(රෝෂන් තුෂාර)
සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය,සභාපති ධුරය, කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සමගි ජන බලවේගය පක්ෂයට නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද(04)නියෝග කළේය.
සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු, සඳුන් විතාන මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු ට පසුගිය 19 දින නිකුත් කළ වාරණය මෙසේ දීර්ඝ කෙරිණි.
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එක් කර ගැනීම එරෙහිව පැමිණිලිකාර සරත් ෆොන්සේකා මාතාව විසින් අදහස් පළ කිරීම පදනම් කරගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගි ජන බලවේගය කිව්වට එහි කිසිම සමගියක් නැතුව කටයුතු කරන්න ගිහිල්ලා කරගෙන තියෙන ප්‍රශ්නයක් කියන්න පුළුවන් නැත්නම් පක්ෂයේ සභාපතිට නොදන්වා තීරණ ගන්නෙ නැහැ