
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
ළමයින්ව දුෂණය කරනු ලබන වරදකරුවන් දැඩි දඬුවම් ලබා දීමේ පනත් කෙටුම්පතක් මැඩගස්කර් සෙනෙට් සභාව පසුගියදා සම්මත කළේය.නව පනතට අනුව වයස අවුරුදු 17 ට අඩු ළමයින් දූෂණය කරනු ලබන පුද්ගලයන් ශල්‍යකර්මයක් මගින් හෝ රසායනිකව වඳභාවයට පත් කිරීමට නීතියෙන් අවසර හිමිවේ.
එහිදී වයස අවුරුදු 10 ට අඩු ළමුන් දූෂණය කරනු ලබන වරදකරුවන්ගේ වෘෂණ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කරනු ලබයි.එසේම වයස අවුරුදු 10 ත් 13 ත් අතර ළමුන් දූෂණය කරනු ලබන වරදකරුවන් එම ශල්‍යකර්මය මගින් හෝ රසායනිකව වඳභාවයට පත් කරනු ලබන අතර අවුරුදු 14 ත් 17 ත් අතර ළමුන් දුෂණය කරනු ලබන වරදකරුවන් රසායනිකව වඳභාවයට පත් කරනු ලබයි.
මෙම පනත් කෙටුම්පත පසුගිය 2 වැනිදා මැඩගස්කර් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර පසුගිය සතියේදී එම පනත් කෙටුම්පත සෙනෙට් සභාවේදී සම්මත විය.
මෙම නව නීතියට මානවහිමිකම් ක්‍රියාකාරීන්ගෙන් විවේචන එල්ල වී ඇතත් මෙයට විශාල පිරිසක් සහාය දක්වන බවද පැවැසෙයි.සහාය දක්වන පිරිස් පවසන්නේ ළමයින් දුෂණය කරනු ලබන වරදකරුවන් මෙවැනි දැඩි දඬුවමක් ලබා දීම තුළින් ළමයින්ට සිදුවන අපරාධ අඩුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත් මෙම නව නීතිය ක්‍රියාත්මක වීමට නම් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයෙන් අවසරය හිමිවිය යුතු වේ.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමයින්ට හදි කළොත් නහර කපයි
ලසා Tuesday, 13 February 2024 10:47 PM
වහාම එම නීතිය ලංකාවටත් ගේන්න..
fairoos Wednesday, 14 February 2024 11:06 AM
ලංකාවටත් මෙවැනි නීති අවශ්‍යයි