පංචස්කන්ධයක් පමණයි.
මෙයත් කුණු හොයන කුණු කන ජරා ගොඩක්.
වෙල් විදානෙට දැන් පිස්සු හොඳටම තදවෙලා බව පේනවා. කරුණාකරල මානසික වෛද්‍ය වරයෙක් ඉන්නවානම් මේ මනුෂ්‍යයාට උදව් කරන්න. දරුවෝ කාගේද දන්නේ නැහැ. යුධ සමයේ ත් එල්.ටි.ටී දරුවෝ මරන්න අණ දුන්නේ මේ මිනිසා එම නිසා වෙල් විදානේ කම හමුවුනා. දැන් මොන දරුවෝ ගැනද මේ කථාකරන්නේ.
මෙයා අගෝස්තු 9 ආණ්ඩුව පෙරලුවාද? මේ දේශපාලුවන් ඔක්කොම පල් හොරු. දැන් කෙරෙන්නෙත් වැරදි වැඩ. මිනිහෙකුට දරුවෙක් අධයාපනය සඳහා රට යවා ගන්න බැහැ. විදේශ මුදල් නැති නිසා. මෙහේ අධ්‍යාපනයක් ද ඇත්තේ නැහැ.
උඩින් රට බේරාගත්තු අවංක මනුස්සයෙකුටනේ වැරැදි කතා කියා තිබෙන්නේ...!
"අරගල" කැපවීම්ය. ඒ මවුබිමේ සුබසිද්ධියටයි. "අල" කරන්නන්, පාවා දෙන්නන් ඒ අතර සිටිය ද ජය ගන්නේ "සැබෑ" අදහසයි. එතෙක් "සැබෑ අරගල" නිම නොවනු ඇත...
අපට තියෙන්නේ ඉතාම කෙටි මතකයක්. මෙතන ලියන හැමටම අමතකයි යුද්ධය දිනුවේ මෙතුමා කියල.
අරගලය ඇතිවුණේ ඇයි කියලා මුලින්ම සොයන්න ඕන. අපේ රටේ නිදහසින් පසුව 1952 ආහාර අරගලත් ජනගහනය වැඩිවීමට සාපේක්ෂව 1971 හා 1988 තරුණ අරගල දෙකක් ඇතිවුණා. මෙයට රටේ අධ්‍යාපනය රජයේ රැකියාව සදහා පමණක් තිබීම හා 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම හේතු වුනා. 1952 හර්තාලයට හේතුවූ ආහාර නිපදවීම ඩඩ්ලි සේනානායක මැතිතුමා හා සිරිමාවෝ මැතිණිය ආරම්භ කලත් එම කාලවල කර්මාන්ත කීපයක් ඇතිකලත් ඒවා ජනගහනයට සාපේක්ෂව රැකියා දීමට ප්‍රමාණවත් නැහැ. ඉංග්‍රීසි නොදන්නා නිසා වැඩිදුර අධ්‍යාපනය අසීරු වුනා. පත්වෙන පාලකයො අතිරික්ත වුනත් රාජ්‍ය සේවය පුරවමින් රැකියා ප්‍රශ්නය යන්තමින් වසා දැම්මා. විශ්ව විද්‍යාල ඇතිකලත් අනාගත ලෝකය සදහා අවශ්‍ය පාඨමාලා ඇතිනොකල අතර පාඨමාලා කාලය ඉතාමත් දීර්ඝ වුනා. දරුවන්ගේ ජීවිත කාලය අවුරුදු 30 ට ආසන්න වෙනතුරු විශ්ව විද්‍යාලයේ ගතකරන්න වුනා.රැකියා නැතිවුණා .විවෘත ආර්ථිකය හා රත්තො තිබුන කර්මාන්ත විනාශ කලා. තව තවත් රැකියා ප්‍රශ්න ඇති වුනා. දේශපාලුවො නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති කලා .මෙම ප්‍රශ්න විසදන තුරු අරගලය නවතන්න බැහැ. පත්වෙන රජයන් මාරු කරමින් කරන්නත් බැහැ. ආත්මාර්ථකාමිත්වය ඉවතලා 225 ම එක්වී රට හැදිය යුතුය.
මෙයත් කෙලව ගන්න හදන්නේ . රටේ දැන් තෙල් තිබෙනවා . ගෑස් තිබෙනවා . මේ රටේ ඔය ටික මීට කලින් කලා නම් ඔය අරගල එන්නේ නැහැ . තමා හිතනවා ට වඩා රට වෙනස් . ජවිපෙට වුනේ ඔය ටික . ආයෙ අරගල එන්නේ නැහැ .
බැංකු හොරුයි පොහොට්ටුවේ හොරුයි රජයෙන් ඉවත් වෙනකම් අපි පාරට බහිනවා!
මෙතන අදහස් දීපු ගොඩක් උගත්තු ෆොන්සේකාට බැනලා අරගල වලට උදව් කරනවා කියලා. ඒත් කම්බ හොරු ටිකක් පාලනය කරන රටේ උන්ට විරුද්ධව මොකක්ද කරන්න ඕන කියලා එකෙක් කියන්නේ නැහැ. "හොරු බව දැන දැනත් වන්දනා කිරීම තරම් වහල්කමක් නැහැ" කියලා මහත්මා ගාන්ධි කියලා තියන එක ඇත්තම තමයි. අපේ රටේ පුරවැසියොවත් නොවන මිනිස්සු රටේ නායකයා කරගෙන අරගත්තා ඇරිල්ල දැක්කනේ. ඒ දවස්වල රනිල්ලා තමයි ලොකුම දූෂිතයා බැංකු හොරා, mcc ගෙනාපු මිනිහා. ඒ ත් දැන් මිනිහා වන්දනා මාන කරනවා, වටේ ඉන්න වෙනකාට හරි බනිනවා.
ඇත්ත කතාව හැබැයි ලංකාවේ ඉන්න වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ.
මේ මිනිහට මොළේ කොලොප්පන්.
ඔහු කියන කතාව හරි. රටට උවනනා වී ඇත්තෙ නව නායකයන්. ජනතාව හිතන්නේ මේ ඉන්න අය රට ගොඩ ගනි කියලද? ජනාධිපති මුලු ජිවිතයම කලේ මොනවාද? කොහොමද රට ණය බරින් මිදෙන්නෙ? අරගලයට ස්තූති වන්න මැරෙන්න කලින් ජනාධිපති වුනා ලේ තැවරුනු අත් සමග.
මෙහෙම ගියොත් මෙයත් පුතාණෝගෙ ගොඩට වැටෙනවා...
You have done your service to the country ... Now retires ...getting useless