(යොහාන් භාසුර)
අක්‍රමිකතා රැසකට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුළු සේවා අංශයේ ප්‍රධානියෙක් ස්ථාන මාරුකර පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම රෝහලේ සේවකයන් පිරිසක් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
චෝදනා රැසක් එල්ල වී ඇති අදාල නිලධාරියා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට සහ රෝහල් අධ්‍යක්‍ෂවරයාට කීපවරක් පැමිණිලි කළ ද මොනයම් හෝ ආකාරයට එම ක්‍රියාමාර්ග අතරමඟ නවතින බව කියන එම රෝහලේ සේවකයෝ දරුවන් ප්‍රතිකාර ලබන රෝහලක මෙවැනි නිලධාරියෙක් සේවය කිරීම කෙසේවත් සුදුසු නොවන බව ද සඳහන් කරති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේ සේවකයන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවුවහොත් රෝගීන් අපහසුතාවට පත්වන බවත් ඒ හේතුවෙන් මෙම සිද්ධිය නිලධාරී මට්ටමින් විසදීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් සේවකයෝ පවසති.
අදාල නිලධාරියාගේ සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් වීම නිසා අනිවාර්යෙන් එම මෙම සිද්ධිය පිළිබඳව අවධානය යොමුකර තිබිය යුතු බවත් කෙසේ වෙතත් ලේකම්වරයා ලෙසඒ පිළිබඳව සොයා බලන බවත්ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.