
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබෙන (දෙවැනි වර කියවීම) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සළකා බැලිණි.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතා එදින නොපැමිණීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කාරක සභාව පැවැත්විණි.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව මෙහිදී කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසූහ.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත මඟින්, වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, එකී පනතේ විධිවිධාන පරිදි වයස අවුරුදු 16ට වැඩි එහෙත් 18ට අඩු තරුණ අය සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි පනවනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය පන්ලක්ෂය දක්වාවත් වැඩිකල යුතුයි. ඒ වගේම ලමා දූෂකයෙකුට අනිවාර්ය දඩය විසි ලක්ෂයක් කරල, අවම අවුරුදු 20 ක් හිරේ දැමිය යුතුයි.