
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ළමා නිවාසයක සිටි පාසල් සිසුවියන් තිදෙනෙකු එම ළමා නිවාසයෙන් අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
අධිකරණ මගින් පරිවාස භාරයේ තැබීමට නියෝග කර තිබුණු වයස (17) ක් වන 11 පන්තියේ ඉගෙනුම ලබන හා වයස අවුරුදු(14) ක් වයස වූ වන 09 වන පන්තියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු එම ළමා නිවාසයේ රඳවා සිටියදී අතුරුදහන් වී ඇති බවට එහි ප්‍රධාන පාලිකාව විසින් මාතලේ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු හා මාතලේ හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිවියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආප්ප කන්න හිතිලා ටවුමට ගිහින් වෙන්න ඇති..